UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 23 වනදා සවස 2 ට පැවැත්වෙන

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය


මෙවර ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 23 වැනි දින පස්වරු 2.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නා හිමියන් මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ අභිනව මහානායක අතිගරු ෆුකද සෙයිඅ මහනාහිමි ප්‍රමුඛ විශේෂ ජපන් දූත පිරිසක්ද සහභාගි වෙති. විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මැතිණිය ප්‍රමුඛ ප්‍රභූහු රැසක් ද මීට සහභාගි වෙති. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් අගොන්ශු නිකායේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ උපදේශක සෝමසිරි අද්දර පතිරණයේ මහතාගේ අධීක්ෂණය පරිදි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙය වීමෙන් උත්සවය සංවිධානය කෙරේ.

ඉතිරිය»

වස්සානයේ කථාවයි ශාසනික ප්‍රතිපදාවයි

දායක භවතුන්ගේ හෝ පිරිසකගේ ආරාධනාව ඇතුව හෝ නැතුව උපසම්පදා භික්ෂූන් වහන්සේට තවත් කෙනෙකු මඟින් හෝ තාවකාලික ස්ථානයක වස් සමාදන් වන භික්ෂූන් වහන්සේට රැකගත යුතු ප්‍රතිපත්ති දෙකකි. එයින් පළමුවැන්න “සතිකරණයයි”. එනම් තමා වස් විසූ ස්ථානය පිළිබඳ වස්සාන සමය නිමාවන තුරු දැඩි බැඳීමකින් විසීමය. “ මම මේ වස් තෙමස තුළ විහාරස්ථානයෙහි වෙසෙමි’යි අධිෂ්ඨාන කිරීමය. විහාරස්ථානයෙන් මොහොතකට පිටව යන අවස්ථාවකදී හෝ නැවත වහා ආරාමයට පැමිණිය යුතු යැයි අදහස් සිතෙහි තබා ගැනීමද වැදගත්ය. ඇතැම් භික්ෂූන් වහන්සේලාට මෙම වදන් පෙළ අමතක නොවීම සඳහා ආරාමයේ යම් තැනක “අයං වස්සාන කාලො” යනුවෙන් ලොකු අකුරෙන් ලියා තැබේ. එහෙත් වස් කාලය අවසන් වූ පසු මේ අදහස් තබාගත යුතු නැතැ’යි බුදුන් වහන්සේ වදාරා ඇත. එයට හේතු වන්නේ යම් භික්ෂූන් වහන්සේ නමකට විහාරස්ථානය ගැන ඇලීමක් ඇති වුවහොත් එම ක්ලේෂය නිවන් මගට බාධාවක් වන නිසාය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මරණය සිහි කරනවාද ?

මෙම ධර්ම දේශනාව මගින් දැක්වූයේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙකයි. ඉන් පළමු වැන්නෙහි සිංහල අර්ථය “අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි යැයි” සිහිපත් කරමින් මරණානුස්සතිය වැඩිය යුතුය. යන්නයි. ලොව ධන සම්පත්, බල සම්පත්, නැණ සම්පත් ලැබූ මහා උතුමන් පවා මිය පරලොව ගියාක් සේ මම ද මිය පරලොව යන්නෙමි. මටද මරණය උරුම වන්නේය. යනු දෙවැනි ගාථාවෙහි අර්ථයයි. උදා වූ අවස්ථාවෙහි පටන් අස්තය කරා ගමන් කරන සූර්යයා මෙන් ජීවිතය මොහොතක් හෝ නොනැවතී නිරතුරුවම නොපසුබටව මරණය කරා ගමන් කරන්නේය යනාදී වශයෙන් දැක්වෙන කරුණු රැසක් මෙම මරණානුස්සති කර්මස්ථානයෙහි අන්තර්ගතය.

ඉතිරිය»

මිහින්තලා පුදබිමේදී කප්රුක් පූජාව පැවැත්වීම මහත් ආනිශංස ගෙන දෙන පින්කමක්

මෙරට ප්‍රථමයෙන්ම වස් සමාදම් වූයේද, ප්‍රථම කඨින පූජාව පැවැත්වූයේ ද මිහින්තලා පුදබිමේදී, එවන් පුද බිමක කප්රුක් පූජාවක් පැවැත්වීම මහත් ආනිශංස ගෙන දෙන පින්කමක් යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කර ගත් පරිදි සෑම පුර පසළොස්වක දිනකම නොකඩවාම පවත්වනු ලබන කප්රුක් පූජාවේ පස්වෙනි කප්රුක් පූජාව අනුරාධපුර ලේක්හවුස් ආයතනපේ ප්‍රධානී එන්.පී.මංජුල මහතාගේ සංවිධානයෙන් ඉකුත් වප් පුන් පොහෝදින මිහින්තලා පුද බිමේදී පැවැත්විණි. මෙවර දායකත්වය වැල්ලවත්ත සමාජ සේවා පදනම විසින් සිදු කර තිබුණි.

ඉතිරිය»

සිදුහත් කුමරුට නම් තැබීම.
සිතුවම - කේ.ඩී. රුක්ෂාන් සම්පත්

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

ඉතිරිය»

 

ඉතිරිය»

 

ඉතිරිය»

 

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]