[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 භේරිවාද ජාතකය

සිතුවම: සමන් ශ්‍රීකාන්ත

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසෙලාස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

දහම් පාසල් සිසු නිපුණතා පැවැත්වීමේ තීරණය 27 දා

දහම් පාසල් සිසු නිපුණ තා පැවැත්වී,ණ ක‍්‍රමවේදය සම්බන්ධ තීරණය ලබන සඳුදා (27) සිදු කරනු ලබන සාකච්ඡුාවෙන් ලබා ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා බුදුසරණට පැවසීය. පසුගිය වසරේදීද පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා දහම් පාසල් නොපැවැත්වීම නිසා උද්ගත වූ තත්ත්වය මත සිසු නිපුණතා ඇගැයීම් සඳහා ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ඇගැයීමේදී විෂය නිර්දේශයෙන් 40% ක් ද දිස්ත‍්‍රික් ඇගැයීම්වලදී 60% ක් ද සමස්ත ලංකා නිපුණතා සඳහා 80 % ක් ද වශයෙන් ඇගැයීම් සිදු කළ මෙවරද දීර්ඝ කාලයක් දහම් පාසල් නොපැවැත්වීම නිසා සිසු නිපුණතා සම්බන්ධයෙන් දූ දරුවන් අපහසුතාවට පත් නොවන ලෙසින් එම නිපුණතා පැවැත්වීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

ක්‍රෝධය පරදවා සැනසීම ලබන මඟ

එදිනෙදා සතියේ දවස් පහක් හෝ හයක් රැකියාවට ගිය කාන්තාවක් දෙස බලන්න. මේ මාසයකට අධික කාලයක් නිවසටම සිමා වීම නිසා ඇයට ඒකාකාරී බවක් දැනෙනවා. උදේට උයනවා. දවල්ට උයනවා. ?ට උයනවා. කෑම දෙනවා. රෙදි සෝදනවා. මේ ටික පමණයි. අභිධර්මයට අනුව තරහව ක්‍රෝධය එසේ නැතිනම් පළිගැනීමේ සිත කොටස් දෙකකට බෙදෙනවා. එසේ නැතිනම් සිත් දෙකක් ලෙස හැඳින්වෙනවා. ඒ, දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත අසංඛාරික සිත හා දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත සසංඛාරික සිත යනුවෙන්. දෝමනස්ස සහගත බව කියන්නේ තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, පළිිගැනීමක් කියන හැඟීම අන් අය කෙරෙහි ඇති කරන තරහ චේතනාව. පටිඝ කියන්නේ දැඩි බව. ගැටීම. එය ධර්මයේ පෙන්වන්නේ කුළු ගෙඩියකින් කළු ගලකට ගසන්නාක් සේ යනුවෙන්ය. දෝමනස්ස සහගත ව තරහ සිතකින් යුතුව දැඩි බවකින්, තමන් විසින් ම උපදවා ගෙන යම් කෙනෙක් කටයුතු කරයි නම් එතැන වචන දෙකක් තිබෙනවා. විශේෂයෙන්ම අසංඛාරික හා සසංඛාරික කියලා. අසංඛාරික කියන්නේ අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමා විසින් ම ඇති කර ගන්නා සිත.

 

ජීවිතයට නොසැලෙන ප‍්‍රතිපත්තියක් ඕනෑ

කොරෝනා වයිරසයෙන් මේ තහවුරු කරන්නේ මෙතෙක් පැවැති රටාව හොඳ නෑ කියන බවය. නිවසට වී ගෙවන ජීවිතය තමයි හොඳ ජීවිතය කියලා අද අපට සක්සුදක් සේ පැහැදිලි ය. මේ කියන්නේ හොඳ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව ය. කොරෝනා වයිරසය මුළු ලෝකයටම පාඩමක් උගන්වා තිබේ. ඒ මිනිසුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ව නැවත හැරී බලන්නට ය. මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට නවතම මාවතක් තෝරා ගන්නට ය. මේ ව්‍යසනය ලෝකයට ම ගෙන දුන්නේ අඳුරකි. නපුරකි. එසේ වුවද එයින් ඉගෙන ගත හැකි යහපත් කරුණු රාශියකි. අපගේ මාතෘ භූමියෙහි පාලනයක් තිබුණ ද මේ වයිරසය නිසා ලෝකයේ බලවත් රටවල මිනිස්සු දිනකට සිය ගණනින් නොව දහස් ගණනින් මිය යති. මෙයට හේතුව කුමක්ද? මේ භුක්ති විඳිමින් සිටින්නේ මිනිසා අත්තනෝමතික ව, සීමා විරහිත ව, කිසිම ප‍්‍රමාණයකින් තොරව අනුන් ගැන නොසිතා, පරිසරය ගැන නොසිතා කටයුතු කිරීමේ අහිතකර ඵලයන් ය. කොරෝනා වයිරසය පැතිර යන්නට පළමුව ස්වභාවධර්මය අපට විවිධ සලකුණු පෙන්වා දුන්නේ ය. භූමිකම්පා ඇති වුණි. සුනාමි ඇති වුණි. මහා සුළි කුණාටු, නායයාම් ඇති වුණි. ඒ සියල්ලෙන් කියාදුන්නේ අපේ ජීවන පැවැත්ම හොඳ නොවන බව ය.

 

ආර්ථිකයෙන් වැට බැඳුණු සරල ජීවිතය

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ මධ්‍යම ප‍්‍රතිපදාව අනුව කටයුතු කිරීමයි. එහෙත් ලෝකයේ ජනතාවත් අපේ රටේ ජනතාවත් ඒ අනුව කටයුතු කෙළේද යන්න මතුව ඇති ප‍්‍රශ්නයයි. අතීතයේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයට මොකද වුණේ? ඓතිහාසික වශයෙන් විමසා බැලූවහොත් යුරෝපීය රටවල සිදුවුණු වාණිජ විප්ලවය නිසා ඒ අය ලෝකයේ විවිධ වෙනස්කම්වලට භාජනය වුණා. ඒ වගේම ඒ රටවල්වල කෘෂිකාර්මික විප්ලව සිදුවුණා. මේ නිසා නිෂ්පාදන පරිමාණ වෙනස් වුණා. සාමාන්‍ය ගොවීන් තමන්ගේ නිෂ්පාදනවලින් ඈත් වෙලා ඒ අය නගර කරා ගියා. අපේ රටේත් ඒ තත්ත්වයම සිද්ධ වුණා. ලෝකයම කාර්මිකරණය වුණා. ලෝකය එකට ඒකාබද්ධ වුණා. මේ තත්ත්වය තුළ එක එක රටවල ආර්ථිකයත්, ලෝක ආර්ථිකයත්, කැරකෙන වේගයත් නිෂ්පාදන වේගයත් වැඩි වෙන්න පටන් ගත්තා, ඒත් එක්කම පරිභෝජනයත් කැරකෙන්න පටන් ගත්තා. ආර්ථිකය රෝදයක් කිව්වොත් ඒ රෝදය වේගයෙන් කැරකෙන්න ගත්තා. ඒත් මේ අවස්ථාවේදී බුදු දහම විසින් පෙන්වා දී ඇති ආර්ථික ප‍්‍රතිපත්ති එහෙමත් නැත්නම් මැදුම් පිළිවෙතින් ලබා දුන් අය - වැය ක‍්‍රමවේද ගැන කිසිවකු අවධානය යොමු කෙරේ නැහැ. රටක රැකියා උත්පාදනය වන්නේ මේ රෝදය කැරකුණොත් පමණයි කියන සංකල්පය පමණයි අපට වැටහුණේ.

 

නිවැරැදි පරිභෝජනයෙන් යහමඟ සලසා ගනිමු

භාණ්ඩ හා සේවා පමණ ඉක්මවා ලබා ගැනීමට ඇති රුචිකත්වය නිසා ආදායම ඉක්මවා වියදම් කිරීමට සිදුවේ. ණය බරින් පීඩා විදීමට බොහෝ අය පත්වන්නේ මේ හේතුවෙනි. අධික ණය වීම විවිධ සදාචාර විරෝධී ක‍්‍රියාවන්ට පොළොඹවයි." සදාචාර ධර්මයෙන් තොර ආර්ථික ප‍්‍රතිපත්තියක් බුදු දහම එකහෙළාම ප‍්‍රතික්ෂේප කරනු ලබයි. නිෂ්පාදනයේ දී මෙන්ම අලෙවියේ දී ද සාහසිකත්වයෙන් තොරව ධනෝපායනය කළ යුතු ය. යහපත් ජීවන ප‍්‍රතිපත්තියක් හැඳින්වීමේ දී කරුණු පහකින් පාරිභෝගිකයා වංචාවට ලක් නොකළ යුතු ය. එනම් කුහකමින් (කුහනා) අයථා ලෙස භාෂාව උපයෝගී කර ගනිමින් කරනු ලබන වංචා (ලපනා*, විවිධ ඇ`ගවීම් මගින් තැති ගැන්වීම් (නිප්පේසිකතා) සහ ලාභය එකම අරමුණු කරගෙන ක‍්‍රියා කිරීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) යනාදියයි. මෙම කරුණු ශ‍්‍රී ලංකාව තුළ දැනට ඇති වී තිබෙන COVID -19 හෙවත් කොරෝනා වසංගත ආපදා සමය තුළ දී විශේෂයෙන්ම වෙළෙන්දන් විසින් සිහි තබාගත යුතුව පවතියි. ජීවන ප‍්‍රතිපදාව නිවැරදි වීමට ඉහත සාහසික ක‍්‍රියාදාමයන්ගෙන් ඉවත්විය යුතු ය. මිචුම්වලින් කෙරෙන රැවටීම් සහ අගයෙන් අඩු භාණ්ඩ අගයෙන් වැඩි භාණ්ඩ ලෙස පෙන්වීම මගින් පාරිභෝගිකයා මුළා කිරීම් තුළින් ධනය ඉපැයීම සඳහා ඇතැම්හු ප‍්‍රයෝජනයට ගනිති. එයින් පාරිභෝගිකයා කරදරයට පත් කරන මුළාවේ හෙළන, ප‍්‍රමිතීන්ට නොගැළපෙන පිරිස් බුදු දහම පිළිකුල් කරන අතර ඔවුනට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]