UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණමාලී මහ සෑ වන්දනාවට දාස්පෙතියා මල් පූජාවක්

ස්වර්ණමාලී මහ සෑ වන්දනාවට දාස්පෙතියා මල් පූජාවක්

අසිරිමත් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ කෝටියක් දාස්පෙතියා මලින් පිදීමේ පින්කම් මාලාවට සුවඳ පැනින් සෑ මළුව දෝවනය කිරීමත්, අලංකාර කංචුක 7 පැළදවීම හා පූජා කිරීමත්, ජයශ්‍රී මහා බෝධින් වහන්සේට අටපිරිකර 1500 ක් හා රුවන්වැලි මහා සෑයට අටපිරිකර 5000 පූජා කිරීමත්, මුතුකුඩ 1000 ඇතුළු සෙසු පිරිකර පූජා කිරීමත්, ධර්මාසනයක් ඇතුළු ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කිරීමද ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වෙයි.නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකරි කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් නාථගනේ අග්ගවංශ හිමි, තල්ගමුවේ සුධීරානන්ද හිමි, ලග්ගල කල්‍යාණවංශ හිමි, කැලණියේ විපුලඤාණ හිමිවරුන්ගේ ධර්ම දේශනා මාලාවක්ද ජනවාරි 29 වනදින සවස 4.00 සිට පැවැත්වීමට නියමිත බව කියයි.

පින්කම් මාලාවට ජනවාරි 30 දින උදෑසන කිරිආහාර හා විලඳ මී පැණි පාත්‍ර 108 මහාසෑය වෙත පූජා කිරීමද සිදුකෙරේ. සියක් නමකට අධික මහා සංඝරත්නය උදෙසා දානමය පින්කම පැවැත්වෙයි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]