UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භගවා සම්බුදු ගුණය භාවනාවට සෝ භගවා ඉතිපි බුද්ධෝ

භගවා සම්බුදු ගුණය භාවනාවට

සෝ භගවා ඉතිපි බුද්ධෝ

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ ද භගවා නම් වන සේක

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත බැවින්ද භගවා නම් වන සේක

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ස්කන්ධ මාර, මච්චු, මාර, ක්ලේෂ මාර,අහිසංකාර මාර, දේවපුත්‍ර මාර යන පඤ්ච මාරයන් බිඳ දැමූ බැවින් ද භගවා නම් වන සේක.

4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්නාගත බැවින්ද (ආශ්චර්ය ධර්ම, යස, ශ්‍රී කාම, ප්‍රයත්න) භගවා නම් වන සේක

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ධර්මයන් ස්කන්ධ ආයතන ,ධාතු, පටිච්ච සමුත්පාද ප්‍රත්‍ය ධර්මයන්ට බෙදා වදාළ බැවින් ද භගවා නම් වන සේක.

6. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සේවනය කළ යුතු වූ ධ්‍යාන , සමාධි, සමාපත්ති, විපස්සනා මාර්ග, ඵල යන උත්තරී මනුස්ස ධර්මයන් සේවනය කළ බැවින් ද භගවා නම් වන සේක

7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සසර ගමනට හේතු වූ තෘෂ්ණාව වමාරා ශාන්ත නිවනට සැපවත් වූ බැවින්ද භගවා නම් වන සේක.

8. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාවිත ආත්ම ඇති බැවින්ද භගවා නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චීවර නම් වූ ප්‍රත්‍ය ලාභී බැවින්ද භගවා නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිණ්ඩපාත නම් වූ ප්‍රත්‍යලාභී බැවින්ද භගවා නම් වන සේක.

11. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සේනාසන නම් වූ ප්‍රත්‍යලාභී බැවින් ද භගවා නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ගිලාන ප්‍රත්‍ය නම් වූ ප්‍රත්‍යලාභී බැවින් ද භගවා නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්ථ,ධර්ම, විමුක්ති රස ලාභී බැවින්ද භගවා නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා ලාභී බැවින් ද භගවා නම් සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රථම ධ්‍යානය , දුතීය ධ්‍යානය, තතීය ධ්‍යාන ලාභී බැවින් ද භගවා නම් වන සේක.

16. ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ලාභ බැවින්ද භගවා නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූප සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අෂ්ඨ විමෝක්ෂ ධ්‍යාන සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අෂ්ට අභීභායතන ධ්‍යාන සමාපත්තිලාභී බැවින් ද භගවා නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ නවයක් වූ අනුපූර්ව විහාර සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක,(රූපාවචර ධ්‍යාන 4යි. අරූපාවචර ධ්‍යාන 4 යි නිර්වාණයයි)

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිච්ච සඤ්ඤා භාවනාලාභී බැවින්ද භගවා නම් වන සේක.

22. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනත්ත සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසුභ සඤ්ඤා භාවනාලාභී බැවින්ද භගවා නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආදීනව සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පහාන සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරාග සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සඤ්ඤා භාවනාලාභී බැවින්ද භගවා නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ සබ්බලෝකේ අනභිරත සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ සබ්බ සංඛාරේසු අනිච්ච සඤ්ඤා භාවනාලාභී බැවින් ද භගවා නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආනාපාන සති භාවනා ලාභී බැවින්ද භගවා නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඨවි කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආපෝ කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේජෝ කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වායෝ කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නීල කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පීත කසිණ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝහිත කසිණ සමාපත්තිලාභී බැවින්ද භගවා නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕදාත කසිණ සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකාස කසිණ සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආලෝක කසිණ සමාපත්තිලාභී බැවින් ද භගවා නම් වන සේක.

41. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසුභ සමාපත්ති ලාභී බැවින්ද භගවා නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර සතිපට්ඨාන (කය, වේදනා, චිත්තා,ධම්ම) ලාභී බැවින්ද භගවා නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර සම්‍යක් ප්‍රධාන වීය්‍යලාභී බැවින් ද භගවා නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර ඉධිපාදලාභී බැවින්ද භගවා නම් වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච ඉන්ද්‍රිය (චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය) ලාභී බැවින් ද භගවා නම් වන සේක.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච බල ධර්ම (සද්ධා, වීය්‍ය, සති, සමාධි, ප්‍රඥාලාභී බැවින් ද භගවා නම් වන සේක

47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත බොජ්ඣංග (සති, ධර්‍මවිචය, විරිය, පීති,පස්සද්ධි, සමාධි, උපේක්ඛා) ලාභී භැවින් ද භගවා නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා දිට්ඨිලාභී බැවින් ද භගවා නම් වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සංකප්පලාභී බැවින් ද භගවා නම් වන සේක.

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ සම්මා වාචා ලාභී බැවින් ද භගවා නම් වන සේක.

51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා කම්මන්ත ලාභී බැවින්ද භගවා නම්වන සේක.

52. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන් සේ සම්මා ආජීව ලාභී බැවින් ද භගවා නම් වන සේක

53. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා වායාම ලාභී බැවින් ද භගවා නම් වන සේක.

54. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සති ලාභී බැවින් ද භගවා නම් වන සේක.

55. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සමාධි ලාභී බැවින් ද භගවා නම් වන සේක.

56. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දසබල ඤාණලාභී බැවින් ද භගවා නම් වනසේත.

57. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්ම විපාක ඤාණ ලාභී බැවින්ද භගවා නම් වන සේක.

58. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ සබ්බත්ථ ගාමිණී පටිපදා ඤාණලාභ බැවින්ද භගවා නම් වන සේක.

59. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝක ධාතු ඤාණලාභී බැවින්ද භගවා නම් වන සේක.

60. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නානාධිමුත්තිකතා ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

61. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]