[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාවගල කඳු මුදුනට පිවිසෙන සිංහ තොරණ

නාගයින් හඬා වැලපුණු රාවගල

කලින් කල ඇති වූ පරසතුරු ආක්‍රමණ නිසා අපේ වෙහෙර විහාර රැසක් විනාශ වී ගිය බව ඉතිහාසයේ දැක්වෙනවා. එමෙන්ම රාජධානි මාරුවීමත් සමඟම ඇතැම් සිද්ධස්ථාන කෙරෙහි අවධානය යොමු වී නැති බවත් අපට පෙනී යනවා. මේ බොහෝ සිද්ධස්ථාන පසුගිය දශක කිහිපය තුළ සොයා ගෙන ඒවා ප්‍රතිසංස්කරණය කළත් නැඟෙනහිර පළාතේ තවමත් පුරා විද්‍යා ඇස නොගැටුණු බෞද්ධ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් තිබෙනවා. වසර 800කට පමණ පසු කඨින පින්කමක් පැවැත්වූ ‘රාවගල‘ එයින් එක් සිද්ධස්ථානයක්. කාලිංග මාඝ විසින් විනාශ කළ පුදබිමක් ලෙස රාවගල හඳුන්වා දෙන්න පුළුවන්.මේ ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා ඇත්තේ මඩකළපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ මූතූර් නගරයට කිලෝමීටර් 12ක් පමණ මඩකළපුව දෙසට වන්නටයි. මඩකළපුව දෙසට ගමන් කරද්දී මාර්ගය අද්දරම වම් පැත්තේ සිංහ රුව සහිත සුදු පැහැති තොරණකින් හෙබි රාවගල පුදබිම අපට හමුවෙනවා. නැඟෙනහිර පළාතේ හුදකලා වූ එකම, උසම කන්ද මෙය වනවා. කඳු මුදුනට ත්‍රිකුණාමලය වරාය දක්වාත්, අනෙක් පැත්තෙන් සේරුවිල හා ලංකා පටුන දක්වාත් වූ ප්‍රදේශය ඉතා පැහැදිලිව දර්ශනය වනවා. එම නිසා යුද සමයේ ත්‍රස්තවාදීන් විසින් මේ ස්ථානය ඔත්තු බැලීම සඳහා භාවිත කර තිබෙනවා. රාවගල සම්බන්ධ වූ ඓතිහාසික කතාවක් අපට ධාතුවංශයේ දැකගන්නට පුළුවන්.

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]