UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරුවරියක වන තිස්පස් වියැති රෂින්තා සඳමාලි මෙනවිය දරුණු වකුගඩු ආබාධයකට ලක්ව දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 21 වැනි වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය වී ඇත්තේ ඇයට ‘ඒ’පොසිටිව් වර්ගයේ හෝ ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

ගම්පහ පදිංචි ඇය ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ප්‍රථම උපාධියද තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ඇත්තීය.

ඇයට පිහිටවීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙත්නම් හැකි ඉක්මනින් 0715265021 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

*****

දඹගහගෙදර යක්විල ලිපිනයෙහි පදිංචි පී.ගාමිණී සරත්චන්ද්‍ර මහතාගේ හෘදය වස්තුවේ කිරීටක ධමනියක අවහිරතා ඇතිවීම හේතුවෙන් ඉක්මනින් ඔහුට හෘද සැත්කමක් සිදු කළ යුතු යැයි මහනුවර මහරෝහලේ හෘද සැත්කම් ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඤාණකාන්තන් මහතා නිර්දේශ කර ඇති බව කියයි. වයස අවු 03 සහ 11 වියේ දරු දෙදෙනෙකුගේ පියෙකු වන ගාමිණි මහතා 49 වන වියේ පසුවන අතර මේ වන විට ඔහුට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි වී තිබේ. මේ නිසා ඔහු පරිත්‍යාගශීලින්ගේ උපකාර බලාපොරොත්තුවෙන් සිටී. දු.ක. අ.0771981418 වෙයි. කුලියාපිටිය සම්පත් බැංකුවේ ගිණුම් අංකය 102357006914 වේ.

*****

දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගියකුට “ඕ” හෝ “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම අවශ්‍ය බැවින් පින් කැමැත්තකු ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කෙරේ.

071-1732289,0777-784015 දුරකතන අංක වේ.

*****

ගම්පල නයාපාන දමගල අංක 34 හි පදිංචි ඒ.ජී. කුමාරි ශාන්තිලතා (42) මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීමට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0715710061 ආනන්ද 0756324563 දුලංජලී වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]