[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

හෙළ ජාතික අභිමානය

ශ්‍රී ලංකා ධරණීතලය අපේ නිජබිමයි. ඉතිහාසයේ සිටම මේ රට බොහෝ ආක්‍රමණයන්ට ගොදුරු වුණා. රට, ජාතිය, ආගම රැක ගන්නට අපේ මුතුන් මිත්තන් බොහෝ කැප කිරීම් කළා. ජීවිත පරිත්‍යාග කළා. එසේ ආරක්ෂා කර දුන් අපේ රට, අපේකම රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ අපටයි. එය පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම පැවරෙන යුතුකමක්. වගකීමක්. කවර හේතුවක් නිසාවත් ඒ යුතුකම්, වගකීම්වලින් මඟ හැර සිටින්නට පුළුවන් කමක් නෑ. අතීතයේ අපේ මාතෘ භූමියට හිමිව තිබුණ තැන මොන වගේ ද? දැන් හිමි වී තිබෙන තැන මොන වගේ ද? මේ පින්වත් දරුවන් ඉන්නේ මොනවගේ තැනක ද? මෙතැනින් ඉදිරියට අප විසින් සිදු කළ යුත්තේ මොනවා ද? මේ ගැන හොඳින් දැනුම්වත් වෙන්නට ඕනෑ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ අපේ මේ පුංචි රටට කියලා අප හැමෝම දන්නවා. ඉන්දියන් සාගරයේ පමණක් නොවෙයි. සප්ත මහා සාගරයේ ම, මේ මුළු මහත් ලෝකයේ ම තිබෙන වටිනා ම රට මේ ලංකා ධරණීතලයයි. දරුවනේ, වෙළඳ ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස මුළු ලෝකයට ම භාවිත කළ හැකි සුදුසු ම ස්ථානය පිහිටා තිබෙන්නේ අපේ රටේ යි. මුහුදු ගමන් මාර්ගවල දී නැව්වලට ඉන්ධන ලබා ගැනීමට, නාවිකයන්ට ගිමන් නිවා ගන්නට පුළුවන් සේද මාවතේ ඉතා ම වැදගත් සන්ධිස්ථානයක තමයි අපේ රට පිහිටා තිබෙන්නේ. දරුවනේ, හෙළයින්ට තිබෙන්නේ ඉතා දිගු ප්‍රෞඪ ඉතිහාසයක්. ඉතිහාසයේ මේ රට අල්ලා ගන්නට, යටත් කර ගන්නට මොන තරම් ආක්‍රමණ සිදු වුණත්, යුද ගැටුම් ඇති වුණත් අපේ මුතුන් මිත්තන් මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්තා. ඒ වගේ ම රට සශ්‍රීක කළා. ඒ හැම දේටම ඔවුන්ට ශක්තියක් වුණේ සම්බුදු දහමයි. සම්බුදු දහමේ ආභාෂයත් සමඟ හෙළ දීපය මහා ශක්ති සම්පන්න වුණා. ලෝකයටම පරමාදර්ශය සපයන රටක් බවට පත්වුණා.


   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]