UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වන ලැහැබෙහි නිමැවෙන බුදු සිරිතේ අසිරිය

වන ලැහැබෙහි නිමැවෙන බුදු සිරිතේ අසිරිය

අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි
නා හිමි

වැඩ නිමවෙමින් පවතින ප්‍රාතිහාර්ය විහාර මන්දිරය

කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කම්මට්ඨාන විශාරද ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන් සැදැහැසිත් වඩවන බෞද්ධ කලාවේ ගුණ සුවඳ දසත පතුරුවන්නට පෙළගැසී සිටින ආකාරය බෞද්ධ ජනතාවගේ මතකයෙන් කිසිදා ඈත් නොවේ.

නවතම බෞද්ධ නිර්මාණ කලාවක් දැයට දායාද කළ සද්ධාරංසි නා හිමියෝ අනුරාධපුර පූජනීය පෙදෙසෙහි අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය යන පුදබිම් දෙක ඉදිකොට ඉන් නොනැවතී කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය ද තනවා නිමකොට එම පූජනීය පුදබිම මෙවර ඇසළ සමයේ බෞද්ධ ජනතා අයිතියට පැවරීමට මුලපුරා ඇත.

සසුන් කෙත අස්වැද්දීම වෙනුවෙන් මහා පුදබිම් ත්‍රිත්වයක් නිර්මාණය කළ නාහිමියෝ අනුරාධපුර කොක්කිච්චිය ප්‍රදේශයේ අක්කර දහයක වනගත භූමි භාගයක මෙම පුදබිම නිර්මාණය කර ඇත. නෙල්ලිකුලම පින්බිමේ සිට සැතපුමක් පමණ තන්තිරිමලේ දෙසට ගමන් කරන විට මාර්ගයේ වම්පසින් ශාන්ත සුන්දර වන ලැහැබක් දිස්වෙයි. අක්කර 10 ක් පමණ බිම්කඩ අභ්‍යන්තරයට ප්‍රවේශ වන විට සතර අත විහිදී ගිය අඩිසටහන් හමුවෙයි. මෙම අඩිසටහන් දිගේ ඉදිරියට යනවිට බුදු සිරිතේ ප්‍රාතිහාර්යාත්මක අවස්ථා රැසක් වන වදුලෙහි නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.

ඛේමා බිසවුන් බුදුන් දැකීම, සුභා රහත් තෙරණියගේ කාන්තිමත් දෙනෙත තමාට ලොල් බැඳි තරුණයෙකුට ගලවා දුන් කතා පුවත, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උස් රිටක රැඳවූ සඳුන් පාත්‍රය ප්‍රාතිහාර්ය පාමින් ලබාගත් අවස්ථාවේ බුදුන්වහන්සේ විසින් එබඳු කාර්යයන් සඳහා ප්‍රාතිහාර්යය පෑම තහනම් කළ පුවත දැක්වෙන අපූරු වනගත නිර්මාණය, එක් අවස්ථාවක ගංගානම් ගඟ අසළ දී භික්ෂූන් විසින් විමසූ පැනයකට බුදුන් වහන්සේ පිළිතුරු දුන් අවස්ථාව උප්පලවණ්ණා තෙරණියට අතවර කළ තරුණයෙකු මහා ගිනි ජාලාවක් මැදින් අපාගත වන අයුරු. දෙව්දත් තෙර බුදුන්ගේ හිසට ගලක් පෙරලීම ආදී නිර්මාණ රැසක් නිමකොට ඇති අයුරු වෙසක්, පොසොන් සමයේ බැතිමතුන්ට දැක බලා ගත හැක.

පුදබිම තුළ විශේෂයෙන් දිස්වන්නේ දහසක් බුද්ධ ප්‍රතිමා සහිත ප්‍රාතිහාර්යය දෙමහල් විහාර මන්දිර යයි. මෙහි නිර්මාණ කටයුතු ද බොහෝ දුරට නිමාවට පත්ව ඇත. සද්ධාරංසි නා හිමියන්ගේ එකම බලාපොරොත්තුව ඇසළ සමයේ මෙහි කටයුතු නිමාකොට බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත්කිරීමය.


 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]