UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුව 27-28

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමිපාණන්ගේ සිව් වැනි ගුණානුස්මරණය ප්‍රධාන කොට පැවැත්වෙන ගූණ සමරු පින්කම් මාලාව මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයේදී පැවැත්වේ. අගෝස්තු 27 සහ 28 වනදා බෞද්ධ පොත් ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ රන්දෝලි මහා පෙරහර 26 වනදා පැවැත්වෙන

කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය

 

ඓතිහාසික රිදී විහාරය මූලික කරගත් රිදී විහාරස්ථ පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව විචිත්‍රවත් අන්දමින් මෙවරත් පැවැත්වෙයි. රිදී විහාරයේ විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ගේ අනුශාසනා මත රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් පෙරහර සංවිධානය කෙරෙන අතර අවසන් රන්දෝලි මහපෙරහර මෙම මස 26 දින වීදි සංචාරය කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දන්දීමේ අරමුණ අත්හැරීමයි

දානය යන වචනය අපේ බෞද්ධ ජන සමාජයට අතිශයින් හුරු පුරුදු වචනයක්. ඒ පමණකුත් නොවෙයි. දන්දීම හුරු පුරුදු ක්‍රියාවක් විශේෂයෙන් බෞද්ධ සමාජයේ හැම කෙනෙක් ම විවිධාකාර දන් දෙනවා. වෙසක්, පොසොන් දිනවල විශේෂයෙන් දන්සැල් දෙනවා, අනෙකුත් දිනවල මාස් පතා පන්සලට පේරු දානය නැත්නම් සලාක දානය දෙනවා. කෙනෙක් මිය ගිය විට පවුලෙ අය එකතුවෙලා තුන්දින දානය, හත්දින දානය , තුන්මාසයේ දානය, අවුරුද්දේ දානය ආදී වශයෙන් දන් දෙනවා. ඇස් දන් දෙනවා. ශරීර අවයව මරණින් පසු දන් දෙන්නට එකඟ වෙනවා. ලේ දන් දෙනවා, ශ්‍රමදාන නමින් ශ්‍රමය දන් දෙනවා. මේ විදියට බෞද්ධයන් අතර පමණක් සුවිශේෂ මෙහෙම දන්දීමේ පිළිවෙළක් අපට දකින්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේත් හැම පින්කමකට ද මුලින් සඳහන් කොට දේශනා කර ඇත්තේ දන් දීමේ වටිනාකමයි. මේ දානය යන ක්‍රියාව බුද්ධිමත් බෞද්ධයා සොයා යන්නේ ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල සිතිවිලි යටපත් කරගෙන අත්හැරීම යන ක්‍රියා සාක්ෂාත් කරගැනීම මඟින් තමන්ගේ සසර ගමන කෙටිකර ගැනීමටයි.

ඉතිරිය»

සීනිගම ඇසළ උළෙල

සීනිගම වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 05 දින කප් සිටුවා අගෝස්තු 26 වනදා පෙරවරුවේ කාව්‍යකීර්ති ආචාර්ය සේන අම්බලන්ගොඩ මහතාගේ සීනිගම දෙවොල් දෙවියෝ නමැති ග්‍රන්ථය දොරට වැඩීම ඇසළ මංගල්‍යය උදා සමුළුවේදී එළිදැක්වේ. උදා සමුළුව පවත්වා එදිනම රාත්‍රී 8.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා අගෝස්තු 27 දින පෙරවරු 7.00 ට මහා සංඝ රත්නයට හීල දානය පිරිනමා පෙරවරු 9.00 ට දේවාභිෂේක නානු මුර මංගල්‍යයද රාත්‍රී 8.00 ට කාව්‍යකීර්ති කනංකේ ලතාද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කවි මඩුවද අගෝස්තු මස 28 වැනි දින පස්වරු 1.10 ට පළමු දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයටද, 29 දින පස්වරු 1.15 ට දෙවැනි දිවා මහා පෙරහර හික්කඩුව සංචාරක පුරවරය දක්වාද, 30.31 යන දිනයන්හි රාත්‍රී 9.30 ට රාත්‍රී මහා පෙරහරවල් දෙක සීනිගම පුරවරයේදී වීථී සංචාරය කරනු ලැබේ.

ඉතිරිය»

බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර 27වනදා

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]