UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟරජ මාහිමි 71 වන පෙරහර ඇසළ පෝදා

සඟරජ මාහිමි 71 වන පෙරහර ඇසළ පෝදා

මෙරට පැවිදි උපසම්පදාව යළි පිහිටුවා වදාළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම්වස් මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය කේන්ද්‍රස්ථානය කර ගෙන පවත්වනු ලබන සංඝරාජ මහා පෙරහර මෙවරත් 71 වෙනි වතාවට ඇසළ පුර පසළොස්වක පෝය දින පැවැත්වීමට ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ සහ සංඝරාජ ගුණානුස්මරණ කාන්තා සමිතියේ අනුශාසක මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංඝරාජ සමිතිය විධිවිධාන යොදා ඇත.

එදින සවස 2.00 ට මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරය අභියසදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් වහන්සේ ප්‍රධාන අනුනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංඝ රාජ ගුණ සමරුවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු මහනුවර බෞද්ධ සමිති නියෝජිතයින් ඇතුළු මහනුවර පාසල් ශිෂ්‍යයන් සහභාගිවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමියගේ මෙහෙයවීමෙන් මහනුවර පාසල් ශිෂ්‍ය කලායතනවල සංස්කෘතික කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් සංවිධානය වන සංඝරාජ මාහිමිපාණන්ගේ ප්‍රතිමාව වැඩමවාගත් සංඝරාජ මහා පෙරහර සවස 3.00 ට පමණ මල්වතු මහා විහාරයෙන් මහනුවර වීදි සංචාරය ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇති බව සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ සභාපති එල්.එම්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

සංඝරාජ පෙරහර සම්බන්ධව මුලික සාකච්ඡාවක් සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ උප අනුශාසක මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභාවේ කාරක සභික කැටයාපතනේ පියදස්සි හිමියන් ගේ සහ සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ හා බෞද්ධ සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සංඝරාජ ගුණ සමරුවට පසුදින සංඝරාජ මාහිමිපාණන් ඇතුළු සම්බුද්ධ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් සේවය කර අපවත්වී වදාළ මහා තෙරුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන දානමය මහා පින්කමක් සංඝරාජ ගුණ සමරු සම්මන්ත්‍රණශාලාවේදි සිරිත් පරිදි පැවැත්වීමට සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ ලේකම් සරත් පෙරේරා මහතා ප්‍රධාන සමිතිය විධි විධාන යොදා ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]