[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජීවිතයට නොසැලෙන ප‍්‍රතිපත්තියක් ඕනෑ

කොරෝනා වයිරසයෙන් මේ තහවුරු කරන්නේ මෙතෙක් පැවැති රටාව හොඳ නෑ කියන බවය. නිවසට වී ගෙවන ජීවිතය තමයි හොඳ ජීවිතය කියලා අද අපට සක්සුදක් සේ පැහැදිලි ය. මේ කියන්නේ හොඳ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව ය. කොරෝනා වයිරසය මුළු ලෝකයටම පාඩමක් උගන්වා තිබේ. ඒ මිනිසුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ව නැවත හැරී බලන්නට ය. මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට නවතම මාවතක් තෝරා ගන්නට ය. මේ ව්‍යසනය ලෝකයට ම ගෙන දුන්නේ අඳුරකි. නපුරකි. එසේ වුවද එයින් ඉගෙන ගත හැකි යහපත් කරුණු රාශියකි. අපගේ මාතෘ භූමියෙහි පාලනයක් තිබුණ ද මේ වයිරසය නිසා ලෝකයේ බලවත් රටවල මිනිස්සු දිනකට සිය ගණනින් නොව දහස් ගණනින් මිය යති. මෙයට හේතුව කුමක්ද? මේ භුක්ති විඳිමින් සිටින්නේ මිනිසා අත්තනෝමතික ව, සීමා විරහිත ව, කිසිම ප‍්‍රමාණයකින් තොරව අනුන් ගැන නොසිතා, පරිසරය ගැන නොසිතා කටයුතු කිරීමේ අහිතකර ඵලයන් ය. කොරෝනා වයිරසය පැතිර යන්නට පළමුව ස්වභාවධර්මය අපට විවිධ සලකුණු පෙන්වා දුන්නේ ය. භූමිකම්පා ඇති වුණි. සුනාමි ඇති වුණි. මහා සුළි කුණාටු, නායයාම් ඇති වුණි. ඒ සියල්ලෙන් කියාදුන්නේ අපේ ජීවන පැවැත්ම හොඳ නොවන බව ය. සමහරවිට කරන ක‍්‍රියාවන් ඒ ඒ පුද්ගලයාට හිතකර වන්නට පුළුවන. එහෙත් පරිසරයට අහිතකර ය. ජීවත්වීම කියන්නේ තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන ද සිතන දේ ය. මොකද්ද මේ පරිසරය කියන්නේ? අප හැරුණ විට අපට බාහිරින් ඇති සියල්ල ය. මගේ අවශ්‍යතාවලට සමානව අන් අයටද අවශ්‍යතා ඇත. ඒ පිළිබඳව මෙතෙක් ආ ගමනේ බොහෝ දෙනෙක් කල්පනා කළ බවක් නොපෙනේ. විශේෂයෙන්ම බටහිර ලෝකය තවත් පිරිසක් ගැන කල්පනා කළේම නැත. සමහර වෙලාවට තමන්ගේ කෑම බීම වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කරන විට සමහර ප‍්‍රදේශවල සාමාන්‍ය කෙනෙකුට වේලක් ඇර වේලක් හෝ කුසට අහරක් ලැබුණේ නැත. ඉන්න හිටින්නට තැනක් ඉනට වස්ත‍්‍රයක් නොවී ය. මේ සමාජයේ විශාල පරතරයක් නිර්මාණය වෙමින් ඇත.


 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]