UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දක්ෂිණාරාමයේ වෙසක් පින්කම


ගල්කිස්ස දක්ෂිණාරාම නාලන්දා ධර්මායතන පිරිවෙන් මහා විහාරස්ථානයට වසර සියයක් ( 100 ) සපිරෙන වජ්‍රජයන්තිය නිමිත්තෙන් ශ්‍රී. බු. ව. 2560 වන සම්බුදු තෙමඟුල සමරනු වස් ධර්මදේශනා මාලාවක් පැවැත් වේ. මැයි මස 07 වන දින රාත්‍රී 7.00 ට සියවස් සැමරුම් දම් දෙසුම කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති අහංගම ජයසුමනාරාමාධිපති කැනඩාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් විසිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විඤ්ඤාණය ඉවත් වූ විට සිරුර දරකඩක් වැනිය

ධම්ම පදය බෞද්ධ අත්පොතේ චිත්ත වග්ගයට අයත් ඉහත ගාථාවේ සරළ අදහස වන්නේ “ඉවතලු දර කැබැල්ලක් මෙන් මෙම කය පහවූ සිත් ඇති බැවින් හිස්ව නොබෝ කලකින් පොළොවට පතිත වන්නේය” යනුයි. බුදුරජාණන් වහන්සේ මෙම ශරීරය ලෝකයට උපමා කළා. තමා තුළින් ලෝකය දකින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා.  ලෝක නිර්මාණය හේතුඵල දහමක් අනුව ඇති වන්නක් බව බුදුරජාණන් වහන්සේ දුටුව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ඇසට නොපෙනෙන ඉතාම සියුම් ධාතු කොටස් තුළින් ලෝකය නිර්මාණය වී ඇති බව බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් ප්‍රත්‍යක්ෂ කළා. පරමාණු, න්‍යෂ්ටික ලෝකයේ ඉතාම සියුම් දෙය බව විද්‍යාඥයින් ප්‍රකාශ කළත් සතරමහා මහා ධාතු එයටත් වඩා සියුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතරමහා ධාතුන්ගේ හේතුවෙන් සත්ත්වයා සහ ලෝකය නැතොත් සොබාදහම නමැති ඵලය ඇති වන බව සනාථ කළා. ලෝකය යනුද, සත්ත්වයා යනුද, සොබාදහම යනුද හේතුඵල දහමක් පමණය. එය සතරමහා ධාතුන්ගේ හේතුවේ. ඵලයක් පමණය. “ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. එසේනම් සොබාදහම සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.

ඉතිරිය»

චරිතාපදානය-12:

මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

බුද්ධ කාලයේ මෙන් නොව වර්තමානයේ තිබෙන සමාජ රටාව අනුව භික්ෂූන් වහන්සේ නමකට වුවද පුහුදුන් මේ සමාජයේ වැඩි පිරිසකගේ ප්‍රසාදයට ලක්ව දිවි ගෙවීම එතරම් පහසු නැත. මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ අතින් විශේෂ ස්ථානයක් ගත් භික්ෂූන් වහන්සේ නමක් බව කියා සිටිය යුතුමය. උන් වහන්සේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙසින් මෙන්ම දක්ෂ කථිකයකු සමාජ සේවකයාණන් වහන්සේ නමක් ලෙසින් ද ජාතිහිතෛෂී වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි භික්ෂූන් වහන්සේ නමකි. එමෙන්ම විශේෂයෙන් සියලු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි භික්ෂූන් වහන්සේ නමක් ලෙසින්ද සෝභිත හිමියන් හඳුන්වා දිය හැකිය. භික්ෂූන් වහන්සේ වැඩියෙන්ම රැස්වන ස්ථානයක සෝභිත හිමියන් සිටියහොත් එහි ඇත්තේ අමුතු ගාම්භීර බවකි.

ඉතිරිය»

අප්‍රමාදය අමෘත පදයකි

කම්මැලිකම, වැඩ කල් දැමීම, පසුබට වීම, හෙට ගැන විශ්වාසය තැබීම ආදි දුබලතා රැසක් ජීවිතය ඉදිරියට නොයවා ආපසු ගෙන යයි. අදට වඩා හෙට හොඳ යැයි සිතා අද කළ හැකි දේ හෙටට කල් තබනවා. එයින් සිදුවන්නේ හෙට දක්වා තිබූ කාලය අපට අහිමි වී යාමයි.මේ අප උපත ලබා ඇත්තේ ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයකයි” “දුක දුක ඇතිවීම” දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය” (ප්‍රශ්නය ප්‍රශ්නයට හේතුව – විසඳීම විසඳන ක්‍රමය) යන චතුරාර්ය සත්‍යය සියලු දෙනා ම හඳුනාගෙන සිටිති. එහෙත් එය පිළිපැදීම කල්ප ගණනකට කල් තබා ඇත.

ඉතිරිය»

සිතුවම - කවිඳු නීරාන් විදානපතිරණ

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]