UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කැලණිය, ගල්බොරැල්ල නො. 19 හි පදිංචි වයස අවු. 36ක් වයසැති දෙදරු පියෙක් වන එන්. ජී. නිශාන්ත ප්‍රදීප් යන අයට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 0776476117 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

***

මිනුවන්ගොඩ වෑලිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන 41 වැනි වියේ පසුවන ඩී. ඩී. ආර්. වීරසිංහ මහතා වකුගඩු රෝගයට ගොදුරු වී මේ වන විට ඔහුට ඩයලයිසිස් ප්‍රතිකාර ලබා දෙන අතර හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. මේ සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් 0777522198 හෝ 0718051976 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

***

පිළියන්දල දම්පේ ගංඟාරාම විහාර මාවතේ අංක. 119/ ජේ, ලිපිනයේ පදිංචි ජයලත් රෝහිත ද සොයිසා (49) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ‘ඒ’ පොසිටිව් වර්ගයේ හෝ ‘ඕ’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 072 8490850 දුරකථන අංකයට දන්වන මෙන් ඉල්ලා සිටියි. ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ද අවශ්‍ය වන බැවින් පිළියන්දල සම්පත් බැංකුවේ ( 101950115069) දරණ ගිණුමට මුදල් එවිය හැකි බවත් පවසයි.

***

අනුරාධපුරය ‘සීප්පුකුලම නෙකටුණුවැව ඩබ්ලිව්.ආර්. උෂාන් දිනූෂ වීරසූරිය (වයස 21) වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ‘බී’ හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කරන හෙයින් 071 8308692, 025 3253426 දුරකථනයෙන් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

ගණේමුල්ල සුමේධ මාවතේ අංක 31/20 ලිපිනයේ පදිංචි තිදරු මවක් වන විතානගේ පි‍්‍රයංගිකා දිපානි ඩයස් මහත්මිය වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඒ සම්බන්ධයෙන් කරන ලද ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසු ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඇයට ප්‍රතිකාර කරන මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවත් ඒ අනුව ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘බී පොසිටිව්’ වර්ගයේ හෝ ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකතන අංක 071 6534845 හෝ 071 5648040 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

***

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි වකුගඩු රෝගීව අසාධ්‍ය වී සිටින පාසල් ගුරුතුමියකට බද්ධ කිරීම සඳහා “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවත් ඒ සඳහා වකුගඩුවක් දන්දීමට කැමැති අයෙක් වෙතොත් 070 2609 742 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද සැත්කමට විශාල මුදලක් වැයවන බැවින් ආධාර කිරීමට කැමති කෙනෙක් වෙතොත් අමතන්නැයිද ඉල්ලීමක් කෙරේ.

***

රණසිංහ ගීතාංජලී නමැති අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඇයට ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති හෙයින් ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0711700666 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

නාත්තන්ඩිය වීරහේන නැගෙනහිර 115/1 හි පදිංචි එම්.ඒ. සුදත් රෝහණ මාරසිංහ නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ‘ඒ පොසිටිව්’ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලීන්ගෙන් අපේක්ෂා කරන අතර, එසේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 077 9828663, 072 9655544, 076 5494701, 072 1243538 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

මස්කෙළිය ගඟේවත්ත කොටස බ්‍රවුලන්ලෝවත්ත, හි පදිංචි නිමල් දිනේෂ් කුමාර් නමැති අයගේ බිරිඳ වන රාජගෙපල් මේරි ධනුෂ්යා යන අයගේ වකුගඩු දෙකම නරක් වී ඇති අතර ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන අතර රෝගය සුවපත් කර ගැනීමට ආධාර කරන මෙන්ද ඉල්ලීමක් කරයි. 077 3922649, 071 4088390 දුරකථන අංක වන අතර බැංකු ගිණුම් අංකය එන්.එස්.බී. – 106240054623 වේ.

***

කුරුණෑගල, ඉබ්බාගමුව, 368 බලගොල්ල පදිංචි අවුරුදු 5 ක් වයසැති සේමසිංහ බණ්ඩාරලාගේ සිනලි සදුපමා බුද්ධිනී සේමසිංහ දියණියගේ උපතින්ම වකුගඩු සිහින්ව ඇති අතර ඇයට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන අතර එම මුදල සොයා ගැනීමට පියාට අපහසු නිසා පරිත්‍යාගශීලීන්ගේ සහාය පතන අතර දුරකථන අංක 071 8340548, 071 8579184 වන අතර ගිණුම් අංකය 79364019 ලංක බැංකුව කුඹුක්ගැටේ ශාඛාව වේ.

***

අනුරාධපුර, මැදවච්චිය පුබුදුවිල පදිංචි සී.එස්. බංදුල සිල්වා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවත්, එමනිසා ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් පහත දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 071 6219369 දුරකථන අංකය වේ.

***

පානදුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින්ම බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. පිනට කැමති පරිත්‍යාගශීලියෙකු ඇත්නම් පහත දුරකථන අංක අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 071 6618398, 0385 – 683235

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]