UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මශාලා මන්දිරය විවෘත කිරීම හා ගුණානුස්මරණ පින්කම් මාලාවක්

පොතුහැර, මහපිටිය, දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරය අප්‍රේල් 02 වන දින පස්වරුවේදී පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ හා පැවිදි හා ගිහි මැති ඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිත අතර පස්වරු 3.00 ට විශේෂ උත්සව සභාවක් පවත්වා ඉන් අනතුරුව එදින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්...

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

රත්නපුර හිදැල්ලන වීරගොඩ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා ( 22 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත්තේ ය. අනතුරුව අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණයට එක්විය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, ඇමැතිනි තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහත්ම මහත්මීන් ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද එම අවස්ථාවට එක් විය.

ඉතිරිය»

මුනි සිරිපා වන්දනාවෙන්...

“මුනි සිරිපා වන්දනා 2016” ආගමික වැඩසටහන් රත්නපුර පොත්ගුල් හා පැල්මඩුල්ල රජමහා විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී පාදස්ථානයේදී මැදින් පෝදා පැවැත්විණි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 34 වන සංවත්සරයද නිමිත්තෙන් පැවැති එම පින්කම ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා සහ පැල්මඩුල්ල රාජ මහා විහාර ආරක්ෂක සභාවේ සභාපති සුනිල් ශාන්ත වීරසේකර නිලමේතුමා ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පව් කරන්නා දෙලොවදීම තැවේ

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාම මහා විහාරයෙහි වැඩවසන සමයෙහි පාපකාරී චුන්දසූකරික නම් ඌරුවැද්දා අරභයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙම ඌරුවැද්දාගේ අඹුදරුවන් සමඟ ගෙනගිය ජීවන රටාව ඉතා සාහසිකය, අප්‍රසන්නය. ලොකු කුඩා ඌරන් පෝෂණය කරමින් කොටුකර ඌරන් මැරීම, මස් විකිණීම, උයාපිහා අනුභව කිරීම දෛනිකව කරගෙන යන්නේ ය. ඌරෙකු මරණයට පෙර කණුවක බැඳ තබා මස් ඉදිමීම සඳහා සතරැස් දණ්ඩකින් තලාපෙලා තද උණුදිය මුඛයට වක් කරන්නේ ය.

ඉතිරිය»

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-8

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදන කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.1987 වසරේ මැයි දිනය තහනම් කිරීමෙන් වුවද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගමන නවතාලිය නොහැකි විය.

ඉතිරිය»

රාහුල කුමරු දායාද ඉල්ලීම.
සිතුවම - සරත් නන්දකුමාර

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]