UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා මහා පින්කම ඉල් පොහෝ දින පෙරවරු 6.00 ට විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සීල භාවනා සමිතියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.

කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය කැලණිය, පොල්හේන, 2 වන පටුමග, 366 නිවසේ පදිංචි දුමින්ද සෙල්ලහේවා මහතා, මහත්මිය ඇතුළු පිරිසගෙනි. හිමිදිරි පාන්දර 4.00 ට දර්ශනීය පෙරහරකින් කඨින චීවරය වැඩම කරනු ලබන අතර පෙරවරු 6.00 ට කඨින චීවර පූජාව සිදු කෙරේ.

භික්ෂූන් වහන්සේලා 50 කට අධික මහ සඟරුවන වෙත එදින දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවකි. සවස මහ සඟරුවන වෙත ගිලන්පස පූජාවෙන් අනතුරුව රාත්‍රී 8.00 සිට 9.00 දක්වා කඨිනානිශංස ධර්මදේශනාව පවත්වනු ලබන බව ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරයේ සීල භාවනා සමිතිය කියයි.

හිඟුරආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනය

ඇඹිලිපිටිය හිඟුර ආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 11 වන දින පැවැත්වේ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන එම කඨින පින්කමේ කඨින චීවරය 11 වන දින සවස ඇඹිලිපිටිය උඩගම මහා විද්‍යාලය අසල සිට දර්ශනීය පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවීමට පින්කම් කමිටුව සැළසුම්කර ඇත.

පී.ජේ. සුබසිංහ ආරච්චි, සූරියවැව ,මැදගම

මැදගම

දෙහිඅත්ත කණ්ඩිය මැදගම වජිරාරාමයේ කඨින පින්කම වජිරාරාමාධිපති ඉලුක්මෝදර වජිරසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 12, 13 දිනයන්හි පැවැත්විණි.

කේ. බණ්ඩාරනායක

ගොතටුව පාරමිතා බෝධිමලු විහාරය

ගොතටුව පාරමීතා ශ්‍රී මහා බෝධිමලු විහාරයේ කඨින පින්කම අරම ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසනා පරිදි 12 වන දින අලුයම 4.30 ට ගොතටුව මුල්ලවත්ත අංක 416 නිවසේ පදිංචි වෛද්‍ය චතුරි දුලංගා ජයසිංහ, මැදපෙරදිග ෆැන්සි බැංකුවේ වරලත් ගණකාධිකාරී ජීවන් ජයනාත් සුබසිංහ මහත්ම මහත්මීන්ගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරය කොට උදෑසන 6.00 ට විහාරස්ථානයට පිවිසේ. කඨින චීවරය සහ කප්රුක් සහිත පූජා භාණ්ඩ සඟ සතු කිරීමෙන් පසු අර්ධ ශතාධික මහ සඟ රුවන වෙත දානය පිරිනැමේ. එදින රාත්‍රී 7.00 කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වේ.

කොස්ගොඩ ගොඩපිටිය පුරාණ මහ විහාරය

කොස්ගොඩ ගොඩපිටිය සිරිනිවේසාරාම පුරාණ මහ විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 13, 14 දිනයන්හි පැවැත්වේ. ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 13 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්ද රාත්‍රී 2.00 ට පමණ කඨින චීවරය රැගත් පෙරහර කොස්ගොඩ නුගුටිය ගාලුපාර පදිංචි ශ්‍යාමලී සිල්වා මහත්මියගේ නිවසින් පිටත්වේ. සවස 3.00 ට කඨිනානිසංස ධර්මදේශනාව පවත්වනු ලබන්නේ විහාරවාසී හෙට්ටිපොල සිරිසුමංගල හිමියන් විසිනි.

රූමස්සල

ගාල්ල උණවටුන රූමස්සල ශ්‍රී සමුද්‍රගිරි පිරිවෙන් ආරම්භක විහාරාධිපති ශාස්ත්‍රපති සිරි සුදස්සි රූමස්සල නාහිමියන්ගේ අනුශාසනා පරිදි තත් විහාරාධිකාරී කෑගල්ලේ උදිත හිමියන් ඇතුළු පහළොස් නමක් වස්වසා නිමකර 42 වෙනි වතාවටත් සිරිත් පරිදි පවත්වන කඨින පූජාව ඉකුත් 6 වන දා අම්බලන්ගොඩ සිමිලා විතාන මහත්මිය ඇතුළු පිරිස සහ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කැරිණි.

ඉල්ලදොර

කඩුගන්නාව ඉල්ලදොර පොත්ගුල් විහාරයේ කඨින පින්කම නොවැම්බර් 13, 14 දිනවලදී විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝ නායක ඕවල සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක විහාරය

පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය, මාතර අකුරැස්සේ ශ්‍රී අභිනවාරාමය යන විහාරද්වයාධිපති ගංගාතිලක පරිවේණාධ්‍යක්ෂ සියඹලාගොඩ ජිනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාතිලක විහාරය් කඨින පින්කම නොවැම්බර් 12 – 13 දෙදින සිදු කෙරේ. ප්‍රධාන දායකත්වය දරනුයේ ලක්ෂ්මන් වීරසිංහ සුනේත්‍රා වීරසිංහ, නලින් ධනුෂ්ක වීරසිංහ, අරුණි චන්දිමා වීරසිංහ, ලිනදි දිමන්සා වීරසිංහ යන සැදැහැවතුන් ය.

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ කඨින පින්කම මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉල් පුර පසළොස්වක පෝය දින පැවැත්වේ. 13 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. පසුදින මහා සංඝ රත්නය තිස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. අපවත් වී වදාළ ගොඩමුන්නේ ශ්‍රී ගුණරතන නාහිමියන් සහ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමි දෙනමට පින් අනුමෝදන් කිරීමත් කඨින පින්කමට සමගාමීව සිදු කෙරේ.

කේ. බණ්ඩාරනායක

ගන්නෝරුව

පේරාදෙණිය ගන්නෝරුව රජමහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් 13, 14 දිනවල විහාරාධිපති යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝ නායක අඹන්පොල සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පින්නගොල්ල

තලාතුඔය, පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින පුණ්‍යෙීත්සවය විහාරාධිපති ලේඛකාධිකාරී හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඉල් පෝදා (14) තිස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි.

උතුරු හෝකන්දර

උතුරු හෝකන්දර පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 12 සහ 13 දිනවල පැවැත්විණි. 12 දින සවස 6.00 ට අටවිසි සම්බුද්ධ පූජාව මෙහෙයවීම ඇඹිලිපිටියේ ශාසනෝදය හිමි, රාත්‍රී 9.30 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අලුයම 2.00 ට නො. 267 ඒ, රත්නාරාම පාර උතුරු හෝකන්දර ජී.ඩී. චන්ද්‍රලතා මහත්මියගේ නිවසින් පෙරහර පිටත් වේ. 13 දින උදෑසන 5.00 ට කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයට ළඟා වීම, උදෑසන 7.00 ට හීල්දානය පිළිගැන්වීම, දහවල් 10.30 ට සම්බුද්ධ පූජාව, දහවල් 11.00 ට කඨින චීවර සහ කප්රුක පූජාව සහිත සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයේ දී ඉල් පුර පොහෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි පෙහෙවස් සමාදන් කරවීම, බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා ආදී ආගමික කටයුතු සිදුවන අතර රාත්‍රී 07.00 ට කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමි වලවෙල සෝමසිරි වැලිගම ආරියවංශ මාහිමිපාණන් ඇතුළු පරලෝ සැපත් සියලු දායක දායිකාවන් හා රට දැය සමය සුරක්ෂිත කරනු වස් දිවි දුන් අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ ගුණසමරු පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මෙදින විශේෂ ධර්ම දේශනය උණුවතුර බුබුලේ මහින්ද නාහිමියන් විසින් පවත්වනු ලැබේ. විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද මෙම වැඩසටහන් සඳහා වැඩම කිරීමට නියමිතය.

වැලිවත්ත විජයානන්ද මහා විහාරය

ගාල්ල වැලිවත්ත විජයානන්ද මහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 12 සහ 13 දිනවලදී සිදු කෙරිණි.

මහවත්ත

කුණ්ඩසාලේ මහවත්ත අස්වත්තාරාමයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 13, 14 දිනවලදී විහාරාධිපති මහවත්තේ කස්සප නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]