[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙලොව යහපත උදාකරන දහම

දෙලොව යහපත උදාකරන දහම

මෙම ලිපියේඑක් කොටසක් මැදින් පුරපසළොස්වක පෝදා (මාර්තු 20 දා) පත්‍රයේ පළවිය.

බුදු දහම යනු ලෝක සාමය උදාකරන, අවිහිංසාවාදී, කරුණාව, ,දයාව ,අනුකම්පාව, මෛත්‍රිය සියලු දෙනාටම පතුරුවන, දෙවි මිනිසුන්ට දෙලොව යහපත උදාකරන දහමක්. සියලු දෙනාටම සාමයෙන්, සමඟියෙන්, සමාදානයෙන් ආගමික සංහිඳියාවෙන් කටයුතු කළ හැකි ශ්‍රේෂ්ඨම දහමක්.

ලාභ සත්කාරවලට නැමෙන මිනිස්සු වගේ නෙමේ ඒ සත්පුරුෂ උත්තමයා. අද සමහරු ඒ උත්තමයාටත් ගර්හා කරනවා. විහිළු කරනවා. හැබැයි ඔවුන්ට තව්තිසාව තිබෙන පළාතෙ යන්න ලැබෙන්නේ නැහැ. සමහර උගත් යැයි සම්මත පුද්ගලයෝ කියනව වළගම්බා රජ සමයේ දී සාගතයක් වුනේ නෑ කියලා. ඔවුන් ඒ සඳහා සමහර සුදුජාතික විචාරකයින් උපයෝගී කර ගන්නවා.

සමහර බොහෝ සුදුජාතික, බටහිර, යුරෝපානු උගත් බුද්ධිමත් අය ඉන්නව බුදු දහම පිළිබඳවත්, ශාසන ඉතිහාසය පිළිබඳවත් සැබෑම අර්ථ විවරණ සපයනවා. ඉහත අර්ථ විවරණය නම් අපගේ රහතන් වහන්සේලාගේ මහා කැපකිරීම යටපත් කරන අයහපත් එකක්. ඒ නිසා ඒ වැරදි මතය අප අනිවාර්යයෙන්ම බැහැර කරන්න ඕනෑ.

සෑම අවස්ථාවක ම බුදු සසුනේ චිරස්ථිතියට රාජ අනුග්‍රහය අවශ්‍ය වුණා. එදා මෙදා තුර අජාසත්ත, කාලාශෝක, ධර්මාශෝක, දේවානම්පියතිස්ස , උත්තිය, මහානාග, යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස, ගාමිණී, අභය ( ගැමුණු) සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු , මහ විජයබාහු, නිශ්ශංකමල්ල, වට්ඨගාමිණී, අභය ආදි රජ දරුවන් ප්‍රධාන රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ අනුග්‍රහය, කැපකිරීම හා දිවි පරදුවට තබා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප බුද්ධ ශාසනය මේ දක්වාම අඛණ්ඩව අවිච්ඡින්නව පවතිනවා. එනමුත් වර්තමානයේ කලින් සඳහන් කළ පරිදි විවිධ චීවරධාරින්ගේ හා ගිහියන්ගේ අත්තනෝමතික අර්ථ විවරන හා ශාසන විරෝධී විනය විරෝධී දේශනා හා අර්ථ කථන තුළින් ත්‍රිපිටක බුද්ධ වචනයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙන බව පෙනෙනවා.

එවන් වකවානුවක දූරදර්ශී ගරුතර මහා සඟරුවනේත්, ගරුතර මහානායක මාහිමිපාණන් වහන්සේලාගේත් අවවාද අනුශාසනා ලබාගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2019 ජනවාරි 05 වැනිදා මාතලේ අලුවිහාරයේදී ම ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම මේ යුගයේ දී බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සිදුකළ උත්කෘෂ්ඨ මෙහෙවරක් ලෙස සඳහන් කරන්න පුළුවන්. අප රටේ රාජ්‍ය නායකයන් ඒ ඒ යුගවලදී තමාගෙන් රටට, දැයට, සමයට සිදුවිය යුතු යුතුකම සිදුකර ඇති යුගයක තමාගේ කාර්යභාරය නිවැරැදි ලෙස හඳුනාගෙන ජනාධිපතිතුමා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සියලු දෙනාම අගය කළ යුතු ශ්‍රේෂ්ඨ කරුණක්.

බුදු දහම යනු ලෝක සාමය උදාකරන, අවිහිංසාවාදී බව, කරුණාව, ,දයාව ,අනුකම්පාව, මෛත්‍රිය සියලු දෙනාටම පතුරුවන, දෙවි මිනිසුන්ට දෙලොව යහපත උදාකරන දහමක්. සියලු දෙනාටම සාමයෙන්, සමඟියෙන්, සමාදානයෙන් ආගමික සංහිඳියාවෙන් කටයුතු කළ හැකි ශ්‍රේෂ්ඨම දහමක්. සියලු ලෝ වැසි ජනතාවටම සියලු ජාතීන්ටම, සියලු ආගමිකයන්ටම යහපත්ව ජීවත්වීමටත්, සතා සීපාවාට, ගහට කොළට පවා ආරක්ෂාව සැලසෙන උතුම් දහමක් බුදු දහම කියන්නේ. ඒ නිසා ඒ උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයේ සිට ලෝක උරුමකම් දක්වා ස්ථාපිත කර ගැනීම අප සියලු දෙනාගේ ම වගකීමක්.

ඒ සඳහා ජනාධිපතිතුමා ඇතුළු සෑමදෙනාම දරන උත්සාහය තුනුරුවන් සරණින් සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි රැක වරණින් සඵල වේවා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]