UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුදබිමේදී කප්රුක් පූජාව පැවැත්වීම මහත් ආනිශංස ගෙන දෙන පින්කමක්

මිහින්තලා පුදබිමේදී කප්රුක් පූජාව පැවැත්වීම මහත් ආනිශංස ගෙන දෙන පින්කමක්

මෙරට ප්‍රථමයෙන්ම වස් සමාදම් වූයේද, ප්‍රථම කඨින පූජාව පැවැත්වූයේ ද මිහින්තලා පුදබිමේදී, එවන් පුද බිමක කප්රුක් පූජාවක් පැවැත්වීම මහත් ආනිශංස ගෙන දෙන පින්කමක් යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කර ගත් පරිදි සෑම පුර පසළොස්වක දිනකම නොකඩවාම පවත්වනු ලබන කප්රුක් පූජාවේ පස්වෙනි කප්රුක් පූජාව අනුරාධපුර ලේක්හවුස් ආයතනපේ ප්‍රධානී එන්.පී.මංජුල මහතාගේ සංවිධානයෙන් ඉකුත් වප් පුන් පොහෝදින මිහින්තලා පුද බිමේදී පැවැත්විණි. මෙවර දායකත්වය වැල්ලවත්ත සමාජ සේවා පදනම විසින් සිදු කර තිබුණි.

එම කප්රුක් පූජාව පිළිබඳව වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙසේද පැවසූහ. මේ උතුම් කප්රුක් පූජාව අද දින (15) අනුරාධපුර ලේක්හවුස් ආයතනයේ ප්‍රධානි එන්.පී.මංජුල මහතාගේ සංවිධානයෙන් ලේක්හවුස් ප්‍රධාන කාර්යාලයේ සහකාර සුබසාධන නිලධාරී සමින්ද විජේතුංග මහතාගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද හාමුදුරුවන්ගේ දායකත්වයෙන් මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ සිවිල් ආරක්ෂක නියාමක වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මිහින්තලා මහ සෑරදුන් වෙත කප්රුක් පූජාව පැවැත්වීමෙන් පසු වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් ආගමික වතාවත් පැවැත්වූ අයුරු

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මිහින්තලා මහ සෑයට කප්රුක් පූජාවක් පැවැත්වීම මහා පින්කමක්, මහා දාඨික මහා නාග රජු විසින් මෙම සෑය නිර්මාණය කර තිබෙනවා. අද වස් පවාරණ දිනය, කඨින චීවර මාසය ආරම්භ වන දිනය, පළමුවෙන්ම වස් සමාදම් වූයේත්, පළමුවෙන්ම කඨින පූජාවක් පැවැත්වූයේත් මේ මිහිත්තලා පුද බිමේදී, පින් කම් රැසක්ම සිද්ධවෙච්ච පින් බිමක්. මේ සඳහා උදව් උපකාර කළ සියලුම, දෙනාට, ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතාට, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතාට, වැල්ලවත්ත සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල් දොල පියනන්ද හාමුදුරුවන්ට, මිහින්තලා සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ සැමටම, අනුරාධපුර ලේක්හවුස් ආයතනයේ සහ ප්‍රධාන කාර්යාලයේ සැමටම අප ආශිර්වාද කරනවා යැයි උන්වහන්සේ පැවැසූහ.

මෙම කප්රුක් පූජාවේ ආගමික වතාවත් වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් සිදු කරන ලදී.

මිහින්තලා ලේක්හවුස් මෙම කප්රුක් පූජාව සඳහා අනුරාධපුර ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී, එන්.පී.මංජුල, ලේක්හවුස් ප්‍රධාන කාර්යාලයේ සහකාර සුබසාධන නිලධාරී සමින්ද විජේතුංග, වැල්වත්ත සමාජ සේවා පදනමේ ලේකම් චන්ද්‍ර පොන්සේකා, මිහින්තලා සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක කපිතාන් සුබසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් භාරව කටයුතු කරන කර්නල් විජේකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර මිහින්තලා පොලිස් ස්ථානය සහ මිහින්තලා මහා විදුහල කප්රුක් පූජා පෙරහර වර්ණවත් කිරිමට දායකත්වය ලබා දී තිබුණි.

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]