UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රටවැසි සැමටත් විගණකාධිපති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් සෙත්පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ට මහා කප්රුක් පූජාවක් ඔක්තෝබර් 5 වන සෙනසුරාදා පැවැත්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් 5 වන සෙනසුරාදා සවස 4.30 ට ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිට මෙම කප්රුක් පූජාව හේවිසි සහිත පෙරහරකින් වැඩම කරවා සුවඳ මලින් සෑ රදුන් පුදා අෂ්ඨපරිෂ්කාර පූජා පවත්වා ඉනික්බිතිව රුවන්වැලි සෑ වර්ණනා දෙසුමක් ද, විශේෂ බෝධි පූජාවක් ද, භාවනා වැඩසටහනක් හා දහම් දෙසුමක් රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. රුවන්වැලි සෑ පුදබිම් නිර්මාණය කළ දුටුගැමුණු මහා රජතුමන්ටත්, ස්වර්ණමාලි දෙවඟනටත්, විහාර මහා දේවිය හා සද්ධාතිස්ස මහාරජතුමන් ඇතුළු එම උතුමන්ලාට පින්දීමත් පින්කමේ අරමුණකි.

එසේම එම අවස්ථාවේ දී ප්‍රදේශයේ විහාරස්ථාන 10 කට අත්‍යවශ්‍ය වූ භාණ්ඩ පිරිනැමීමක් සමඟින් පාසල් දරුවන්ට පොත් පිරිනැමීමක් හා සිල් රෙදි පිළිගැන්වීමටද විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් 06 වන දින පෙරවරු 6.30 ට ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිදෙන කිරිපිඬු බුද්ධ පූජාව හා මෙදිනම දවල් 10.30 ට ථූපාරාම චෛත්‍යරාජයාණන් අභියසදී පවත්වන බුද්ධ පූජාවක් ද වැඩසටහනට ඇතුළත් ය.

රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේගේ හා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්වෙන පින්කම මෙහෙයවනු ලබන්නේ කලුබෝවිල සමාධිචිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමියන් විසිනි. විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර මහතාගේ මෙහෙයවීම යටතේ එම පින්කම් මාලාව පැවැත්වේ.

මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් බුදුසරණ, ජාතික රූපවාහිනිය හා නෙත් එෆ්.එම් ය.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]