UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් මහ බෝ වන්දනාව 21 වැනිදා

මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහ බෝ පෙරහර සහ මහ බෝ වන්දනාව ජනවාරි මස 21 වැනි සෙනසුරාදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්වේ. එම මහා පූජාව සඳහා නන් දෙසින් එන සැදැහවත් ජනතාව සමඟ මහා සංඝ රත්නය ද වැඩම වීමට නියමිතය. මහනුවර කටුගස්තොටින් පෙරවරු හයට පිටත්වන රථ පෙරහරට පොළොන්නරුව, කොළඹ, කුරුණෑගල, අම්පාර, මහියංගණය ආදී ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාව දඹුලු විහාරස්ථානය අසළ දී ඒකාබද්ධ පෙරහරක් වශයෙන් සම්බන්ධ වේ. පස්වරු එකට රුවන්වැලි මහ සෑරදුන් අසළින් පිටත්වී 4.30 ට මහ බෝ වන්දනාව ආරම්භ වෙයි. රටටත්, ජනතාවටත් සෙත් පතා පැවැත්වෙන එම මහ බෝ වන්දනාව සඳහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කෙරේ.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වීම මහා පින්කමක් - වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ වසර දහසකට පසු මිහින්තලා මහ සෑයට ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වීම මහානුභාව සම්පන්න මහා පින්කමක් යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු පාලන අධිකාරියේ අදහසට අනුව කප්රුක් පූජාවක් පසුගිය වසරේ පොසොන් පුර පොහෝ දින සිට සෑම පුර පෝදාකම පැවැත්වීමට තීරණය කරන ලදී. මෙම කප්රුක් පූජා පෙරහරේ අටවන කප්රුක් පූජාව (12දා)ඉබ්බාගමුව පෙරියකඩුනැලව පොත් ගුල් විහාරය, ගලේවෙල චෙත්තියා ශ්‍රී ජය බෝධි විහාරය, අනුරාධපුර පණ්ඩුකාභය පුර තම්මැන්නාගල රජමහා විහාරය යන විහාරයන්හි අධිපති....

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොතැවෙන්නට නොදැවෙන්නට නම්...

පව් කරන්නා සැමවිටම ශෝක කරයි. මෙපමණ කලක් මම අකුසල් ම කළෙමි. කුසල් නොකෙළෙම්’යි ශෝක වෙයි. තවත් කෙනෙක් තමන් කළ පාප කර්ම ගැන කිසිවිටෙක නොසිතයි. ඒවා මිහිරියි, සුව ගෙනදෙතැයි සිතයි. එසේ සිතමින් පවෙහිම නිරත වෙයි. කළ පව් අමතක කළත් ඒවා සිහියට නැගෙන මොහොතක් එළඹෙයි. ඒ අවසන් මොහොතයි. එය ඒකාන්තයෙන්ම කළ පව් සිතට නැඟෙන අවස්ථාවයි. මරණ මොහොතේදී ඔහුගේ හෝ ඇය ගේ සිතට කම්ම , කම්ම නිමිති, ගති , ගති නිමිති පහළ වෙයි.එය වූ කලී සවස් කාලයෙහි කඳු සෙවනැල්ල පෙර දිගට නතුව වැටෙන්නාසේ මරු ඇඳෙහි හෝනා සත්ත්වයා කරාම පැමිණෙයි. මේ ශෝකය මව්පිය ඥාති මිත්‍රාදින්ගෙන් ඇතිවන්නක් නොව තමා විසින්ම කළ කර්මයේ විපාක තමා කරාම එන අවස්ථාවයි. තමා කළ කර්ම මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකිය. ඊළඟ භවයෙහි උපත ලැබීමට නියත වු ප්‍රතිසන්ධිජනක කර්මය ,කර්ම නිමිත්තාදිය ඔහු කරා එළඹෙයි. සත්ත්වයා උපදවනු ලබන්නේ කර්මය විසින් බව“ කම්ම යෝනි” යන්නෙන් පැහැදිලි වේ.

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ පදවි ලබති

අමරපුර පාර්ශ්වයේ සම මහානායක පදවියට පත් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක – භික්ෂූන් වහන්සේලා විසින් ගෙවී ගිය, දෙදහස් පන්සිය වසරකටත් වඩා වැඩි කාලයක් පුරා මේ දක්වා ඉටුකරගෙන එනු ලබන්නෝ තම ශාස්තෘන් වහන්සේගේ ක්‍රියා මාර්ගයමය. ශ්‍රී ලංකාද්වීපය ඇතුළු අනිකුත් බෞද්ධ රටවල ද භික්ෂූන් වහන්සේ තම කාර්යභාරය සියලු බාධක මග හරවාගෙන ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනුදු බුදු සසුන ලොව පුරා පැතිර පවතින බව සඳහන් කළ යුතුව ඇත. එවන් අයුරින් සළකා බලන විට අපේ රටේ සඟ පරපුර බුදු සසුනට සෝභාමත් කරනු සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා දරා ඇති ප්‍රයත්නය සුළුපටු කරුණක් වශයෙන් සැලකිය නොහැකිය. ඒ සඟ පරපුරටම අයත් නූතන භික්ෂූන් වහන්සේලා අතර, සසුන මහඟු සේවාවක් කරන දැනට ද යෙදී සිටින, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ විශේෂත්වයෙහිලා සැලකිය යුතුව තිබේ. අමරපුර මහා නිකායේ කාරක සංඝ සභිකයාන නමක් වශයෙන්ද, පසුව සම්මාන නායක පදවියකින් ද, අනතුරුව අධිකරණ නායක පදවිය ද හොබවන ලද කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ පසුව අනුනායක පදවියේද කලක සිට සේවය කොට ඇත.

ඉතිරිය»

සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින්
පළමු පෙරනිමිත්ත දැකීම.
සිතුවම - පුන්සර උදාර

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]