UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ගල්කිස්ස බෞද්ධායතනයෙන් ශිෂ්‍යත්ව

ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ගල්කිස්ස බෞද්ධායතනයෙන් ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන හා හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් සිව්වෙනි වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයැදුම්පත් කැඳවා ඇත.

“බුදුසරණ” පුවත්පතෙහි පළ කළ ඉල්ලීමකට අනුව අයැදුම්පත් කැඳවා ආර්ථික අපහසුතා ඇති අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ. පො. ස. උසස් පෙළ හා පිළිගත් උසස් ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට බලාපොරොත්තු වෙයි. දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රුපියල් පන්ලක්ෂ විසි පන්දහසක (රු. 525,000) පරිත්‍යාගයෙන් 2015 වර්ෂයෙහි ආරම්භ කළ ශිෂ්‍යත්ව ප්‍රදානය මඟින් මසකට රු. 2500/- බැගින් රුපියල් තිස්පන්ලක්ෂයක් (රු. 3,500,000) ක් පමණ වැය කොට පළමු වාරයේ දී 86 දෙනෙකුට ද දෙවන වාරයේ 06 දෙනෙකුට ද තෙවන වාරයේ 36 දෙනෙකුට ද වශයෙන් 128 දෙනෙකුට මාස්පතා ආධාර දීමට ක්‍රියා කොට ඇත.

සිව්වෙනි වරට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා දැනට දායක සභාව කටයුතු සංවිධානය කරගෙන යන අතර එම ශිෂ්‍යත්ව බලාපොරොත්තු වන අය. රු. 15/- මුද්දරයක් ඇලවූ, නිවැරැදිව තම නම සහ ලිපිනය ලියූ 9” 4” ප්‍රමාණයේ ලියුම් කවරයක් ලේකම්, බෞද්ධායතන දායක සභාව, වටරප්පල පාර, ගල්කිස්ස යන ලිපිනයට එවීමෙන් ශිෂ්‍යත්ව පාලක සභාව විසින් පිළියෙල කරන ලද අයැදුම්පතක් ලබාගෙන පුරවා එවීමෙන් එම ශිෂ්‍යත්වයක් ඉල්ලුම් කළ හැකි ය. අයැදුම්පත් ලබා ගත හැකි අවසාන දිනය 2018 ඔක්තෝබර් 25 වන දිනය වන අතර ලැබෙන අයැදුම්පත්වලින් ඉතා සුදුසු අය තෝරාගෙන 2019 ජනවාරි මස සිට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව ශිෂ්‍යත්ව අරමුදලේ පාලක සභාවේ ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]