UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කැලණිය, ගල්බොරැල්ල නො. 19 හි පදිංචි අවරුදු 36ක් වයසැති දෙදරු පියෙක් වන එන්. ජී. නිශාන්ත ප්‍රදීප් යන අයට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 0776476117 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

හික්කඩුව නලාගස්දෙණිය නො.228 හි එල්.ඩබ්ලිව්.ජේ. දේවිකාද අල්විස් අවු.46 ක එක්දරු මවක වන අතර හෘද රෝගයකට බඳුන් වීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය නිර්දේශයට අනුව හදවත් සැත්කමකට නිර්දේශකොට ඇති බව කියයි.

සැමියා දියවැඩියා සහ හෘද රෝගයෙන් පෙළෙන අතර දකුණුපාදයේ මහපට ඇඟිල්ල සහිත කොටසක් ඉවත් කිරීමෙන් පසු ආර්ථිකය බිඳ වැටී ඇති බවද, දරුවා ගණිත අංශයෙන් උසස්පෙළ සඳහා ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන බවද කියයි. ඖෂධ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා හෘද සැත්කම පෞද්ගලිකව කරගැනීමට ආර්ථිකය ශක්තිමත් නැති බවද කියයි. ඉක්මනින් හදවත් සැත්කම සිදුකරගැනීම සදහා ආධාර උපකාර පතයි. පහත ගිණුම් අංකයට ආධාර මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

ගිණුම් අංකය – කොමර්ෂළ් බැංකුව හික්කඩුව– 8140024344

දුරකථනය –0914913963

****

මොදරවාන, යටිගල, උඩහගෙදර එල්.කේ. දිනූෂා දිල්රංගි නමැත්තිය වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියයි. ඕ නෙගෙටිව් ,ඒ පොසිටිව් හෝ ඒ නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0774520526,0771143213,0718853957 හෝ 0787168141 දුරකතන අංකයක් වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

කොලඹ 09,දෙමටගොඩ සාවියා පල්ලියපාර, 39/7 ලිපිනයේ පදිංචි සන්මුගන් රාජේන්ද්‍රන් නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඒ හා ඕ වර්ගයේ වකුගඩුවක් ඔහුට අවශ්‍යව ඇති බවද කියයි. ඔහු සුවපත් කිරීමට වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් මෙහි සඳහන් දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. 0757090726,0757667470

****

හෝමාගම පිටිපන මහින්ද මාවත 466/5 සඳහන් ලිපිනයෙහි පදිංචි අරුණ සිසිර කුමාර කුඩමා දුව දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන එක් දරු පියෙක් බවත් දැනට මාලිගාවත්ත රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට ඉතා ඉක්මනින් “ ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව එම රෝහලේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා දන්වා ඇති බවකියයි. මෙයට පෙරද වකුගඩුවක් බද්ධ කළ අයෙක් වන හෙයින් ඊට ද විශාල මුදලක් වැය වූ බවද කියයි. රැකියාවක්ද කර ගැනීමට නොහැකි ඔහු ආර්ථීක අතින් ද අසරණ වී ඇති බවද රෝගියා කියයි. ගිණුම් අංකය 79196363 ලංකා බැංකුව වෙත ආධාර කළ හැකි අතර දුරකථන අංක 0766468432, වෙතින් විස්තර විමසිය හැකිය.

****

මොනරංගල වැවේලන්ද බදුලුවෙල ඒ.එම්. රම්‍යා පි‍්‍රයදර්ශනී කොළඹ ජාතික රෝහලෙන් දැනට ප්‍රතිකාර ලබන අතර ඇයට අක්මාවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා මුදලක් වැය වන අතර ලංකා බැංකුව ගිණුම් අංක 9773799 සහ සෙලාන් බැංකුව 0310 30461328 – 101 ගිණුම් වෙත ආධාර කළ හැකි බවත් විමසීම් 0772847329 අංකයෙන් කළ හැකි බව කියයි.

****

කොළඹ 14 මහවත්ත පටුමග අංක 64/12/1 ඒ උදයකුමාර මහතා දෙදරු පියෙක් බවත් ටික කලක සිට හදවත් රෝගියකු බැවින් ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කමක් කිරීමට නියමිතව ඇති බවද කියයි. එම සැත්කම සඳහා ආධාර අපේක්ෂා කරන අතර ලංකා බැංකුව ග්‍රෑන්ඩ්පාස් ශාඛාවේ ගිණුම් අංක 73047689 වෙත බැර කළ හැකි අතර 071 8829351 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.

****

බත්තරමුල්ලේ පදිංචි අවු. 38 ක් වූ දෙදරු මවකට “බී පොසිටිව්, නෙගටිව් හෝ ඕ පොසිටිව්, නෙගටිව් වර්ගේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලියෙකුගේ සහාය පතයි. දුරකථන අංක 077 5204001, 0772833315 වේ.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු සඳහා ඉතා ඉක්මනින් ‘ඕ නෙගටිව් හෝ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලී මහතෙකු හෝ මහත්මියක සිටී නම් පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය 0750778632, 072 9967679.

****

තණබිම, පොල්පැලකැටිය, තල්ගස්වල ලිපිනයේ පදිංචි එක් දරු මවක වන ඩබ්.රේණුකා දමයන්ති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා තීරණය කර ඇති බව කියයි. ඇයගේ ලේ වර්ගය “බී පොසිටිව්” වන අතර ඒ සඳහා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. සමෘද්ධිලාභියෙකු වන ඇයට දැනට ස්ථිර රැකියාවක් නොමැති අතර සුළු වෙළෙඳාමක් කර ජීවත් වන බැවින් එකම දියණිය දැනට උසස් පෙළ හදාරන අතර ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් ද මාසිකව විශාල මුදලක් වැය වන බවද සියලු ආර්ථික ගැටලු සමඟින් බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක නියැලෙන අතර දැනට සතියකට දෙවරක් රුධිර කාන්දුකරණය කරන අතර ගමන් වියදම් සඳහා මාසිකව විශාල මුදල් ප්‍රමාණයක් වැඩ වන බවත් කියයි. ඩී.ජී. කුලතිලක, ‘දර්ශන’, තණබිම, පොල්පැලකැටිය, තල්ගස්වල ලිපිනය වන අතර තල්ගස්වල මහජන බැංකුව ගිණුම් අංක 272 – 2 – 001 – 0 – 0053100 වෙත ආධාර කළ හැකි බවද කියයි. දුරකථන අංකය 072 3927888

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]