UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රටවැසි සැමටත් විගණකාධිපති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් සෙත්පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ට මහා කප්රුක් පූජාවක් ඔක්තෝබර් 5 වන සෙනසුරාදා පැවැත්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

මියෙන්මාර් රාජ්‍යයෙන් ‘අග්ග මහා පණ්ඩිත’ උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උපහාර ලබන ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියාවේ සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී

ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති, ත්‍රිපිටක විශාරද ධර්මකීර්ති ශ්‍රී, සද්ධර්ම ශිරෝමනී ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මියෙන්මාර් (බුරුම) රාජ්‍යයෙන් “අග්ග මහා පණ්ඩිත” ගෞරව උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිරිනැමීම හා ආශීර්වාද කිරීමේ පුණ්‍යොත්සවය ඔක්තෝබර් 02 වන දා පස්වරු 4ට පාමංකඩ ශ්‍රී මහා විහාරයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම කරවීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අනාථ නොවී ජීවත්වීමට බුදුදහමෙන් පාඩමක්

ලෞකික මනුෂ්‍ය ජීවිතය නිරායාසයෙන්ම කාම වස්තුන් ලබා ගැනීමට නැඹුරුව පවතිනවා. පංච කාම සම්පත් ලැබීමට නිතර වෙහෙසෙනවා. ලෝභය පදනම් කරගත් කාමය ලෞකික ලෝකය ම පාලනය කරනවා. යමක සිත් අලවන ස්වභාව පිහිටා නැත්නම් එය සරාගී කර ගැනීමට උත්සාහ දැරීම මිනිසාගේ ස්වභාව යි. මේ නිසා අපි‍්‍රය දේ වසා දමා පි‍්‍රය උපදවන ලෙස සකස් කර ගන්නවා. සිරුරෙහි දුගඳ සුගන්ධාලේපයන්ගෙන් වසා ගන්නවා. ශාරීරික අවලක්‍ෂණ වර්ණාලේපවලින්, ඇඳුම් පැළැඳුම්වලින් මකා ගන්නවා. මුහුණෙහි වැඩෙන රැවුළ නොයෙක් ලෙස කපා හැඩ වැඩ කරනවා. නියපොතු, සායම් කොට පළුදු වසනවා. ඇහි බැම පින්තාරු කරනවා. සුදු කෙස් කළු කරනවා. මේ සරාගීත්වයේ ස්වභාවයි. කාමභෝගී ජීවිත ගතකරන්නවුන්ට එසේ කර ගැනීමට තහනමක් ද නැහැ.

ඉතිරිය»

පුහුවල ගංගාතිලක මහා විහාරය

ල්වතු පාර්ශ්වයේ වීදියගොඩ සඟ පරපුරට අයත් පුහුවල ගංගාතිලක මහා විහාරයට 2013 සැප්තැම්බර් මාසයට පුරා වසර 190 ක් සපිරේ. ඓතිහාසික රයිගම්පුරවරයේ සාම්ප්‍රදායික ලක්‍ෂණවලින් හෙබි පුහුවලගම කේන්ද්‍රකර ගනිමින් මෙම විහාරස්ථානය ගොඩනැගෙන සමයේ හොරණ මුණගම සිට පාදුක්කේ මලගල දක්වා එක ද විහාරස්ථානයකින්වත් නොතිබුණු වග පාරම්පරිකව පැවත එන තොරතුරුවලින් පසක් වේ. මුල්ම අවධියේ මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත්තේ වත්මන් විහාරස්ථානයට නුදුරු බිම් පෙදෙසක බව අනාවරණය වේ.

ඉතිරිය»

අටාල කුරුණෑගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඡායා - ජනක වෙත්තසිංහ

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]