UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සොඳුරු ජීවිතයක යථාව වටහා ගත යුතුයි

සොඳුරු ජීවිතයක යථාව වටහා ගත යුතුයි

ස්වාමිපුරුෂයකු, භාර්යාවක , දරුමල්ලන් අතර ලෙන්ගතුකම් ස්නේහවන්තකම් දයාබරකමි, සාමුහිකත්වය, විශ්වසනීයභාවය අන්‍යෝන්‍ය සුහදතාවය,සංහිඳියාව යන සැම දෙයක්ම අතීතයේ පැවතුනා සේ වර්තමානය තුළද පවතිනවා. ෙමි සියල්්ලම සමඟ ජීවිතය ගැට ගැසී තිබෙනවා. ෙමි සැම දෙයක්ම පෙර තිබුණා සේම වර්තමානය තුළ පවතින අතර ෙමි සියල්ලම සමඟ ජීවිතය ගමන් කරනවා.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් පුර පසළොස්වක පොහෝ දින(ඔක්තෝබර් 15 වනදා ) පත්‍රයේ පළ විය.

එවැනි ජීවිත සත්තුන්ට නැහැ. එක දවසේ එක ෙවිලාවට පැටවු බිහිකරන සුනඛ ආදී සත්තුන්ට සහෝදරකම් නැහැ. සත්තුන්ට භාර්යාවරු සහ ස්වාමිපුරුෂවරු නැහැ . සත්වලෝකයේ ගැහැනු සතුන් සහ පිරිමි සතුන් පමණක් ජීවත් වෙනවා. ගැහැනු සතා යනු භාර්යාව නොෙවි. පිරිමි සතා යනු ස්වාමිපුරුෂයා නොෙවි. පැටවු යනු දරුවන් නොෙවි. දරුවන්ට දරුකම තිබුණාට සත්තුන්ට එය නැහැ.සතුන් වැඩුණාට පසු තාත්තාට දුව හඳුනාගන්න බැහැ.අමිමාට පුතා හඳුනාගන්න බැහැ. අක්කාට අයියා හඳුනන්න බැහැ. මල්ලිට නංගි හඳුනන්න බැරි යමෙකුද , මිනිස් ශරීරයක් ලබාගත් සත්තු මිස ඔවුන් බෝසත්තු නොවෙයි.

ඇතැමුන්ට තම ජීවිතය තුළ සහෝදරකම වැදගත් වන්නේ නැහැ. සමහර අයෙකුට තාත්තාකම වැදගත් නැහැ. සමහර අයෙකුට අමිමාකම වැදගත් නැහැ.සමහර අයෙකුට දරුකම වැදගත් වන්නේ නැහැ. මේ මහා සමාජය තුළ අපට ඇසට පෙනෙන දකින මානයේ නිදසුන් ඕනෑතරම් සොයාගත හැකියි.එම නිසා දැවැන්ත නිදර්ශන ගෙන හැර දැක්විය යුතු නැහැ.

වර්තමාන සමාජය තුළ අම්මාට අම්මාසේ නොසළකන්නාවූද,තාත්තාට තාත්තා සේ නොසළකන්නාවූද,සහෝදරයන් අතර ලෙන්ගතුකම් ඇතිකර නොගන්නාවුද,සමාජයක් නිර්මාණය වෙයි. වෙරළු ගෙඩි හරි අටකට කපාගෙන අතීතය තුළ ජීවත් වූ අප, සත්කුළු පව් විලාසයෙන් ජීවත්ව සිටි අප, පැළඉණි වැටට ඇයි අද ඇණ කොටාගන්නේ. වර්තමාන සමාජය තුළ සහෝදරකම දියවෙලා ශරීරය පමණක් ඉතිරි වෙලා. ශරීරය පිළිබඳව පමණක් සිතිවිලි ඉතිරි වෙලා.

සත්තුන්ට හැඟීම් ,දැනීම් ,විඳීම්, නැහැ. හැඟීම් නැති,දැනීමි නැති සත්තුන්ට විඳීම් තිබෙනවා. මිනිසුන්ට විඳීම් වලට කලින් හැඟීම් දැනීමි තිබෙනවා මිනිසුන් ශරීරය පිළිබඳව සිතන ප්‍රමාණයේ වපසරියේ දිග පළල ඒ ආකාරයි. සතෙකුට තමන්ගේ සඟයකු මියගිය විට දැනෙන දුකේ ප්‍රමාණයක් තිබෙනවා. මිනිසුන්ට අවබෝධයක් සමඟ එම දුක ප්‍රමාණය තීරණය වී තිබෙනවා.සත්තුන්ට සංස්කෘතියක් නැති වුණාට මිනිසුන්ට සංස්කෘතියක් තිබෙනවා. සත්තුන්ට ආහාර පද්ධතියක් සහ ක්‍රමවේදයක් නැහැ. මිනිසුන් සතුව එවැනි ක්‍රමයක් තිබෙනවා. මිනිසුන් ඥාති සමිබන්ධතා ගොඩනැඟුවාට සත්තු ඥාති සමිබන්ධතා ගොඩනඟන්නේ නැහැ. සත්තුන්ට සන්තකයන් නැති වුණාට මිනිසුන්ට සන්තකයන් තිබෙනවා. මිනිසුන්ට චාරිත්‍ර වාරිත්‍ර තිබුණාට සත්තුනට චාරිත්‍ර වාරිත්‍ර නැහැ.මිනිසුන්ට විශේෂතා තිබුණාට සත්තුන්ට ෙමි සියලු දේ නැහැ. “ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු සිතනවා නමි,එසේ සිතා ජීවත් වනවා නමි, ඉඩමක් ගෙන එම ඉඩම වටා තාප්පය බැඳ තාප්පයට ගේට්ටු දමා ගේට්ටුවට ඉබ්බෙකුද දමා ඉබ්බාට යතුරු දමා ගෙයක් සාදා මට මම පමණයි. කිසිවෙකුවත් නැතිවාට මට ප්‍රශ්නයක් නැහැ. යනුවෙන් සිතා තනියම ජීවත් වීමට සිතනවා නමි, ශරිරීරය පමණක් ඉතිරි වෙන තැනකට පැමිණිලා. ශරීරය පමණක් ඉතිරි වෙන තැනින් අප ඉවත් විය යුතුවන්නේ ජීවිතය ලෙස වෙන එකක් තිබෙන නිසයි. එකී විශ්වසනීය භාවය තුළ බැඳීතිබෙන මහා සංස්කෘතිය ,ජාතියක් රටක් දේශයක් පරිසරයක් පිළිබඳ හැඟීමක්, අතීතයක් අනාගතයක් , මහා දැනුම සම්භාරයක්,මහා සහෝදරකමක් ලෙන්ගතුකමක්,සංහිඳියාවක් එකිනෙකා පිළිබඳව තිබෙන්නාවු විශ්වසනීය භාවය සමුපකාරික සාමුහික පැවැත්ම සත්තුන්ට නැහැ. ශරීරයට තිබෙන පණ ගැටගසා ගැනීම උදෙසා වැඩ පිළිවෙලක් තිබෙනවා එම වැඩ පිළිවෙල ශරීරය නඩත්තු කිරීම මිස ජීවත්වීම නොවෙයි. ශරීරය . නඩත්තු කරනවාට වඩා ජීවිතය ජීවත් කරවීම හාත්පසින් වෙනස් වුූවක්. ඒ පිළිබඳව අවධානය යොමු විය යුතුමයි.හමිබකරල ගේ දොර හදල ඉතිරි කළ මුදල් වලින් ඉතිරි කාලය තුළ ජීවත් වීමටත්, ලෙඩක් දුකක් වූ විට ගැනීමටත් රක්ෂණයක් තබාගැනීම යන සියල්ල ශරීරය කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නා වූ වැඩපිළිවෙලක්. එනිසා ජීවිතය නම්, කිමැයි කියා සොයන්නට සිදුවෙයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් අමාවක පොහෝ දින(ඔක්තෝබර් 30 වනදා ) පත්‍රයේ පළ වේ.

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]