UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් දින උළෙල සැමරීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුවක්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ (2017) මැයි මස, 11,12,13 යන දිනයන් හි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති මහාචාර්ය අතිපූජ්‍ය බ්‍රහ්මපණ්ඩිත් ස්වාමින් වහන්සේ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ පූර්ණ එකඟතාවය පළ කළ බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සංවිධාන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡාව කිරීම සඳහා ඔක්තෝබර් මස 18 වන දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති හා ජාත්‍යන්තර බෞද්ධ සරසවි සංගමයේ සභාපති අතිපූජ්‍ය මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් 14 දෙනෙකුගෙන් සමන්විත ගිහි පැවිදි බෞද්ධ නායකයින් පිරිසක් පසු ගිය දින සහභාගිවූ අතර එහිදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ නිල සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, නීතිය, සාමය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්,අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානින් පිරිසක් සහභාගි වූහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සැමරීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවා ගත් අතර එම ජාත්‍යන්තර කමිටුවේ සම සභාපතිත්වය මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් නායක ස්වාමින්වහන්සේ හා අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා පත් කළ බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

මෙම ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස Ven.Assoc.Prof.Dr.Hansa Dhammahasa,Ven.Prof.Dr.Phra Sigambhirayarn,Ms.Orawan Topathomwong,Ven.Bhante Chao Chu, , අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ, බුද්ධශාසන අමාත්‍යංශයේ උපදේශක නිලන්ත කුමාරගේ , අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සම්බන්ධීකරණ නිලධාරි හර්ෂ බී. අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් වියන්ගොඩ යන ගිහි පැවිදි පිරිසක් පත් කර තිබේ.

අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හා එක්සත් ජාතින්ගේ වෙසක් දින කමිටුවේ සම්බන්ධිකරණ නිලධාරි

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]