UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

බෞද්ධ අධ්‍යාපනයක් කොහෙත් ම නැතැයි කිවයුතු තරමට එය පිරිහි පවතිද්දී වැලිවිට සිරි සරණංකර සංඝරාජ මා හිමියන් නිසා (18 වෙනි සිය වසේ මැද භාගයේ දී) නියම කන්දෙන්’ ගලා ආ අධ්‍යාපන ප්‍රණාලිය අවුරුදු 150ක් පමණ කාලයක් තිස්සේ යන්තමින් නොසිඳි පැවත ආයේය. කරතොට හා වලානේ මහ තෙරවරුන්ගෙන් තරමක් වේගවත් වුණු ඒ දම්සත් දියදහර මාලිගාකන්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාතටාකයට වැටී ලොව පුරා ඉතිරී පැතිරී ගියේය. රට පාලනය සම්පූර්ණයෙන් ම (1815) ඉංග්‍රීසින් භාර ගත් පසු ලංකා ජාතික අධ්‍යාපනය ඔවුන්ට ඕනෑ හැටියට සකස් කර ගත්තා පමණක් නොව, අධ්‍යාපන මාර්ගයෙන් රට වැසියා ඔවුන්ගේ ආගමට හරවා ගැනීම ද ඉතා සාර්ථක ලෙස කරගත්තෝය. මෙසේ ක්‍රිස්තියානි මිෂනාරීන් නගරවල මෙන් ම ගම්බදව ද පාසල් තබමින් බාලපරම්පරාව කිතුසමයට හරවා ගන්නවා දුටු ජාති හිතෛෂි උදාර සිංහල බෞද්ධයෝ පන්සල් අධ්‍යාපනය දියුණු කරන්ටත්, පාසල් පිහිටුවන්ටත් කල්පනා කළහ. එහෙත් ඊට රජයෙන් කිසිම අනුබලයක් නොලැබුණු අතර, තමන් ආර්ථික තත්ත්වයෙන් පිරිහී සිටීම නිසා ඒ උදාර අදහස සාර්ථක කරලීම ඉතා දුෂ්කර කාර්යයක් විය. කෙසේ වෙතත් භික්ෂූන්ගේ සහයෝගය නිසා ඔවුන්ගේ උත්සාහය අඩපණ නොවීය.

ඉතිරිය»

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]