UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

පව් කරන්නා දෙලොවදීම තැවේ

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාම මහා විහාරයෙහි වැඩවසන සමයෙහි පාපකාරී චුන්දසූකරික නම් ඌරුවැද්දා අරභයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙම ඌරුවැද්දාගේ අඹුදරුවන් සමඟ ගෙනගිය ජීවන රටාව ඉතා සාහසිකය, අප්‍රසන්නය. ලොකු කුඩා ඌරන් පෝෂණය කරමින් කොටුකර ඌරන් මැරීම, මස් විකිණීම, උයාපිහා අනුභව කිරීම දෛනිකව කරගෙන යන්නේ ය. ඌරෙකු මරණයට පෙර කණුවක බැඳ තබා මස් ඉදිමීම සඳහා සතරැස් දණ්ඩකින් තලාපෙලා තද උණුදිය මුඛයට වක් කරන්නේ ය. මෙසේ තද වේදනා දී මරා මස් කපා විකුණාගත් මුදලින් අඹුදරුවන් කවා පොවා දෛනික ජීවිතය පවත්වාගෙන යන්නේ පව්පින් පිළිබඳ කිසිම තැකීමක් නැතිවය. ප්‍රාණඝාත පාප කර්මයේ ප්‍රතිවිපාක අතිභයංකරය. එහි ප්‍රතිවිපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ආත්මයේදීම විපාක ලබන්නේ ය. මෙම චුන්ද සූකරයා පනස් පස් වසරක් පුරාවට ප්‍රාණඝාත අකුසලයෙහි නියැළී එක මොහොතක හෝ පින් සිතිවිල්ලක් සිතට අරමුණු කරගන්නට තරම් අල්පමාත්‍රයකුදු නොවූයේ ඔහුගේ අවාසනාවටය.

ඉතිරිය»

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]