[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“දරුව, නුවණත් උත්සාහයත් ඇති කෙනෙකුට පොහොසතෙක් වීමට නම් මේ මී කුණත් ප්‍රමාණවත්”
- චුල්ලසෙට්ඨි ජාතකය

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

ධර්ම දේශනාව:

සිරුර දරකඩකි

සැවැත්නුවර වාසය කළ එක්තරා කුල දරුවෙක් බුදු රදුන් දෙසු බණ අසා පැහැදී පැවිදිව විසිවයස් සපිරෙන සාමණේරවරුන් ලබන මහලු පැවිද්ද ද ලබා ගත්තේය. එයින් පසු ප්‍රකට වූයේ “තිස්ස” තෙරුන් වහන්සේ යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන් වහන්සේ ගේ ශරීරයෙහි මරණයෙන් මිස ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නො හැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේ ය. මුලින් ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී, පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම් ද, නෙල්ලි ගෙඩි තරම් ද අවසානයේ දී බෙලි ගෙඩි තරම් ද විශාලත්වයට පත් විය. ඒවා පැසවා පැළී හිල් වන්නට ද විය. මුළු ශරීරය ම වේයන් විසින් කන ලද පරඬැල් කොළයක් සේ ඉතා කුඩා සිදුරු වලින් යුක්ත විය. එතැන් සිට උන් වහන්සේ “පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ” යැයි ප්‍රසිද්ධ වූ හ. පසුව තවත් දවස් කිහිපයකින් ශරීරයේ ඇට බිඳුණි. එබැවින් බැලීමටත් අපහසු විය. ඇඳීමට හා පෙරවීමට ගන්නා සිවුරු සැරවවලින් හා ලේ වලින් ගැවසී ගත්තේ ය. ශිෂ්‍යයෝත් උන් වහන්සේ දෙස බැලීමට ඇති අපහසුකම නිසා අත්හැර ගිය හ. එබැවින් උන් වහන්සේ කිසිවකු ගේ පිහිටක් නො මැති ව මඤ්චපරායන ව හෙවත් ඇඳට ම සීමා වී වැතිර සිටිය හ. එකල්හි බුදු රදුන්ට ශරීරය කුණු වී ගියත් රහත් වීමට හේතුවන පිනින් අඩු නො වූ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙණුනු සේක. භික්ෂූන් වහන්සේත් සමග එහි වැඩමවා පළමුව රෝගී තෙරුන් වහන්සේ ඇඳ පිටින් ම ඔසවා ගෙන ස්නානය කරන තැනට ගෙන ආහ. සිවුරු සේදීමට දමන ඔරුවක් ගෙන්වා ගෙන උණු වතුර එයට වත් කොට තෙරුන් වහන්සේ පොරවා ගෙන සිටි සිවුරු ඉවත් කළ හ. එම සිවුරු උණු වතුරෙන් සෝදා සැර නැති අවුවක තදින් නො වියළෙන ලෙස දැම්ම වූ සේක.

 

හෙළ ජාතික අභිමානය

ශ්‍රී ලංකා ධරණීතලය අපේ නිජබිමයි. ඉතිහාසයේ සිටම මේ රට බොහෝ ආක්‍රමණයන්ට ගොදුරු වුණා. රට, ජාතිය, ආගම රැක ගන්නට අපේ මුතුන් මිත්තන් බොහෝ කැප කිරීම් කළා. ජීවිත පරිත්‍යාග කළා. එසේ ආරක්ෂා කර දුන් අපේ රට, අපේකම රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ අපටයි. එය පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම පැවරෙන යුතුකමක්. වගකීමක්. කවර හේතුවක් නිසාවත් ඒ යුතුකම්, වගකීම්වලින් මඟ හැර සිටින්නට පුළුවන් කමක් නෑ. අතීතයේ අපේ මාතෘ භූමියට හිමිව තිබුණ තැන මොන වගේ ද? දැන් හිමි වී තිබෙන තැන මොන වගේ ද? මේ පින්වත් දරුවන් ඉන්නේ මොනවගේ තැනක ද? මෙතැනින් ඉදිරියට අප විසින් සිදු කළ යුත්තේ මොනවා ද? මේ ගැන හොඳින් දැනුම්වත් වෙන්නට ඕනෑ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ අපේ මේ පුංචි රටට කියලා අප හැමෝම දන්නවා. ඉන්දියන් සාගරයේ පමණක් නොවෙයි. සප්ත මහා සාගරයේ ම, මේ මුළු මහත් ලෝකයේ ම තිබෙන වටිනා ම රට මේ ලංකා ධරණීතලයයි. දරුවනේ, වෙළඳ ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස මුළු ලෝකයට ම භාවිත කළ හැකි සුදුසු ම ස්ථානය පිහිටා තිබෙන්නේ අපේ රටේ යි. මුහුදු ගමන් මාර්ගවල දී නැව්වලට ඉන්ධන ලබා ගැනීමට, නාවිකයන්ට ගිමන් නිවා ගන්නට පුළුවන් සේද මාවතේ ඉතා ම වැදගත් සන්ධිස්ථානයක තමයි අපේ රට පිහිටා තිබෙන්නේ. දරුවනේ, හෙළයින්ට තිබෙන්නේ ඉතා දිගු ප්‍රෞඪ ඉතිහාසයක්. ඉතිහාසයේ මේ රට අල්ලා ගන්නට, යටත් කර ගන්නට මොන තරම් ආක්‍රමණ සිදු වුණත්, යුද ගැටුම් ඇති වුණත් අපේ මුතුන් මිත්තන් මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්තා. ඒ වගේ ම රට සශ්‍රීක කළා. ඒ හැම දේටම ඔවුන්ට ශක්තියක් වුණේ සම්බුදු දහමයි. සම්බුදු දහමේ ආභාෂයත් සමඟ හෙළ දීපය මහා ශක්ති සම්පන්න වුණා. ලෝකයටම පරමාදර්ශය සපයන රටක් බවට පත්වුණා.

 

ජාතියක උදාරත්වය ලොවට පෙන්වූ බෞද්ධ පිළිවෙත

බුදු දහමේ මූලික අභිමතාර්ථය වන්නේ පුද්ගල සන්තානය තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කිරීමයි. ශෝකය, වැළපීම සමනය කිරීමයි. දුක් දොම්නස ප්‍රහාණය කිරීමයි. ප්‍රඥාවේ පූර්ණත්වයට පමුණුවාලීමයි. අවසානයේ නිර්වාණාවබෝධය සිදු වීමයි. මෙම බෞද්ධ නිර්වාණාගාමී ප්‍රතිපදාවේ ආරම්භක පියවර වන්නේ මිනිසා තුළ මානුෂීය ගුණාංග උද්දීපනය කරමින් සදාචාරා සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීමයි. ඒ සඳහා අදාළ වන ඉගැන්වීම් සමුදායක් බුදු සමය තුළ අන්තර්ගත වේ. නිදසුනක් වශයෙන් මංගල, මෙත්ත, පරාභව, වසල, ව්‍යග්ඝපජ්ජ යනාදී සුත්‍ර දේශනා දැක්විය හැකි ය. පරිපූර්ණ, ගුණගරුක, සදාචාර සම්පන්න පුද්ගලයෙක් බිහි කිරීමට බුද්ධ දේශනාවන් බෙහෙවින් උපකාරී වේ. එම උදාර මානුෂීය ගුණාංගවලින් මිනිසා පරිපූර්ණ වන විට සදාචාර සම්පන්න සමාජයක් බිහි වන බවත්, එම ගුණාංගවලින් දුරස් වන විට සමාජය පිරිහෙන බවත් අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි කර ඇත. කාලයත් සමග පසුගිය සමය වන විට ඇතැම් මිනිසුන් නොමිනිසුන් බවට පත්ව සමාජය විනාශ මුඛයට පමුණුවන නොමිනිස් ක්‍රියා සමාජයේ ව්‍යාප්ත විය. එවැනි පසුබිමක් යටතේ ලෝකය තුළ කොරෝනා නමින් දරුණු වසංගතයක් ඇති විය. කොරෝනා වසංගතය හමුවේ නැවතත් මිනිසත් බව අවදි වන්නට විය. මානුෂීය ගුණාංග යම් පමණට උද්දීපනය වන්නට ද විය. ඒ අනුව පවුල් ඒකකය ශක්තිමත් වීම සිදු විය. දෙමාපියන් දරුවන් සමගියෙන් කටයුතු කරන සමාජයක් දක්නට ලැබුණි. මුදල් පසුපස ලුහු බඳීන සමාජයක, තමා සමග ජීවත් වන අය අමතක කරන සමාජයක් ගොඩනැගී තිබුණු අතර එය යම් පමණකට යටපත් වී දෙමාපියන් දරුවන් පිළිබඳව ද, දරුවන් දෙමාපියන් පිළිබඳව ද සිතන්නට විය. මව්පියන් දරුවන් එක්ව බුදුන් වහන්සේට මල් පහන් පුදමින් තමන්ටත් සෙසු අයටත් මෙත් සිත පතුරුවමින් දවස ගෙවන සමාජයක් දක්නට ලැබුණි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]