UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මරණයෙහි සැබෑ අර්ථය වටහා ගතහොත් ශෝකයෙන්

මරණයෙහි සැබෑ අර්ථය වටහා ගතහොත් ශෝකයෙන් තැවෙනවාද ?

අප ලොව්තුරා අමාමෑණිි බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත්තාවූ ගැඹුරු ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මය පුහුදුන් සත්වයන්ට වැටහෙයිද නැද්ද යනුවෙන් කල්පනා කරමින් සිටින අවස්ථාව තුළ සහම්පතී මහා බ්‍රහ්මයා එතැනට පැමිණ ධර්මදේශනා කරන ලෙස බුදුපියාණන් වහන්සේට ආරාධනා කරනු ලබයි.

ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා යනුවෙන් ඉල්ලීමක් කරනු ලබයි. සහම්පතීී මහා බ්‍රහ්මයාත් බ්‍රහ්මලෝකය තුළ බ්‍රහ්මයෙකුගේ ස්වභාවයෙන් වැඩ සිටි රහතන් මහන්සේ නමක් බව ඔබ අවබෝධ කොට ගත යුතුයි.

බුදුු පියාණන් වහන්සේ විසින් විස්මිත ලෙස අවබෝධ කළාවූ ධර්මය සියලුම සත්වයන්ට තේරුම් ගත හැකිද යන්න සර්වඥතා ඤාණයට සමවදිනු ලැබුව හොත් පමණක් උන්වහන්සේ ගේ ඤාණයට ලෝක සත්ත්වයා හසුවනු ඇති අතර එවිට බුදුපියාණන් වහන්සේ එය අවබෝධ කරගනු ලබයි.සහම්පතී මහා බ්‍රහ්මයාද බුදුපියාණන් වහන්සේට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කරනු ලැබුවේද සමාධියට සමවැදුණාවූ අවස්ථාවකදී නොවන බව තේරුම් ගත යුතුය. අනාගාමීව මහ රහත් ඵලයට පත්වූ උතුමෙකු ලෙස එතැනින් පසු නැවත ඉපදීමකින් තොරව නිවන් දකිනු ලබයි. සහම්පතී මහා බ්‍රහ්මයාද බ්‍රහ්ම ලෝකය තුළ ජීවත් වූයේද, රහතන් වහන්සේ නමක ලෙසය.

කාම රාඝ සහ පඨිඝය අනාගාමී ඵලයට පත්වු විට සම්පූර්ණයෙන්ම නැති වන බව ධර්මයේ සදහන්ව ඇත. පඨිඝ යනු ද්වේෂ මූලික වූ සිතයි. එවිට දෝෂ මූලික වූ සිත සම්පූර්ණයෙන්ම ක්ෂය වී යනු ලබන්නේත් මෛත්‍රීය වැඩීම තුළින් පමණයි.

මෛත්‍රී භාවනාව වැඩෙන විට පඨිඝය දුරු වී, යයි. පඨිඝය දුරු වුණාය යනු අනාගාමී තත්වයට පත් වුණාය කියන අවස්ථාවයි. යමෙකුගේ මරණයකදී අපට එන පඨිඝය දුරු කරගැනීමට නම් එම තැනැත්තා වෙනුවෙන් පාංශුකූලය දී පින් දිය යුතු බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. සත් දවසින් ධර්ම දේශනාවක් පවත්වා දානයක් පූජා කර පින්දිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත්තේද එම නිසයි. එම පුද්ගලයා තුළ මෛත්‍රී සහගත සිතක් උපදවාගන්නේ නැතිව පින් ලබාදිය නොහැකියි.

අප තනිකර දමා ගියා කියන තරහව මරණයත් සමඟම පැමිණෙන අතර එය දුක ලෙස එලියට පැමිණෙයි. එම තරහව ඇති වුණ සිතට ප්‍රතිවිරුද්ධ කුසල වෛතසිකයන් සමඟ මෛත්‍රිය පුහුණුකර විය යුතු බවට බුදු හිමියන් වදාරා ඇත. දාර්ශනික දේශනා පැවැත්වීම තුළින් එම අවස්ථාවන් තුළ මෛත්‍රිය පුහුණු කළ නොහැකියි.

පින් දීමට පෙර ඔහු කරන්නාවූ යහපත් දේ පිළිබදව ස්වාමීන් වහන්සේ දේශනා කරනු ලබන්නේද ද්වේෂය ඉවත් කරගනිමින්ම මරණකාරයාට පින්දීම සඳහා පරිසරය ගොඩනගා ගැනීම සඳහායි. දුර්ගුණ සියල්ල අමතක කරමින් එම තැනැත්තා හෝ තැනැත්තිය තුළ තිබෙන්නාවූ යහගුණ ටික ප්‍රකාශ කරමින් අවසානයට පැන් වඩා පින් අනුමෝදන් කරයි. එවිට මෛත්‍රී සහගත කුසල් සිත බලවත් වෙයි. එම සිත මුදුන් පත් කරගැනීමට ප්‍රයෝජනවත් පින්කමක් ලෙස ධර්ම දේශනා ප්‍රයෝජනවත් වෙයි.

බණ දහම් ඇසීම තුළින් අවබෝධය වැඩි වීම නිසාම නිවැරැදි දැක්මක් ලැබෙන නිිසාම එම දැනුවත්කම දාර්ශනිකබව නිවැරැදිකම, බුද්ධිය අප තුළ වැඩීමත් සමඟ අප තුළ පඨිඝය ප්‍රහීණ වී යයි. අවබෝධය වැඩි වීම තුළින් පඨිඝය ප්‍රහීණ වී යනු ඇත. මළ ගෙදරකදී මළමිනිය බදාගෙන හඬන පිරිස් අතර සහ ඉතාම දැන උගත් ,මරණය පිළිබඳව නිවැරැදි අවබෝධයකින් යුක්ත බණ දහම් අසන පිරිසකගේ මළගෙවල් අතර ලොකු වෙනසක් දැකිය හැකිය. එම මිනිසුන් නොහඬන්නේ් ඔවුන්ට සිතක් පපුවක් නැති නිසා බවට ඇතමෙකු ප්‍රකාශ කරනු ලැබුවද,මරණය පිළිබඳව නිවැරැදිව දන්නා පිරිස හඬන්නේ නැත.

මරණයට පත්වූ තැනැත්තාට හෝ තැනැත්තියට මැරීමට අයිතියක් නැති බවට සිතන ඇතැම් පුද්ගලයන් වැඩිපුරම හඬනු ලබයි. සිතක් පපුවක් නොමැති කම නොවන අතර එය බුද්ධිමත් කම බව වටහාගත යුතුයි . බුද්ධිමත් මිනිසුන් මරණයෙහි සැබෑ අර්ථය වටහාගෙන එය නිවැරැදිව තේරුම් ගෙන සිටින නිසාම ශෝක කරමින් හඬන්නේ නැත.

අල්පශ්‍රැත භාවය හෙවත් දැනුම අඩුබව තරහව ප්‍රබලව පවත්වාගෙන යාමට එක හේතුවක් වන බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. අවබෝධයක් නොමැති පුද්ගලයන් කේන්ති ගන්නා ප්‍රමාණය වැඩිය. අප සමාජය තුළ කේන්ති වැඩියෙන් ගන්නාවූ මිනිසුන් සිටින අතර සමාජයේ අනෙකුත් පිරිස් ඔවුන් හඳුන්වන්නේද මෝඩයකු ලෙසය. කේන්තිය හෙවත් තරහව මෝඩ පුද්ගලයකුට අයත් කාරණාවක් බව වටහාගත යුතුයි. මෝඩ මිනිසා යනු උපාධියක් නැති යන කාරණාව නොවේ. උපාධි තිබෙන මෝඩයන් අප අතරද ඔීනෑතරම් සිටියි. බුදු දහම තුළ ප්‍රකාශ කරනු ලබන්නේ එම පිරිස පිළිබඳව නොවේ. ධර්මය පිළිබඳව අවබෝධයක් නොමැති පුද්ගලයා මෝඩයකුවේ. අනිත්‍ය, අනිත්‍ය ලෙස දැකීමට නොහැකි අසාරය, අසාරය ලෙස දැකීමට නොහැකි පුද්ගලයා බුදු දහම තුළ බාලයා ලෙස හඳුන්වයි. අපගේ දැනුවත් බව ධර්මය ශ්‍රවණය කරන විට වැඩිවන බවත් එම දැනුම වැඩි වීම නිසා පඨිඝය ප්‍රහීණ වී ශෝකය අඩුවී යයි. මළ ගෙවල් තුළ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා පවත්වනු ලබන්නේ එබැවිනි. මළ ගෙවල් වලදී අනිත්‍ය පිළීබද දැනුම වැඩිකළ යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මළ ගෙවල් වලදී අනිත්‍ය පිළීබඳව , අසාරය පිළීබදව ආත්මයක් නොමැති මේ ශරීරය පිළීබදව දැනුම වැඩි වීම තුලින් මිනිසුන් තුළ තිබෙන්නාවූ දුක අඩුකර ගනී. දුක අඩු වී යනවා යනු එම මරණය සමඟ තිබෙන්නාවූ ගැටුම අඩුවී යයි. එනිසා අපගේ මනස ක්‍රියාත්මක වනු ලබන්නේ එක රිද්මයකට බව අවබෝධ කොටගත යුතුය. පත්තිදාන හෙවත් පින් දීම යන කාරණාව ඇතුළත මෛත්‍රී සහගත සිත බලවත් කිරීමයි.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]