UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

විශාදය නැතිකර ගැනීමේ මග බුදුදහමයි

වර්තමාන සමාජයෙහි පවතින ප්‍රශ්න, මනෝසාමාජික ගැටලු,විශේෂයෙන්ම මානසික ජීවිතය පදනම් කරගෙන හඳුනාගනී. තරුණ වයස් කාණ්ඩය රටක සංවර්ධනයෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන නිසාම තරුණ ප්‍රජාව රටකට ඉතාම වැදගත් වෙයි. තරුණ වයසෙහිදී බොහෝ සේ අභියෝග ඇතිවෙයි. විශේෂයෙන්ම අධ්‍යාපනය, රැකියාව, විවාහය, පවුල යන කාරණා තුළ තරුණ වයසෙහිදී අභියෝගවලට මුහුණ දීමට සිදුවෙයි. වර්තමාන තරුණ සමාජයෙහි ප්‍රශ්න බොහොමයක් මතුවී ඇති බව දක්නට ලැබෙයි. සියදිවි නසාගැනීම, මත්වතුර, මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම මිනිස් ඝාතන, සාපරාධ සහ තෘෂ්ණාවට අනවශ්‍ය පරිදි ඇබ්බැහිකම, පවුල් ජීවිතයෙහි ගැටලුවක් වන විවාහ සංස්ථාව දෙදරා දික්කසාදය දක්වා ගමන් කිරීම බොහෝ සේ දක්නට ලැබෙයි. වර්තමාන සමාජයෙහි මෙවැනි සිදුවීම් විලාසිතාවක් බවට පත්ව ඇති බව දක්නට ලැබෙයි. මෙම සියලු කාරණා සඳහා මනෝවිද්‍යාත්මකව සහ බුදු දහමට අනුව කරුණු තුනක් බලපානු ලබයි. භය, දුක, කෝපය යන කාරණා පළමු, දෙවන, තුන්වන කාරණා ලෙස සඳහන් කළ හැකි වෙයි. මනෝවිද්‍යාව මෙම කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර සිට බෞද්ධ දර්ශනය තුළ ඉතාම ගැඹුරින් සාකච්ඡා වෙයි.

ඉතිරිය»

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]