[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යා යුතු මඟ

යා යුතු මඟ

උතුම් අය තමන්ගේ ජීවිතය විනාශ වෙතත් බොරු නො කියති. සසර දී බෝසත්වරුන්ගෙන් යම් යම් විට සෙසු වැරැදි කැරෙතත්, කිසි ම විටෙක එතුමෝ බොරුවක් නම් නො කියති.

බොරු නො කීම, ඇත්ත කීම, පාරමිතාවෙකි, එ නම්, බුදුවීමට උපකාර වන හොඳ ගුණයෙකි. ඇත්ත කියන, බොරු නො කියන හොඳ තැනැත්තා බුදු වන උතුමන් ගිය පාරේ යන කෙනෙකි. බෝසත් කෙනෙකි.

සමහරු තමන්ගේ වාසියට බොරු කියති. සමහරු අනුනට ඉරිසියාවෙන් බොරුවෙන් නින්දා කරති. සමහරු කවටකමට බොරු කියති. මේ කොයි හැටියෙකින්වත් බොරු කීම හොඳ නැත. මුල දී සෙල්ලමට, කවටකමට බොරු කියන්නට පුරුදු වුණා ම කලක දී හේ මහ බොරුකාරයෙක්. බොරු සාක්කි කියන්නෙක්. බොරුවෙන් ලොකු විපත්ති සිදු කරන මහා අපරාධකාරයෙක් වන්නේ ය.

දියුණුව පතන්නා ඒ අපරාධකාරි නරක මිනිසුන් ගිය පාරේ යෑම නො වටී. යා යුත්තේ බෝසත්වරුන් ගිය පාරේ ය.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]