UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්ගමුවේ අභිනවාරාමය

ගල්ගමුවේ අභිනවාරාමය

ධර්ම ශාලාව
නව ධර්ම ශාලාව

ආර්ථික දුෂ්කරතා මැද දිවිගෙවන ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවට සුළු වශයෙන් හෝ සහනයක් සලසන ගල්ගමුව අමුණුකොලේ ශ්‍රී අභිනවාරාමය අද ගරා වැටෙන තත්ත්වයට පත්ව ඇතැයි කියයි.

පන්සල් පරිශ්‍රයේ අඩුපාඩු රැසක් පවතී. බෝධියක් තිබුණත් දාගැබක් නැත. මෙයට වසර ගණනකට පෙරාතුව ගොඩනඟන ලද ධර්ම ශාලාව ගරාවැටෙන තත්ත්වයට පත්ව ඇත.

නව ධර්ම ශාලාවට මුල්ගල් තැබුවත් තවමත් එම මුල්ගල් එතැනමය.

ප්‍රදේශයේ දරුවන්ට දහම් පාසලක් නොමැත. ධර්මය ඉගැන ගැනීමට ගරා වැටෙන තත්ත්වයේ පවතින ධර්ම ශාලාවේ දහම් පාසල පවත්වාගෙන යාමට සිදුවී ඇති බව ද පවසයි. බියෙන්, දෙගිඩියාවෙන් තමයි දහම් පාසල් දරුවන් ඉගෙන ගන්නේ.

පෝයදාට සිල්ගත් උවසු – උවැසියෝ නිවී සැනසිල්ලේ සිල් රකින්නට නිසි තැනක් නොමැතිව මහත් අසහනයට පත්ව සිටින බව ද කියයි.

එබැවින් වල්පොල විජිත නා හිමියෝ සැදැහැවත් පින්වතුන්ගෙන් මේ ගරා වැටෙන පන්සල සංවර්ධනය කරගැනීමට සහාය පතති.

නාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුවක වන ඇලියාවේ ඥානවිමල හිමියන් මේ පන්සල සංර්ධනය කර ගැනීමට කැපවී පේවී කටයුතු කරන්නේ ප්‍රදේශවාසීන්ගෙන් හා අවට ගම්වාසීන්ගේ ගෙන් ගෙට ගොස් දැඩි පරිශ්‍රමයක් දරමිනි.

විහාරාධිපති වල්පොල විජිත නාහිමි, අමුණුකොලේ ශ්‍රී අභිනවාරාමය, ගල්ගමුව ,

ජාතික ඉතිරි කිරීමේ ගිණුම් අංකය (ව්ඉඕ)

100400222674 – නිකවැරටිය ශාඛාව

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]