UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මාතර, මැද්දවත්තේ පදිංචි නදීකා වසන්ති වන 33 හැවිරිදි දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින බවත් සතියකට දෙවරක් රුධිර කාන්දුකරණය කරනු ලබන ඇයට “ ඒ, බී, ඒබී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයිද කියයි. පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 071 8063355, 077 8213331 දුරකථන අංක වෙත අමතන ලෙසද ආධාර සඳහා 6155605 (ගිණුම් අංකය) ලංකා බැංකුව, මාතර ගිණුමට බැර කළ හැකි බවද කියයි.

****

ගාල්ල වඳුරඹ, කොස්ගොඩකන්ද නො. 168/1 ලිපිනයේ පදිංචි තිලක් ශාන්ත සොයිසා යන අයගේ ඇස් දෙකම නොපෙනෙන බවත් ඊට හේතුව වසර කීපයකට පෙර සිදුවූ හදිසි අනතුරක් බවත් කියයි. ඔහුගේ ඇසේ සියුම් ශල්‍යකර්මයක් සිදුකරනුයේ ඉන්දියාවේදී බවත් මීට අවුරුදු අටකට පෙර එක් ඇසක් සඳහා ශල්‍යකර්ම කීපයක් සිදුකර එම ඇසේ පෙනීම නැවත ලබා ගත් බවද කියයි. ඒ සඳහා ජනාධිපති අරමුදල මගින් මුදල් ලබා දී තිබෙන බවද කියයි. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහුගේ ලොකු දුව වයස අවුරුදු 15, අනිත් දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 12 සහ 7 ක් වන බවද කියයි. එම ශල්‍යකර්මයක් සඳහා ඉන්දියන් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් (1, 50,000) අවශ්‍ය බවද එම මුදල සොයා ගැනීමට ඉතාමත් අසීරු කාර්යයක් බවද සුවකර ගැනීම සඳහා ඔහු හට පිහිට වන මෙන් ඉල්ලීමක් කරයි. දුරකථනය – 077 0235327, ගිණුම් අංකය 325 – 2 – 00100008724 (ගාල්ල වඳුරඹ මහජන බැංකුව)

****

මීගමුව, මිනුවන්ගොඩ පාර නොම්මර 36/3 හි පදිංචි එම්.එල්.සී. ප්‍රනාන්දු නමැති අයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයිද එම ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.

****

ඒ.ඒ. ආර්. ඉරෝෂනී නමැත්තිය වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඇය හට “ඕ වර්ගයේ හෝ ඒ වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. එමනිසා ඇය සඳහා බද්ධ කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් දුරකථන අංක 071 3203916, 076 9440488 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

65/2, බුත්ගමුව පාර, රාජගිරිය ලිපිනයෙහි පදිංචි බී.එස්.ජේ. පෙරේරා මහතාට (අවු. 55 ) අක්මාවේ කොටසක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය ජනක ද සිල්වා මහතා විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා “ඒ” කාණ්ඩයේ අක්මා කොටසක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලි අය අමතන්නැයි ඉල්ලීමක් කැරේ. ඉඳුනිල් 071 7579545, 076 7481368

****

කිරිවත්තුඩුව ආඬියාමුල්ල, 2 වන පටුමගේ 434/ සී ලිපිනයේ පදිංචි සුභා කමලාවාසිනී වන්නිආරච්චි යන අයට, වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇතැයි කියයි. පරිත්‍යාගශීලී අයකුගේ “බී” හෝ “ඕ” ලේ වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කරන අතර මූල්‍යම ආධාර මහජන බැංකුව කහතුඩුව ශාඛාවේ අංක 00327 – 2 – 001 – 2 - 0013974 ගිණුමට බැර කළ හැකි අතර වැඩි විස්තර 077 9424487 යන දුරකථනයෙන් දැන ගත හැකි ය.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]