[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිප්පලී මානවක බුදුරදුන් හමුවීම

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

උතුරු පළාත් බොදු මහා සමුළුව 29 වනදා

උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ අනුශාසනා මත බුද්ධශාසන අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව උතුරු පළාත කේන්ද්‍ර කොටගත් බොදු සමුළුවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් කඩිනමින් සිදු වෙමින් පවතියි. මහානායක ස්වාමීන් වහන්සේලා සහ උතුරු පළාතේ සියලුම බෞද්ධ සිද්ධස්ථානවල සහ බුද්ධ ශාසන, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ දී 2019 මාර්තු මස 29 වන දින දවස පුරා එම සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරයි. මාර්තු මස 29 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් බෞද්ධ සමුළුව වැඩසටහන මෙසේ ය. පෙරවරු 8.15 – 8.35 විහාරස්ථානය වෙත ගරුතර සංඝරත්නය වැඩම කරවීම සහ ආරාධිත අමුත්තන් පිළිගැනීම, විහාරස්ථානයේ මල් පූජා කිරීම, පන්සිල් සමාදන් කිරීම, 08.35 – 08.45 සමුළුව පැවැත්වෙන ශාලාවේ අසුන් ගැනීම සහ අනෙකුත් ආගමික වතාවත් සිදු කිරීම.

 

ධර්ම දේශනාව:

දිරායන ගසක් වැනිය ශරීරය

“අචිරං වතයං කායො
පඨවිං අධි සෙස්සති
ඡුද්ධෝ අපේත විඤ්ඤාණො
නිරත්ථංව කළිංගරං”

“රස ආහාර පාන, සුවඳ විලවුන් ගල්වා පෝෂණය කළ ද මේ ශරීරය වැඩිකල් නොගොස් මරණයට පත් වන්නේ ය. පසුව දිරා ගිය දඬු කඳක් මෙන් පොළොව මත වැටෙන්නේ ය.“  සැවැත් නුවර තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ දරුණු රෝගයකින් පෙළුණා. සිරුර පුරා බිබිළි හට ගත්තා. මේ බිබිළි ටික දිනකින් මුං, කඩල, ඩෙබර, ,නෙල්ලි, බෙලි, තරම් විශාල වුණා. ඇටය, ඇට මිදුළු දක්වා වර්ධනය වුණා. පැසවා සැරව ගලන්න පටන් ගත්තා. මුළු ශරීරය ම වේයන් කන ලද පඬරල් පතක් මෙන් වුණා. මුලින් ‘තිස්ස’ නම් වූ මේ හිමි නම මේ රෝගයෙන් පසු “පූතිගත්ත තිස්ස” නමින් ප්‍රසිද්ධ වුණා.  උන් වහන්සේගේ මේ රෝගී තත්ත්වය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ බැලීමට එහි වැඩම කළා.බුදු රදුන් ගිනිහල් ගෙට ගොස් ලිප් බැඳ වතුර උණු කළා. උන්වහන්සේ වැඩ සිටි ඇඳ තව කිහිප නමක් සමඟින් ඔසවා එළිමහනට ගෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ම දෑතින් පිරිසුදු කරමින් නෑවීම කළා.උන්වහන්සේ පරිහරණය කළ සිවුර,අඳන, ඇඳ ඇතිරිලි, සෝදා වේලා සිවුර පළන්දවා නැවත ඇඳ මත තැම්පත් කළා. පිරිසුදු කිරීමෙන් පසු තෙරුන් වහන්සේගේ වේදනාව පහව ගොස් කායික මානසික සුවයක් ඇති වුණා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මය මාතෘකා කරගෙන උන්වහන්සේට ධර්මය දේශනා කළා. දහම් ශ්‍රවණය කළ තෙරණුවෝ රහත් බවට පත් වී පිරිනිවන් පෑවා.

 

කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර 29 වනදා

කඩවත ශී‍්‍ර සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර මාර්තු 29 වන වන දා රාත්‍රී 8.30 වීදි සංචාරය කිරීම ආරම්භ කෙරේ. විහාරාධිපති මීවලදෙණියේ අමරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම 29 වනදා පස්වරු 6 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ අනුනායක පෑලියගොඩ ගංගාරාමාධිපති ආචාර්ය වල්පොල විමලඤාණ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පැවැත්වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]