| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 කඩිගමුව ශ්‍රී 
										පුෂ්පාරාමාධිපති කඩිගමුවේ ධම්මරතන 
										හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක 
										සභාවේ හා ප්‍රදේශවාසීන්ගේද ආධාර ඇතිව 
										විහාරස්ථාන භූමියේ ස්ථාපිත කරන ලද ශෛලමය 
										බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම 
										ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ 
										මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල 
										බුද්ධරක්ඛිත මහා නාහිමියන් අතින් පසුගියදා 
										සිදුකැරිණි. එහිදී මහනාහිමියන් උත්සව 
										භූමිය වෙත වැඩම කළ අයුරු ඡායාරූපයෙන් 
										දැක්වේ. වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක 
										අනුරාධපුර භික්ෂු අභ්‍යාස විශ්වවිද්‍යාලයේ 
										උප කුලපති තුඹුල්ලේ සීලක්ඛන්ධ, සත්කෝරළ 
										මහා දිසාවේ ද්විතීය සංඝ නායක මලගනේ 
										අත්ථදස්සී, පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන 
										සංඝනායක කුඹල්වල පියතිස්ස යන නාහිමිවරුද 
										එම අවස්ථාවට සහභාගි වූහ. 
										ඡායාරූපය - වෝල්ටර් කුමාරසිංහ , බිංගිරිය 
										විශේෂ වාර්තාකරු  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අටවිසි බුද්ධ වන්දනාව
			රුවන්වැලි මහ සෑ රදුන් අබියස 27 දා
						
			 
			ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක ත්‍රිපිටකධරාචාර්ය, මහා 
			කර්මස්ථානාචාර්ය නා උයනේ අරියධම්ම නා හිමියන් ගේ මූලිකත්වයෙන් 
			ස්වර්ණමාලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු පූජනීය 
			මහා සංඝ රත්නයේ පුර්ණ ආශිර්වාදය හා අනුශාසනා පරිදි මෙම මස 27 වන දින 
			සුවිශේෂ පුණ්‍යකර්මයක් පැවැත්වීමට අරියමග්ග සංවිධානය කටයුතු කර ඇත. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |