UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම මුල්ලේගම ආර්ය නිකේතනය

හෝමාගම මුල්ලේගම ආර්ය නිකේතනය


දැකුම් කළු කඳු මුදුනේ පසෙක බෝ මළුව

මාවරලේ භද්දිය හිමියන් විසින් හෝමාගම මුල්ලේගම, ශ්‍රී සීලාලංකාර මාවත 16/බී ආර්ය නිකේතනය 2012 වසරේ දී ආරම්භ කරන ලදී. සම්බුද්ධ ශාසනය තුළ විනයගරුක ධර්මධර සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් ඇති කිරීමේ පරම අභිලාෂයෙන් ආර්ය නිකේතනය ආරම්භ කළ බව මාවරලේ භද්දිය හිමියෝ පවසති. එම අරමුණ මල්ඵල දරමින් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ 45 නමක් ආර්ය නිකේතනයට ඇතුළත්ව ඇත. ඉතා දුෂ්කර පළාත්වල ග්‍රාමීය පන්සල්වලින් වැඩම කළ එම ස්වාමීන් වහන්සේලා විශ්වවිද්‍යාල වෙත යොමු නොවන ශාසනික අධ්‍යාපනයකට වසර දහයක පමණ කාලයක් නේවාසිකව වැඩ සිටිමින් යොමු කරනු ලැබීමට සැලසුම් කර ඇත. එම භික්ෂූන් වහන්සේලා මේ වන විට කාමර 7 ක පමණ වැඩ සිටිති. ප්‍රමාණවත් කුටි සහිත සංඝාවාසයක් ඉදිකිරීම 2013 අරඹනු ලැබූ අතර කුටි 70 කින් සමන්විත සිව්මහල් සංඝාවාසය ඉදිවෙමින් ඇත.

අවබෝධයෙන් යුතුව පැවිදිවී හික්මීමෙන් යුතුව වැඩ සිටින අතරම දැනුමෙන් ආකල්පයෙන්, කුසලතාවයෙන් පිරිපුන් භික්ෂු පිරිසක් බිහිකිරීම ආර්ය නිකේතනයේ ප්‍රාර්ථනය වේ.

ආර්ය නිකේතනයේ එම වැඩ පිළිවෙල අතර පැවිදිවීම සඳහා විහාරස්ථාන වෙත පැමිණෙන දරුවන්ට ධර්ම විනය සහ පැවිදිවූ පසු ගත කිරීමට සිදුවන ශාසනික සේවය පිළිබඳ නේවාසික පුහුණුව ලබාදීම, පැවිදි වී සිටින සාමණේර හිමිවරුන්ට පෙළ දහමට එකඟව නූතන මිනිස් ගැටලු හඳුනා ගනිමින් මැනවින් ධර්ම දේශනා පවත්වන ආකාරය පිළිබඳව නේවාසික පුහුණුව ලබාදීමත්, ගම්වැසියන්ගේ මානසික ගැටලු විසඳා ගැනීමට උපදේශන ලබාදීමට අවශ්‍ය බෞද්ධ හා බටහිර මානසික පුහුණුව ලබාදීමත් වේ.

සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, දෙමළ ඇතුළු භාෂා සහ පරිගණක පුහුණුව තුළින් භික්ෂූන් වහන්සේ ශක්තිමත් කර යහපත් ආකල්පවලින් පිරි සඟ පරපුරක් බිහිකිරීම උදෙසා පාඨමාලා සහ අධ්‍යාත්මික පුහුණු වැඩමුළු පැවැත්වීමත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු නොකොට ශාසනික අධ්‍යාපනය තුළ දස වසරක් පුරා අධ්‍යයන කටයුතු සිදු කිරීම තුළින් ප්‍රාචීන පණ්ඩිත විභාග සහ ත්‍රිපිටක ධර්ම විභාග සඳහා භික්ෂූන් වහන්සේ යොමු කිරීමත් වේ.

දැනට ශිෂ්‍යයන් වහන්සේලා 40 නමකගෙන් සමන්විතව පවත්වාගෙන යනු ලබන පුහුණු වැඩසටහන පුළුල් කර 100 නමක් දක්වා වර්ධනය කරනු පිණිස නේවාසික පහසුකම් පුළුල් කිරීම සඳහා කුටි 70 කින් සමන්විත සංඝාවාසය හැකි ඉක්මනින් ඉදිකර නිම කිරීමට අපේක්ෂා කරන බව මාවරලේ භද්දිය හිමියෝ පවසති.

බෝමළුවේ බුදු මැදුර අභිනවයෙන් ඉදිකොට ඇති ධර්ම ශාලාව
දර්ශනීය කඳු මුදුනක ඉදි කෙරෙමින් පවතින චෛත්‍ය රාජයා ඉදිවෙමින් පවතින කාමර 70 කින් යුත් සංඝයා වහන්සේ සියක් නමකට පමණ නේවාසික පහසුකම් සැපයෙන සිව් මහල් සංඝාවාස ගොඩනැඟිල්ල.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]