[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හදිසි තීරණ ගන්න‍ හොඳ නෑ දරුවනේ

හදිසි තීරණ ගන්න‍ හොඳ නෑ දරුවනේ

"පරිසර විනාශය. සත්ව ඝාතනය. ආදී දුරාචාරයෙන් වැළකී ගෙදර වවන්න පුරුදු වෙන්න. ලද දෙයින් සතුටු වෙන්න."

පින්වත් දරුවනේ, සැවැත් නුවර එක ගෙදරක කුල පුත‍්‍රයෙක් මහණ වෙලා උපසම්පදා වුණා. මෙහෙම මහණ දම් පුරණකොට මහණකම ගැන කලකිරිලා ගෙදර යන්න තීරණය කළා.

ඒ වුණාට, පස්සේ කල්පනා කළා මහණකමෙන් ඉවත් වෙලා යන එක, ශක‍්‍ර දෙවියෙක් වෙලා එම ශක‍්‍ර තනතුරෙන් චුත වෙනවා වගේ වැඩක් කියලා. ඊට වඩා හොඳයි මිය යෑම කියලා මැරෙන්න ක‍්‍රමයක් කල්පනා කරමින් සිටියා.

මේ අතර තුර එක් දවසක් උදෑසන දානය වළඳමින් සිටි හාමුදුරු පිරිසක් මුළුතැන්ගේ සිටි නාගයෙක් අල්ලාගෙන කළයකට දාලා එළියට අරගෙන ගියා. මේ කළය දැක්ක කලකිරුණ හාමුදුරුවෝ ”ඔය මොකක්ද?” කියලා ඇහුවා.

” මේකෙ ඉන්නේ නාගයෙක්” කියලා කිව්වා.

”හොදයි මේ නාගයාට මොකක්ද කරන්නේ” කියලා කලකිරුණ හාමුදුරුවෝ ඇහුවා.

”ඈතකට ගිහින් දානවා” කියලා කිව්වා.

කලකිරුණු හාමුදුරුවෝ කල්පනා කළා, ‘මැරෙන්න මඟක් හොයන මට හොඳ අවස්ථාවක්, මම සර්පයා ඉන්න කළයට අත දාලා දෂ්ට කරගෙන මිය යනවා කියලා’ එහෙම හිතාගෙන ‘‘ඔය කළය මට දෙන්න මම ඈතට ගිහින් දාන්නම් කියලා’’ කළය ඉල්ලා ගත්තා.

ඉතින් දරුවනේ, මේ හාමුදුරුවෝ එක තැනක ඉඳලා කළයට අත දැම්මා. සර්පයා දෂ්ට කරයි කියලා හිතාගෙන. මහ පුදුමයක්, මේ හාමුදුරුවන්ට සර්පයා දෂ්ට කළේ නෑ. කිහිප වතාවක් උත්සාහ කළා. හරිගියේ නෑ. ඊට පස්සේ මූ ‘සර්පයෙක් නොවේ‘ කියලා කළේ කට ඇරලා යන්න හැරියා. විහාරයට වැඩියට පස්සේ අනෙක් හාමුදුරුවරු ඇහුවා ‘සර්පයා දුරකට දැම්මද?’ කියලා. එතකොට කලකිරුණු හාමුදුරුවෝ කියනවා,

‘‘ අනේ ඌ විෂ සර්පයෙක් නෙමෙයි මම කිහිප වතාවක් අත දාලා කවා ගන්න උත්සාහ කළා ඒත් කෑවේ නැහැ. ඒ නිසා අතහැර දැම්මා’’ කියලා. අනෙක් භික්‍ෂූන් කිසිවක් නොකියා හිටියා.

ඒ වගේම දරුවනේ තව දවසක් කෙස් කපන මිනිහෙක් ස්වාමින් වහන්සේලාගේ කෙස් කපන්න ඇවිල්ලා එක් දැලිපිහියක් බිම තියලා අනෙක් දැලිපිහියෙන් කෙස් කපමින් සිටියා. මේ වෙලාවේ කලකිරුණු හාමුදුරුවෝ බිම තිබුණු දැලිපිහිය අරගෙන ‘මේකෙන් මම ගෙල කපාගනිමි’යි කියලා තමන් රැුක්ක සීලය ගැන හිතලා ගෙල සිඳගන්න හදනකොට ජීවිතේ යථා ස්වභාවය සිහි කරලා රහත් බවට පත් වුණා. සැලකිය යුතු වෙලාවක් එතන හිටියෙ නැති මේ හාමුදුරුවෝ කෙස් කපන තැනට ආවා. අනෙක් හිමිවරු කොහේ ගියේ ද කියලා අහනකොට කියනවා මම මේ දැලිපිහිය රැගෙන ගියේ මගේ ගෙල සිඳලන්න නමුත් මම කෙලෙස් සිඳලා රහත් වුණා කියලා කිව්වා.

දරුවන් දන්නවද සර්පයා දෂ්ට නොකෙළේ ඇයි?’ කියලා, ඒ සර්පයා මීට ආත්ම 3කට පෙර මේ හාමුදුරුවන්ගේ සේවකයෙක්. ඒ සෙනහස බැඳීම නිසයි දෂ්ට නොකෙළේ.

මහණ වෙන්න රහත් වෙන්න පින ලැබුණේ පෙර ආත්මයක වසර 20000ක් මහණ දම් පුරපු නිසයි.

දරුවන්ට මේ දිනවල විශේෂයෙන් කියන්න ඕනේ කොරෝනා වයිරසය ගැන. සත්ත්ව මාංශ අනුභවය ඉතා භයානක බව. පරිසරයට වින කිරීම. පරිසර විනාශය. සත්ව ඝාතනය. ආදී දුරාචාර ක‍්‍රියාවල ප‍්‍රතිඵල නේද අපි විඳින්නේ? ගෙදර වවන්න පුරුදු වෙන්න. ලද දෙයින් සතුටු වෙන්න.

සැහැල්ලූවෙන් ජීවත් වෙන්න. පුහු ආටෝප බැහැර කරන්න. සතුන්ට මිනිසුන්ට එකසේ සලකන්න පුරුදු වෙන්න. දහමට නිතර නැඹුරු වෙන්න.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]