UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

බම්බලපිටිය සිරි වජිරාරාමයේ ඉල් පෝදා සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ගිහි දේශනය - ශාස්ත්‍රපති ෂේන් බ්ලොක් මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි, 10.00 – 11.00 භාවනාව අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.30 – 01.30 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 1.30 – 2.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කුරුණෑගල චරණධම්ම හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරාධිකාරී මොණරාගල පඤ්ඤාලංකාර හිමි, 4.00 – 6.00 සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රී දේවානන්ද යෝගාශ්‍රමාධිපති කැලණියේ සිද්ධත්ත හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය – අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 7.00-7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 10.00 භාවනාව - මිරිස්සේ ධම්මික හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව - මිරිස්සේ ධම්මික හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව පරපාමුල්ලේ සිරිවිමල හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත හිමි 5.00 – 6.00 ධර්මදේශනය - සෝමපුර සිරිසුධම්ම හිමි

රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. 6.30 – 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව කන්දඋඩ පංගුවේ සෝමරතන හිමි, 10.00 – 11.00 ධම්ම පදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව උඩවෙල කෝලිත හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව මිරිස්සේ ධම්මික හිමි, 8.00 – 9.00 කඨිනානිසංශ ධර්මදේශනාව.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී ඉල් පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.15 සිල් සමාදන් කරවීම හා බුද්ධ වන්දනාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 දහම් දෙසුම තපෝවනයේ සුමේධ හිමි, 10.15 – 11.15 දහම් දෙසුම මස්පන්නේ ගුණාලංකාර හිමි, පස්වරු 1 – 3.15 ගිහි දෙසුම මහාචාර්ය අසංග තිලකරත්න මහතා, 3.30 – 4.30 දහම් දෙසුම දිවියාගහ යසස්සි නාහිමි, 4.45 – 6 දහම් දෙසුම කොත්මලේ ඤාණවිජය හිමි, 6.15 – 7 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද්දකි) 7 – 8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.10 – 10.30 දේශනාව සහ සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.

කතරගම කිරි වෙහෙර

ඓතිහාසක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඉල්පෝදා පින්කම් රැසක් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී කොබවක දම්මන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෙත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල විහාරස්ථ දාන ශාලාවේ ද කතරගම සමථ මණ්ඩලයේ ඔසුපැන් දන්සලද පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීමට අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක්ද පැවැත්වේ. කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සංගමය, විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඉල් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ශාස්ත්‍රවේදී මාලිගාතැන්නේ නන්ද හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣානය 1.00 – 2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත හිමි, 3.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්මවිහාරී හිමි 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි, බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය බටලන්දේ චන්දකිත්ති හිමි, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය බටලන්දේ චන්දකිත්ති හිමි, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති කොටියාගල සීවලි හිමි, 5.30 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.30 සිල් පවාරණය.

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ ඉල් පුන් පොහොය වැඩසටහන පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෝදා පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව මාතෘකාව “කඨිනය සහ කඨිනානිශංසය” දේශකයාණෝ, ශාස්ත්‍රපති මානිංගමුවේ ධම්මජෝති හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය දේශක ජී.ඒ. කිත්සිරි මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව දේශකයාණෝ පණ්ඩිත දම්ගස්වැවේ වජිරඥාන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සබා මණ්ඩපය, සහභාගීත්වය ආචාර්ය දිවුල්පැලැස්සේ විමලානනිද හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය නිමල් සෙනෙවිරත්න මහතා 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය 6.00 නිමාව.

ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව සහ පෙ.ව. 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව වේරදූවේ මහින්ද හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව දරණාගම කුසලධම්ම නා හිමි, හිටපු කතානායක වි.ජමු. ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව මඩිහේ සුගතසිරි හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව කැලණියේ අජිත හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි.

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානය ඉල් පෝදා සීල සමාදානය විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 6.30 සීල සමාදානය සම්බුද්ධ පුජාව අනුමෝදනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම, රාජකීය පණ්ඩිත පනාවෙල ධම්මධජ හිමි, 9.30 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය ප්‍රසන්න නවෝද් කරුණාරත්න, හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව කො / ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රමණාගොඩ ඤාණරතන හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශක සේවාව මගින් සිදු කරනු ලබන දේශනය, මෙහෙයවීම වෛද්‍ය පි‍්‍රයානි වික්‍රමසූරිය මහත්මිය, 1.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 ධර්ම දේශනාව වෙහෙරගල සුජාත හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව ඇතුන්ගම ධම්මදේව හිමි, 5.30 සීල පවාරණය.

මාතර සිරිවජිරඤාණ ධර්මායතනය

එම වැඩසටහන ශාස්ත්‍රපති පණ්ඩිත පැළැණේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි තෙලිජ්ජවිල සුසමාහිත, ශාස්ත්‍රපති කපුගම සුගතසාර, දේවාලේගම සුමනරතන, කොළොන්නාවේ හේමසිරි, හක්මණ මධුරධම්ම, මාතර කස්සප, පන්විල සරණ, කඹුරුගමුවේ අස්සජි යන හිමිවරු පින්කම් මෙහෙයවති.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනා වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව යකඩපොත ධම්මාලංකාර හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ අනුරාධ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය කේ. එම්.අයි. ස්වර්ණසිංහ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව කැටේපොල ධම්මරතන හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී කුරුණෑගල චරණධම්ම හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානය ඉල් පෝදා සීල සමාදානය විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 6.30 සීල සමාදානය සම්බුද්ධ පුජාව අනුමෝදනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම, රාජකීය පණ්ඩිත පනාවෙල ධම්මධජ හිමි, 9.30 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය ප්‍රසන්න නවෝද් කරුණාරත්න, හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව කො / ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රමණාගොඩ ඤාණරතන හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශක සේවාව මගින් සිදු කරනු ලබන දේශනය, මෙහෙයවීම වෛද්‍ය පි‍්‍රයානි වික්‍රමසූරිය මහත්මිය, 1.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 ධර්ම දේශනාව වෙහෙරගල සුජාත හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව ඇතුන්ගම ධම්මදේව හිමි, 5.30 සීල පවාරණය.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේ ඉල් පුර පසළොස්වක පොහෝදා, ශීල භාවනා, ධර්මදේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 සිට 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාම වාසි, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය සෙවනගල අජිතහිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පසළොස්වක පෝදා පින්කම් පැවැත්වේ. වැඩසටහන හොරපාවිට ගුණසිරි, දෙහිගස්පේ සිරිවිමල, ගම්මැදගම චන්ද්‍රජෝති, කාගම ධම්මපි‍්‍රය හඳුගල සමිඳු ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත, කඨිනානිසංස දේශනාව දිගාමඬුල්ලේ බෝධිසීහ යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන, සම්මාන සභාපති දොස්තර එස්.පී. කුලරත්න මැතිතුමාගේ ගුණ සැමරුම, බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණී මහතාගේ ප්‍රධානත්වයෙනි.

සීදූව සුගතාරාමය

සීදූව සුගතාරාමයේ දී ඉල් පෝදා දවස පුරා සීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු පින්කම් රැසක් රඹුක්පොත රජමහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.උදෑසන 6ට සීල සමාදානය ද 8 – 11 දක්වා භාවනාව හා ධර්ම සාකච්ඡාව මෙහෙයවීම මිනුවන්ගොඩ වංශානන්ද හිමි

 

දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ මහා කඨින පින්කම

අකරගම, සූර්ය සමූහ ව්‍යාපාර අධිපති ජී. මහිකල් ප්‍රනාන්දු මහතාගේ දායකත්වයෙන් ඉදි කෙරුණු කිඹුලාපිටිය, දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ හතරවන වරටත් පවත්වනු ලැබූ මහා කඨින පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ ආචාර්ය කටුකෙන්දේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්පැවැත්විණි

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]