ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය
ඉන්දීය අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.....
එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන උත්සවය ඉන්දීය
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (12) පෙරවරුවේ කොළඹ
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආරාධිතයින් විසින් චිරාගත
සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වෙසක් සැමරුම්
උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
ඉතිරිය»
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාප්ති උළෙල ඓතිහාසික දළදා
මාළිගාව පරිශ්‍රයේ දී
ශ්‍රී ලංකාවේදී සැමරුණු 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය ඉකුත් දා
(14) පස්වරුවේ මහනුවර, ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍රයේ දී පැවැත්විණි. උළෙලේ
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්දාරි
මැතිණියයි. ලොවපුරා බෞද්ධ රටවල් 72 ක පමණ විශේෂ නියෝජිතයින් එම උත්සවයට එක්ව සිටි
අතර බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ ලොව පවතින ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන්
ලබාදෙන විසඳුම් ප්‍රායෝගික කර ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන යා යුතු වැඩපිළිවෙළ
ඇතුළත් යෝජනාවලිය වූ මහනුවර ප්‍රකාශනය එළිදැක්වීම ද එහිදී සිදුකෙරිණි.
ඉතිරිය»
ධර්ම දේශනාව: සතර ආකාර උතුම් පැවතුම්
මානුෂීය ධර්ම ලෙස පුරුදු පුහුණු කර ගත හැකි සතර ආකාර උතුම් පැවතුම් ‘සිව් බඹ විහරණ’
ලෙස සම්බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ පැවතුම් අතර ‘මෙත්තා’ හෙවත් මෛත්‍රිය යන්න අපට හුරු
පුරුදු වචනයක්.එහෙත් ,හිතන තරම් පහසුවෙන් පුරුදු පුහුණු කළ නොහැකි ගුණයක්.
මෛත්‍රි ගුණයෙහි ඇල්මක් නෑ. බැඳීමක් නෑ. පිරිසුදුයි. ‘සියලු සත්ත්වයෝ සුවපත්
වේවා!යි කියන විට අපි සියලු සතුන් කෙරෙහි ඇළෙන්නේ නෑ. පේ‍්‍රමයෙන් බැඳීමක් නෑ. එසේ
නොඇළුණු සිතින් අනුන්ගේ සැනසීම ප්‍රාර්ථනා කරන විට අපේ සිතත් සැනසෙනවා. නිරෝගී
වෙනවා.
අන් දුකේදී සිත කම්පාවීම කරුණාවයි. දුකෙන් මුදවා ගැනීමට තිබෙන ඕනෑකමයි. ‘මුදිතා’
නම් මොළොක් බවයි. අනුන්ගේ දියුණුව දැක සතුටුවීමයි. දරුවන් හොඳින් නම්, දියුණු වෙනවා
නම් මවුපියන් තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නෑ.මවක් පියෙක් දරුවෙකුගේ දියුණුව දැක
සතුටු වෙනවා වගේ අන් අයගේ දියුණුවේදීත් මුදිතා ගුණය ඇති කරගන්නට ඕනෑ.
ඉතිරිය»
විශාදය නැතිකර ගැනීමේ මග
බුදුදහමයි
වර්තමාන සමාජයෙහි පවතින ප්‍රශ්න, මනෝසාමාජික ගැටලු,විශේෂයෙන්ම මානසික ජීවිතය පදනම්
කරගෙන හඳුනාගනී. තරුණ වයස් කාණ්ඩය රටක සංවර්ධනයෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන
නිසාම තරුණ ප්‍රජාව රටකට ඉතාම වැදගත් වෙයි. තරුණ වයසෙහිදී බොහෝ සේ අභියෝග ඇතිවෙයි.
විශේෂයෙන්ම අධ්‍යාපනය, රැකියාව, විවාහය, පවුල යන කාරණා තුළ තරුණ වයසෙහිදී අභියෝගවලට
මුහුණ දීමට සිදුවෙයි.
වර්තමාන තරුණ සමාජයෙහි ප්‍රශ්න බොහොමයක් මතුවී ඇති බව දක්නට ලැබෙයි. සියදිවි
නසාගැනීම, මත්වතුර, මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම මිනිස් ඝාතන, සාපරාධ සහ තෘෂ්ණාවට අනවශ්‍ය
පරිදි ඇබ්බැහිකම, පවුල් ජීවිතයෙහි ගැටලුවක් වන විවාහ සංස්ථාව දෙදරා දික්කසාදය දක්වා
ගමන් කිරීම බොහෝ සේ දක්නට ලැබෙයි. වර්තමාන සමාජයෙහි මෙවැනි සිදුවීම් විලාසිතාවක්
බවට පත්ව ඇති බව දක්නට ලැබෙයි. මෙම සියලු කාරණා සඳහා මනෝවිද්‍යාත්මකව සහ බුදු දහමට
අනුව කරුණු තුනක් බලපානු ලබයි. භය, දුක, කෝපය යන කාරණා පළමු, දෙවන, තුන්වන කාරණා
ලෙස සඳහන් කළ හැකි වෙයි. මනෝවිද්‍යාව මෙම කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර සිට
බෞද්ධ දර්ශනය තුළ ඉතාම ගැඹුරින් සාකච්ඡා වෙයි.
ඉතිරිය»
|