[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භේරිවාද ජාතකය

භේරිවාද ජාතකය

අද කවරයේ සිතුවමින් දැක්වෙන්නේ භේරිවාද ජාතකයයි.

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටින සමයෙහි අකීකරු භික්ෂූන් වහන්සේ නමක් අරභයා දේශනා කළහ. පෙර බරණැස් නුවර බඹදත් රජ සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ බෙර වයන කුලයක ඉපදී සිටියහ. ඒ නුවර නැකැත් කෙළි ප‍්‍රසිද්ධ විය. නැටුම් මඬුවෙහි බෙර වාදනය කොට වස්තුව සපයා ගෙන ඒමට ඔහු සිය පුතු සමඟ එහි ගියහ.

එහිදී ධනය උපයාගෙන ආපසු ගම රට බලා එන්නට විය. ඒ එන අතර මඟ මහා වනාන්තරයකි. පුතුද නිතර බෙර ගසමින් පියා පසුපස එන්නට විය. එසේ නොකොට මඟ යන එන ප‍්‍රධානීන්ට වයන බෙර පද පමණක් ගසන ලෙස පියා නියම කෙළේය. එහෙත් පුතු ඊට අවනත නොවීය. ‘බෙර හඬින් ම හොරුන් පලවා හරිමි’ යැයි කියමින් නොනවත්වාම බෙර වැයී ය. සොරු පැමිණ ඔවුන් දෙදෙනාගේ වස්තුව පැහැර ගත්හ. එවිට බෝධි සත්ත්වයන් වහන්සේ ‘‘බෙර ගැසිය යුතු ය. එහෙත් පමණ ඉක්මවා, නිතර එය නොකළ යුතුය. අපි බෙර වයා කහවණු සියයක් ලැබීමු. නුඹ විසින් නිරන්තරයෙන් බෙර ගසනු ලැබීම නිසා එයද විනාශ විය’’. යැයි පුතුට කීහ.

එකල පුත‍්‍රයා නම් අකීකරු භික්ෂුව ය. පියාණෝ නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම යැයි වදාළ සේක.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]