UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිටුවීම ජූලි 24 වනදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රී නාථ ,ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි, යන සිව් මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය මෙම වර්ෂයේ වනාහි කටක රවි විසිහතර භාග වූ චන්ද්‍රමාස ක්‍රමයෙන් නිකිණිමස පුර පෑළවිය නම් තිථිය ලත් සඳුදින ශූද්ධ සුර්යෝදයාදි පැය දෙක (02) පසුවී විනාඩි 25 ට හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් ජූලි 24 වෙනි සඳුදින පෙරවරු (6) හය පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තිබෙන ලද ‘පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන්හි ප්‍රධාන කොට ඇති සියලු විහාරදේවාලයන්හි පූර්වාභිමත්ව ඇසැළ “කප්” සිටුවීම සුභ බව මහනුවර ඇසළ පෙරහර 2017 සම්බන්ධව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත්කර ඇති විස්තර ප්‍රතිකාවෙන් ප්‍රකාශ කර ඇත. එම විස්තරය අනුව ජූලි 29 වෙනි දින කුඹල් පෙරහරද අගෝස්තු 3 වෙනි දින රංදෝලි පෙරහරද අගෝස්තු 7 වෙනි දින දියකැපුම්, පෙරහරද අගෝස්තු 08 වෙනිදින සිරිත් පරිදි දවල්පෙරහරද පැවැත්වේ.

ඉතිරිය»

 

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ඓතිහාසික අනුරපුර ශ්‍රී දළදා මහා පෙරහර විසි එක් (21) වන වරටත් මෙම ජූලි මස (07-08) හත, අට දිනයන් හි අනුරාධපුර පින්බිමේදී අත්‍යාලංකාරයෙන් පැවැත්වේ. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ පෙරහර කමිටුව මගින් මෙය සංවිධානය කරනු ලබයි. නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද යන නා හිමිවරු ප්‍රධාන අටමස්ථානයේ අනිකුත් නා හිමිවරුන්ගේද ආශිර්වාදයෙන් මෙම පෙරහර ජූලි 07 දින පූජානගරය හා ජූලි මස 08 දින නව නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

ඉතිරිය»

 

ඇසළ පොහෝ දින අසිරිය

ඇසළ පුර පසළොස්වක පෝය දින සමස්ත බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් මාලාවකට මුල් වූ නිසාය.  එනම්. සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය සිදුවීම, මංගල ධර්ම දේශනය පැවැත්වීම, මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම ආදියයි.  සිද්ධාර්ථ බෝධිසත්වයෝ පූජනීය මවකගේ කුසෙහි පිළිසඳ ඇත්තේ මෙවන් ඇසළ පොහෝ දිනක දී ය. තුසිත දෙව්ලොව අවසන් භවය ගත කළ උන්වහන්සේ ඉන් චුතව උතුරුසල නැකතින් මව්කුස පිළිසිඳ ගත්හ. බෝසතුන් මහාමායා දේවිය කුස පිළිසිඳ ගත් අවස්ථාවේ සිදු වූ අසිරිමත් සිදුවීම් බුද්ධවංස අටුවාවේ මෙසේ දැක්වේ. දස දහසක් ලෝක ධාතු කම්පාවීම, දෙතිස් පෙර නිමිති පහළ වීම, බෝසත් මවට රාග සිත් පහළ නොවීම, සතරවරම් දෙවිවරු ආරක්ෂාව සැපයීම, මවට රෝගාබාධ පහළ නොවීම, බෝසතුන් වැඩ සිටි මාතෘ ගර්භයේ අන් සත්වයන්ට වාසය කළ නොහැකිවීම, හා දස මසක් කුස තුළ සිට මව සිටගෙන සිටිය දී දරු ප්‍රසූතිය සිදු වීම යනුවෙනි. මෙවැනි සුවිශේෂී ධර්මයන් සිදුවීම බෝධිසත්ව මාතෘධර්මතාව ලෙස අටුවාව විග්‍රහ කරයි. දීඝ නිකායේ මහාපදාන සූත්‍රයට අනුව සියලු බෝසතුන්ට පොදු ධර්මතා රාශියකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලොව ඇති උතුම් සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයයි

"යතොච ඛො මෙ භික්ඛවෙ ඉමෙසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්ඛවෙ සදේවකේ ලෝකේ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො පච්චංඤාසිං ඤාණංච පන මෙ දස්සනං උදපාදී. අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති " සනරාමර ලෝක සිවංකර අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසු බරණැස ඉසිපතන මිගදායේ දී කොණ්ඩඤ්ඤ ආදී පස්වග මහණුන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම උතුම් ධර්මය දේශනා කිරීමෙන් මානව පරපුරට ඇති වූ ශාන්තිය අපමණය. චතුරාර්ය සත්‍ය ධර්මය, මනුලොව පහළවීම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ වග සියලු සත්ත්වයන් දැන ගනීම, ලොව ඇති සියලුම යහගුණ මධ්‍යම ප්‍රතිපදාවට කේන්ද්‍රගතවීම, ප්‍රථමයෙන් කොණ්ඩඤ්ඤ තාපසයාණන් ධර්මය අවබෝධ කර ගැනීම එහීදි ප්‍රධානය.

ඉතිරිය»

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම. සිතුවම - සත්සර ඉලංගසිංහ

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]