UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වීම මහා පින්කමක් - වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වීම මහා පින්කමක් - වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ වසර දහසකට පසු මිහින්තලා මහ සෑයට ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වීම මහානුභාව සම්පන්න මහා පින්කමක් යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.


පූජා භාණ්ඩ සහ ගිලන් පස පූජා කළ අයුරු

වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු පාලන අධිකාරියේ අදහසට අනුව කප්රුක් පූජාවක් පසුගිය වසරේ පොසොන් පුර පොහෝ දින සිට සෑම පුර පෝදාකම පැවැත්වීමට තීරණය කරන ලදී. මෙම කප්රුක් පූජා පෙරහරේ අටවන කප්රුක් පූජාව (12දා)ඉබ්බාගමුව පෙරියකඩුනැලව පොත් ගුල් විහාරය, ගලේවෙල චෙත්තියා ශ්‍රී ජය බෝධි විහාරය, අනුරාධපුර පණ්ඩුකාභය පුර තම්මැන්නාගල රජමහා විහාරය යන විහාරයන්හි අධිපති හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ සංවිධානයෙන් ගිරිභණ්ඩ පූජා පින්කම ද සමඟ පැවැත්විණි.

ධම්මරතන හිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

සම්බුදුසසුන තුළ ඉතාම විරලගණයේ පින්කමක් වන මෙම පූජාව කන්දක් හෙවත් ගිරක් සේ විවිධ පරිස්කාරයන් පූජා ද්‍රව්‍යයන් තැන්පත් කරමින් සිදු කරන හෙයින් ගිරිභණ්ඩ පූජාව නමින් හඳුන්වනවා. බෝධිසත්ව ගුණේපේත භාතිය මහ රජතුමාගේ මලනුවන් වූ මහා දාඨික මහා නාග රජු විසින් බුද්ධ වර්ෂ 552 දී හෙවත් ක්‍රිස්තුවර්ෂ 9 – 12 කාලවලදී මෙම මහා පින්කම පවත්වා ඇති බව මහා වංශයේ සඳහන් වනවා.

බෝසත් පාරමිතා පුරන අය මේ පින්කම්වලට නිරතුරුවම සහභාගි වෙනවා. ලෝකයාගේ දෑස් විවර කිරීමට අපට ලේක්හවුස් ආයතනය දක්වන සැලකිල්ල අගය කළ යුතුයි. රජ දරුවන් මේ චෛත්‍ය ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. අපි ඒ සැමටමත් පින් අනුමෝදන් කරනවා යැයිද උන්වහන්සේ පැවැසූහ.

එහිදී උඩකැන්දවල චන්දවිමල නාහිමියෝ මෙසේ පැවසූහ.

මිහින්තලා රජමහා විහාරයට ලේක්හවුස් ආයතනය ලොකු ශක්තියක්. ලේක්හවුස් ආයතනය කරනු ලබන කැප කිරීම නිසා මිහින්තලය ඒකාලෝක වනවා. වාර්ෂිකව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනවා. මේ වන විට සෑම මාසයකදීම පුර පසළොස්වක පොහෝ දිනකදීම කප්රුක් පූජාව පවත්වනවා. මේ පින්කම ඉතාම වටිනවා. මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව, ගිරිභණ්ඩ පූජා පෙරහරින්, ශබ්ද පූජා, නැටුම්, ගැයුම්, හේවිසි නාද සමඟ කිලෝමීටරයක් පමණ දුර සිට මිහින්තලා මහසෑය වෙත ගමන් කළහ. මෙම කප්රුක් සහ ගිරිභණ්ඩ පූජා පැවැත්වීමේ ආගමික වතාවත් කිරිදිගල්ලේ ඤාණරතන හිමියෝ මෙහෙයවූහ.

එම අවස්ථාවට මිහින්තලා රජ මහා විහාරවාසී හොරොව්පොතාන මධ්‍ය විදුහලේ ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ, හිරියාල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජගත් මංජුල යාපා, ලේක්හවුස් ආයතනයේ චමින්ද විජේතුංග, චාමික මඩපාත යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙවර කප්රුක් වස්ත්‍ර තුනක් පූජා කිරීම විශේෂත්වයකි.


කප්රුක් පූජා පෙරහරේ අවස්ථාවක්


 


පෙරහරේ අවස්ථාවක්


පින්කමට සහභාගි වූ පිරිසෙන් කොටසක්

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]