UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2016

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2016 ජූලි 08,09,10 යන දිනවලදී බලපිටිය ,වැලිතර මහා කප්පින සීමාමාලකය විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේදී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු සංඝයා වෙත දැනුම් දෙනු ලැබේ.

ඉතිරිය»

2016 මහර කඩවත වෙසක් කලාප උත්සවය

මහර කඩවත වෙසක් කලාපය වැඩසටහන මෙවර උත්සවය 2016 මැයි මස 21,22,23,24 යන දිනවල පස්වරු 6.00 සිට පසුදින අලුයම දක්වා දිනපතා පැවැත්වේ. මේ සඳහා ජනාධිපතිතුමා ,අග්‍රාමාත්‍යතුමා, කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහභාගිවීමට නියමිතය.

ඉතිරිය»

 

රුවන්වැලි මහ සෑයේ සුදුපිරියම් කිරීම ඇරැඹේ

අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරි ස්‍යාමෝපාලි මහානිකායේ , මල්වතු මහා විහාර පාර්ශ්වයේ, නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මත අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩසිටින සලපතළ මළුවේ පැරණි ශ්‍රී විභූතිය යළි ඔප්නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙද්දී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වාර්ෂිකව කෙරෙන සුදුපිරියම් කිරීමේ කටයුතු ද ලබන පොසොන් පොහොයට ප්‍රථම කඩිනමින් නිමකර දීමට මහජන බැංකුව පියවර ගෙන ඇත.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

ඇසුරට ලැබෙන මිතුරන් දෙදෙනෙකි

අද බක් අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ තුන්වන ගාථා රත්නයයි. එහි සරල අදහස සිත, කය , වචනය, යන තුන්දොරින් දුසිරිතෙහි යෙදුන පවිටු මිතුරන් ඇසුරු නොකරන්න, ගුණක්, බණක් නොතකන අධමයන් ඇසුරු නොකරන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. උතුම් පුරුෂයන් ඇසුරු කරන්න. ඡන්න ඇමැති සිදුහත් කුමරුගේ හිත කැමති සේවකයෙකි. සිදුහත් කුමරු සතර පෙර නිමිති දකින්නේද ඡන්න ඇමති ද සමඟ උයන් කෙළියට යන අතරමඟදීය. රජමැදුරේ කිසිවෙකුටත් නොකියා මහා අභිනිෂ්ක්‍රමණය කරන මහ බෝසතුන් සමඟ ගමනට සම්බන්ධවන්නේද තම හිතවත් සේවක ඡන්න සමඟින්ය. ඒ සිදුහත් බෝසතාණන්ගේ වයසින් විසි නම වන වර්ෂයේය.

ඉතිරිය»

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

බෞද්ධ අධ්‍යාපනයක් කොහෙත් ම නැතැයි කිවයුතු තරමට එය පිරිහි පවතිද්දී වැලිවිට සිරි සරණංකර සංඝරාජ මා හිමියන් නිසා (18 වෙනි සිය වසේ මැද භාගයේ දී) නියම කන්දෙන්’ ගලා ආ අධ්‍යාපන ප්‍රණාලිය අවුරුදු 150ක් පමණ කාලයක් තිස්සේ යන්තමින් නොසිඳි පැවත ආයේය. කරතොට හා වලානේ මහ තෙරවරුන්ගෙන් තරමක් වේගවත් වුණු ඒ දම්සත් දියදහර මාලිගාකන්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාතටාකයට වැටී ලොව පුරා ඉතිරී පැතිරී ගියේය.

ඉතිරිය»

 

සිතුවම - කවිඳු නීරාන් විදානපතිරණ

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]