[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දිරායන ගසක් වැනිය ශරීරය

“අචිරං වතයං කායො
පඨවිං අධි සෙස්සති
ඡුද්ධෝ අපේත විඤ්ඤාණො
නිරත්ථංව කළිංගරං”

“රස ආහාර පාන, සුවඳ විලවුන් ගල්වා පෝෂණය කළ ද මේ ශරීරය වැඩිකල් නොගොස් මරණයට පත් වන්නේ ය. පසුව දිරා ගිය දඬු කඳක් මෙන් පොළොව මත වැටෙන්නේ ය.“  සැවැත් නුවර තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ දරුණු රෝගයකින් පෙළුණා. සිරුර පුරා බිබිළි හට ගත්තා. මේ බිබිළි ටික දිනකින් මුං, කඩල, ඩෙබර, ,නෙල්ලි, බෙලි, තරම් විශාල වුණා. ඇටය, ඇට මිදුළු දක්වා වර්ධනය වුණා. පැසවා සැරව ගලන්න පටන් ගත්තා. මුළු ශරීරය ම වේයන් කන ලද පඬරල් පතක් මෙන් වුණා. මුලින් ‘තිස්ස’ නම් වූ මේ හිමි නම මේ රෝගයෙන් පසු “පූතිගත්ත තිස්ස” නමින් ප්‍රසිද්ධ වුණා.  උන් වහන්සේගේ මේ රෝගී තත්ත්වය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ බැලීමට එහි වැඩම කළා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]