UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 50: අමරාවතී බුදුපිළිම කලාව ආශි‍්‍රත ප්‍රකට පුදබිම නාගර්ජුණ කොණ්ඩ

බුදුපිළිමයේ උපත - 50:

අමරාවතී බුදුපිළිම කලාව ආශි‍්‍රත ප්‍රකට පුදබිම නාගර්ජුණ කොණ්ඩ



නාගර්ජුණ කොණ්ඩ පුදබිමට අයත් කෞතුකාගාරයේ ඇති හිටි බුදුපිළිම වහන්සේ

නාගර්ජුණ කොණ්ඩ යන නාමය සෑදී ඇත්තේ මහායාන බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයෙකු ලෙසින් ප්‍රකට නාගර්ජුණ හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය ගත කළේ මෙම ප්‍රදේශයෙහි නිසා ය. කොණ්ඩ යනු කන්දය, යන අර්ථය ඇති වචනයකි.

නාගර්ජුණ කොණ්ඩ බෞද්ධ පූජාභූමිය ද පිහිටා ඇත්තේ අමරාවතී පුදබිම පිහිටි ආන්ද්‍ර ප්‍රදේශ්හිමය. ක්‍රිෂ්ණ ගඟේ දකුණු ඉවුරෙහි මෙම පුදබිම පිහිටා තිබුණි. නාගර්ජුණකොණ්ඩ පුදබිමෙහිද ඇති බුදුපිළිම කලාව හඳුන්වන්නේ අමරාවතී බුදුපිළිම කලාව යන නාමයෙනි. නාගර්ජුණ කොණ්ඩ යන නාමය සෑදී ඇත්තේ මහායාන බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයෙකු ලෙසින් ප්‍රකට නාගර්ජුණ හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය ගත කළේ මෙම ප්‍රදේශයෙහි නිසා ය. කොණ්ඩ යනු කන්දය, යන අර්ථය ඇති වචනයකි.

නාගර්ජුණ කොණ්ඩ පුදබිම පිළිබඳ එම නටබුන් ආශ්‍රිතව සඳහන් කරන විට විශේෂ කරුණක් මෙහිදී පාඨක ජනතාව වෙත දන්වා සිටිය යුතු ය. අමරාවතී සහ නාගර්ජුණ කොණ්ඩ පුදබිම් දෙකම මුල් කාලයේ දී තිබුණේ ඉතා සමීපවය. නාගර්ජුණ සාගර් නමින් සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රිෂ්ණ ගඟේ මෙම පුරාවස්තු යටවිය හැකි හෙයින් ඒවා සියල්ලම උස් කඳුමුදුනක ඒ තිබූ ආකාරයටම ස්ථානගත කර තිබීමද ඉතාමත් විශ්මය ජනකය. ඒ අනුව එදා නාගර්ජුණ කොණ්ඩ පුදබිම අද ජලයෙන් යටවී ඇත. එම ජලය ඒ ප්‍රදේශයට මුදා හැරීමට ප්‍රථමයෙන් ඉන්දියානු පුරාවිද්‍යා අධිකාරිය විසින් ඉතා සියුම් ශිලා පතුරක් පවා මෙහි ඉතිරි නොකොට ඒවා ඒ ස්ථානවල තිබූ අන්දම සිතියම් ගත කර නැවත ඒ පුදබිමට අයත්වන සියලුම පුරාවස්තු පමණක් නොව කෞතුකාගාරය පවා සැලසුම් සහගතව සකස් කර ඇති අන්දම දුටුවෙමු.

ආන්ද්‍ර දේශයේ අගනුවර හයිද්‍රාබාද් නුවර සිට කිලෝමීටර් 166 පමණ දුරින් පිහිටි මෙම නාගර්ජුණකොණ්ඩ පුදබිම වර්ග කිලෝමීටර් 23 පමණ පුරා විහිදී ඇත. (භාරත ලංකා බෞද්ධ උරුමය – පිටු 53 (2006) දිවුලපිටියේ සරස්වතී ප්‍රකාශකයෝ. )


නාගර්ජුණ පුදබිමෙන් හමුවූ සිදුහත් උපත නිරූපිත මූර්ති කැටයමකි

(Nagarjunikonda Sarkar and Misra – p 3 (1980) India)

ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ දී ඉක්ෂිවකු රජ පෙළපතෙහි රජවරුන් සහ රැජිනියන් විසින් නාගර්ජුණ කොණ්ඩ පුදබිම දියුණුකර ඇත. නාගර්ජුණ කොණ්ඩ බෞද්ධ පුදබිම ආශි‍්‍රත තිබූ අධ්‍යයන ස්ථානවල ඉගෙනීම සඳහා භාරතයේ පමණක් නොව චීනය, ශ්‍රී ලංකාව ආදී රටවලින් පවා භික්ෂූන් වහන්සේ වැඩම කර ඇත.

(Buddhist Skrine in Iindia B. C Ahir P 85 (1986) India)

අමරාවතී බුදුපිළිම කලාව විදේශීය රටවල බෞද්ධකලාව කෙරෙහි බලපෑමේදී නාගර්ජුණකොණ්ඩ පුදබිමද බෙහෙවින්ම බලපා ඇති හෙයින් මෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු ඉතා වැදගත්වනු ඇත. අමරාවතී පුද බිමෙහි මෙන්ම නාගර්ජුණ පුදබිමෙහිද ස්තූපයක් තිබුණු බවට පුරාවිද්‍යාත්මකව ඔප්පුවී ඇත. අමරාවතී ස්තූපය ආශි‍්‍රතව මූර්ති ඵලක ඇති වී තිබෙන්නාක් මෙන් නාගර්ජුණ කොණ්ඩ පුදබිමෙන්ද මූර්ති ඵලක සිය ගණනක් හමුවී ඇත. මේවා සියල්ලම එහි ඇති ස්ථානීය කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති බව අපි දුටුවෙමු. මෙම දාගැබ්වලට අල්ප උන්නත ලෙසින් නිර්මාණය කරන ලද මූර්ති ඵලක සිය ගණනක් හමුවී තිබේ.

මෙහි දක්නට ලැබෙන විශේෂිත වූ විහාරයක් ද ඇත. එය සිංහල විහාරය නමින් ප්‍රකටය. අංක 43 දරණ එම පුදබිම හඳුනාගෙන තිබේ. නාගර්ජුණකොණ්ඩ පුදබිමෙන් හමුවූ මේ සමඟ ඇති හිටි බුදුපිළිමය අමරාවතී බුදුපිළිම කලාවට අයත් ඉතාමත් වැදගත් ප්‍රතිමාවක් ලෙසින් සඳහන් කළ යුතුව ඇත.

ලංකාවෙන් හමුවූ මහඉලුප්පල්ලම (ගොවිපළෙන්) හිටි බුදුපිළිමය අමරාවතී පුද බිම පිහිටි ආන්ද්‍ර දේශයෙන් ගෙන එන ලද බුදුපිළිමයක් ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කර ඇත. මෙය අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 49: දක්ෂිණ භාරතයේ අමරාවතී පුදබිම ආශි‍්‍රත බුද්ධ ප්‍රතිමා

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]