UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මතු පරපුරකට - අකුරු කරන්නට

සෙවන සදන්නයි - බුදුපුත් මෙහෙවර

 

සියලු චෛතසිකයන්ට සිත මුල් වෙයි. එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදියි. ඒ නිසා ම කිලිටි වූ සිතින් යමක් කීවත්,කළත්, සිතුවත් ඒවා අකුසල් වෙයි. ඒ අකුසල් පසුපස දුක ලුහු බඳියි.  එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදින හෙයින් පහන් වු සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල කුසල් වෙයි. ඒ කුසල් හේතුවෙන් කෙනෙක් පසුපස ලුහු බඳින්නේ සැපත ය. තම සිරුර නොහැර එන සෙවනැල්ල මෙන් උපනුපන් තැන සුවපත් වෙයි. දස මසක් මව්කුස දරා මෙලොවට බිහිවන බිළිඳා මලක් මෙන් මෘදු ය. මෙළොක් ය. බිළිඳා කුඩා කල ගෙවන විට මව්පිය සහෝදරාදීන්ගේ ඇසුරට ද අනතුරුව බාහිර සමාජයේ ද ඇසුරට දිනෙන් දින පත්වෙයි. මනුෂ්‍යයා සුසිරිතට හෝ දුසිරිතට යොමුවීමට සමාජ ඇසුර ද බෙහෙවින් බලපානු ඇත. කලණ මිතුරු ඇසුර ම යහමගට යොමු කරයි. එහෙත් අත්දැකීම් කිසිවක් නොමැති ව නිවසින් සමාජයට යොමුවන දරුවා අයහපතට යොමුකරවා ගැනීමට පහසු වෙයි. ඒ මව්පිය ඔවදන් මනා ලෙස පෙන්වා නොදීමේ හේතුව ද විය හැකි ය. කුඩා දරුවාට හොඳ නරක ඇතුළු මූලික පාඩම් සියල්ල කියා දෙනු ලබන්නේ දයාබර මව්පියවරු විසිනි. අවාසනාවකට මෙන් මව්පියවරු වෙතින් එවන් නිසි ඔවදන් නොලැබුණහොත් දරුවාගේ අනාගතය අනාරක්ෂිත වනු ඇත.

ඉතිරිය»

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]