බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කොස්වත්තේ සරණංකර හිමියෝ සංඝ නායක පදවි ලබති
			
			 
			දංකොටුව, හුන්දිරාපොල ශ්‍රී ධර්මරාජාරාමාධිපති කිරිමැටියාන 
			විද්‍යාබන්ධු මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ත්‍රිපිටකවේදී 
			ශාස්ත්‍රපති, කර්මාචාර්ය කොස්වත්තේ , සරණංකර හිමියන් වෙත මහනුවර උපෝෂථ 
			පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර 
			පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ 
			සභාව මගින් ධර්මකීර්ති ශ්‍රී සුවණ්ණජෝති යන ගෞරව නාමය සහිතව දකුණු 
			පිටිගල් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී 
			සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ජුනි 20 සෙනසුරාදා සවස 3.00 ට 
			මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී සිදු කැරුණු අතර අභිනව 
			නාහිමියන් පිළිගැනීමේ උත්සවය 21 දින හුන්දිරාපොල ශ්‍රී ධර්මරාජාරාමයේ 
			දී සිදු කැරිණි.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |