UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් දින උළෙල සැමරීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුවක්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ (2017) මැයි මස, 11,12,13 යන දිනයන් හි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති මහාචාර්ය අතිපූජ්‍ය බ්‍රහ්මපණ්ඩිත් ස්වාමින් වහන්සේ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ පූර්ණ එකඟතාවය පළ කළ බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

ඉතිරිය»

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය

බුදුපියාණන් වහන්සේ උපන් භාරත දේශයේ වැසියන්ටත් වඩා ශ්‍රී ලාංකික බෞද්ධයෝ අතිශයින්ම භාග්‍යමත් වෙති.ඒ අන් කවරක් නිසා හෝ නොව බුදුරදුන්ගේ ශාරීරික , පාරිභෝගික, ධාතුන් වහන්සේලා වැඩි වශයෙන් මේ අපේ කුඩා ශී‍්‍ර ලංකාවේ අදටත් නිරුපද්‍රිතව වැඩසිටීම නිසාය. වාම ශ්‍රී දළදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ මෙන්ම බොහෝ ශාරීරික ධාතුන් වහන්සේලාත්, ජයශ්‍රී මා බෝධින් වහන්සේ, පාත්‍රාධාතුන් වහන්සේ වැනි පාරිභෝගික ධාතුන් වහන්සේලාත් වැඩ සිටින්නේ මේ පුංචි ශ්‍රී ලංකාද්වීපයෙහිය. මේ කී පූජාවස්තුන් වටා පූජා සංස්කෘතියක් නිර්මාණය වීම දක්වා ලාංකීය ජනජීවිතය තුළට ප්‍රබල බලපෑමක් මේ නිසා ඇතිවී තිබේ. මෙම පූජා වස්තු අතර දළදා වහන්සේ ට හිමිවී තිබෙනුයේ ඉතාමත් සුවිශේෂි ස්ථානයකි. හතරවන සියවසේ කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මේ රටට වැඩමවීමත් සමඟ ඒ හා බැඳුණු පූජා චාරිත්‍ර විධි සම්ප්‍රදායක් ද නිර්මාණය වීය. මෙය කොතෙක් දුරට ලාංකීය බෞද්ධ ජන සමාජය තුළ මුල්බැස ගත්තේද යන්න ප්‍රකට වන්නේ දළදා සංස්කෘතිය යනුවෙන් වෙන් කර දැක්විය හැකි වෙනම සංස්කෘතියක් පවා බිහිවී තිබීමෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මාර්ගයන් අතර විශිෂ්ටතම මාර්ගය

මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා

මෙය ධම්ම පද පාලියෙහි විසිවන (20) වග්ගයෙහි ආරම්භයෙහිම දැක්වෙන එකට සම්බන්ධවී ඇති ගාථා සතරක ආරම්භක ගාථාවයි. ලොව අතීතයෙහි පහළ වී ඇත්තාවූත්, වර්තමානයෙහි පහළව පවත්නාවූත් අනාගතයෙහි පහළවිය හැකිවූත් සියලු ආගමික ශාස්තෘන් හා ඔවුන් විසින් දක්වන ලද හා දක්වනු ලබන ආවසානික විමුක්තීන් හා එම විමුක්ති සාදනය සඳහා පෙන්වා දුන් හා පෙන්වා දෙනු ලබන සියලු විමුක්ති මාර්ගයන් අතරින්, ශාස්තෘන් වහන්සේ වරයෙකු වශයෙන් තථාගත බුදුරදුන් උන්වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ සත්වයාගේ ආවසානික විමුක්තියත් එය සාක්ෂාත් කර ගත යුතු චරණ මාර්ගය තුළත් කැපී පෙනෙන සුවිශේෂත්වය කවරේද? යන්න මෙම ගාථා සතරින් මනාව අනාවරණය කොට දක්වති.

ඉතිරිය»

කඨින චීවර පූජාව මහානිශංස වන්නේ ඇයි?

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීමට නීතියක් පැනවූයේ ශාසන ආරම්භයෙන් අවුරුදු 20 කට පසුවය.බුදුරජාණන් වහන්සේ හැම දෙනාගේම හිත සුව පිණිස වැසි සාර මස භික්ෂූන් වහන්සේලා චාරිකාවෙන් තොරව එක තැනක වාසය කළ යුතු බවට ශික්ෂා පදයක් පැනවූහ. කඨින චීවර මාසය වෙනුවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි.

ඉතිරිය»

ප්‍රථම රහතන් වහන්සේ සැටනම හැධර්ම ප්‍රචාරය සඳහා ගමන ආරම්භ කිරීම. - සිතුවම - සත්සර ඉලංගසිංහ

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]