UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 
 

 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උලෙළ

 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ඇරැයුමෙන් ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නා හිමියන්ගේ මූලාසනයෙන්, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ගිහි පැවිදි විද්වතුන්ගේ උදාරතර සේවාව නිසා ම බෞද්ධ සාහිත්‍ය අඛණ්ඩව පවත්වාගෙන එන්නට හැකියාව ලැබී ඇත. එවන් වූ දීර්ඝ විකාශයක් ඇත්තා වූ බෞද්ධ නිර්මාණවේදීන් ඇගැයීම වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2007 වසරේ දී අවධානය යොමුකරන්නට විය. එවකට මෙන් ම වර්තමානයේ ද සභාපති පදවිය හොබවන ජගත් සුමතිපාල මහතාගේ සංකල්පයක් මත ‘බෞද්ධ සාහිත්‍ය මහෝත්සවය’ ප්‍රථම වරට නිර්මාණය විය.

ඉතිරිය»

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]