[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුබද්දාව නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

උඩුබද්දාව නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැති ජනතාවගේ වන්දනාවට නිරාකරණය කෙරේ

හෙළ රජ දවස හෙළ කලාකරුවා කළ විශ්මිත නිර්මාණ තුළින්, අපේ රටේ ප්‍රෞඪත්වය ලොවට ම කියාපායි. එසේ කළ නිර්මාණ අතර අහස්කුස සිප ගන්නා තරම් මහ සෑ රදුන් වහන්සේලා මෙන්ම සිත් පිත් නැති මහ කළුගල්වල කළ මෙත් කරුණා ගුණ පිළිබිඹු කරන අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විශේෂී වේ. හෙළ කලා ශිල්ප ඇතුළු ආගමික නිර්මාණ සහ කෘෂිකාර්මික පරිසරයෙන් රට ස්වයංපෝෂිත කළ මහ වැව් අමුණු ද ඒ අතර ප්‍රධාන තැනක් ගනී.


සඳකඩ සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

රටේ අසිරිය විදහා දැක්වෙන එබඳු සුවිසල් නිර්මාණ කරවා වසර සිය දහස් ගණනක් ගෙවී ගියද, ඒවා අද පවා රටේ ඓතිහාසිකත්වය විදහා දක්වනු ලැබේ. එදා මෙන් අදත් මතුවටත් අපේ රටේ සංස්කෘතිය ලොවට කියාපාන ඓතිහාසික නිර්මාණ අසලට ගිය විට ගතට සිතට දැනෙනුයේ මහත් අස්වැසිල්ලකි.

අතීත මුතුන් මිත්තන් දවස කළ ඒ සුවිසල් නිර්මාණයන් දැක බලා ගන්නට පැවතීම පවා මහත් වාසනාව කි. එදා කළ ඒ නිර්මාණ පිළිබඳ සතුටුවනවා මෙන්ම මෙකල ද අප කළයුතු වටිනා යුතුකමක් ඇත. එනම් මෙකල වෙසෙන අප ද අනාගතයට ද සුරැකිව පවතින මහ නිර්මාණ කළ යුතුව ඇත. ඒ රටේ අනාගතයට ඒකරාශී වන ඓතිහාසික නිර්මාණ වන හෙයිනි.

ස්වාභාවිකව පිහිටි මහ කළුගලක සෙල් පිළිම වහන්සේ නිර්මාණය කිරීම ලෙහෙසු පහසු කරුණක් නොවේ. කුලියාපිටියේ නැවකඩ නිර්මාණය කළ සෙල් පිළිම වහන්සේ අනාගතයෙහි ඓතිහාසික නිර්මාණ අතරට එක්වන මහඟු කටයුත්තකි.

උඩුබද්දාව නැවකඩ සෙල්ගිරි විහාරයට නාත්තන්ඩිය කුලියාපිටිය මාර්ගයේ 17 වන සැතපුම් කණුව අසල සිට කිලෝමීටරයක් දුරින් ද, හලාවත මාදම්පේ කුලියාපිටිය පාරෙන් කිලෝමීටර් 49 වන කණුව අසල සිට කිලෝමීටරයක් දුරින් ද පිහිටා ඇති ගමන් මාර්ගය වේ.

නැවකඩ සෙල්ගිරි විහාරය අසල පිහිටා ඇති වැව නිසාම නැවකඩ ගැන ජනප්‍රවාදයේ සඳහන් වන රසවත් කතා පුවතක් ද වේ. එනම් අටවන වීර පරාක්‍රමබාහු රජතුමන් වෙත පුතුන් දෙපළක් සිටි බව කියැවේ. ඉන් එක් පුත්‍රයෙකු සකල කලා වල්ලභ වන අතර අනෙක් පුත්‍රයා තනිය වල්ලභ ලෙස ජනවහරෙහි පැවසේ. තනිය වල්ලභ කුමරු තනිවැල්ලේ දෙවියන් ලෙස පුදනු ලැබේ. සකල කලා වල්ලභ කුමරුන්ගේ ඇත් පන්තිය ස්නානය කළ ස්ථානය වැව හෙයින් එම වැව නැවකඩ ලෙස ජනප්‍රවාදයේ පවතින බව කියයි. කෙසේ වුවද ඉංගී‍්‍රසි පාලන සමයේ සිට නැවකඩ ව්‍යවහාරයේ පවතී. එම වැව අසල මහා කළුගල් තලාවක පිහිටි විහාරය සෙල් ගිරි විහාරය ලෙස සඳහන් වේ.

එම සෙල්ගිරි විහාරය වසර එකසිය පනහක තරම් අතීතයකට හිමිකම් කියා පානු ලැබේ. මෑත යුගයේ ඉලිප්පදෙණියේ සීවලී නා හිමිපාණන් වහන්සේ සෙල්ගිරි විහාරයේ විහාරාධිපති ධූරය හෙබවූ අතර උන්වහන්සේගෙන් පසු විශ්‍රාමික කථිකාචාර්ය ආලංකුලමේ පේමසිරි ස්වාමීන් වහන්සේ එහි විහාරාධිපති ධූරයට පත් වූහ.

කලක් ඇතැම් විනෝදකාමීන්ගේ සුන්දර ජීවිතවලට තෝතැන්නක් ව පැවැති නැවකඩ ඓතිහාසික ආගමික සිද්ධස්ථානයක් බවට පත්වීමට ගත වූයේ දස වසරකටත් වඩා අඩු කෙටි කාලයකි. සෙල්ගිරි විහාරය ද තරමක් ජරාවාස ව පැවැති අතර වත්මන් විහාරාධිපති ආලංකුලමේ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ගමට දහම් මිහිර බෙදාදෙන කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ දකින බලන අහන හැම දෙනාගේ සිත් පහන් කරවමිනි.

සෙල්ගිරි පුදබිමෙහි පිහිටි මහ කළු ගලෙහි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමේ අදහස පහළ වූයේ ආලංකුලමේ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට ය. උන්වහන්සේගේ එම උදාර අරමුණ මල්ඵල ගැන්වීමට මහත් වෙහෙසක් උත්සාහයක් දැරූහ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා විවිධ නිර්මාණ ශිල්පීන් සොයා වැඩම කළහ. උන්වහන්සේගේ අධිෂ්ඨානය වූයේ හෙළ කලාකරුවාගේ දෑතින් එම ඓතිහාසික නිර්මාණයට මුල පිරීම ය.

මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ අධිපති එච්.ඒ.ඩී. එල්. වික්‍රමසිංහ මහතා දිනක් හමු වී ස්වකීය නිර්මාණ කෙරෙහි ද විමසා බැලූහ. අනතුරුව සිය අදහස් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමෙහි වගකීම ඒ මහතා විසින් භාර ගන්නා ලදී.

2010 සැප්තැම්බර් 24 වන දා සෙල්ගිරි විහාරයේ පිහිටි කළු ගලෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කළහ. එම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ