UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය 13 දා මාතලේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය මෙම 13 දින මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. එම සංගමයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ සහ එහි ගිහි ජාත්‍යන්තරයේ සභාපති නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සංවිධායකත්වයෙන් එම සම්මේලනය පැවැත්වේ.

ඉතිරිය»

බුදු දහම හෙළ බසින් තැබූ හෙළටුවා

 

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවාසීනට ගැඹුරු දහම් කොටස් දීප භාෂාවෙන් දේශනා කළ බව (ධම්මං භාසිත්වා දීප භාසාය – මහාවංශය, 14 පරිච්ඡේද 65 ගාථාව) සඳහන් වෙයි. මේ දීප භාෂාව සිංහල භාෂාවයි. එවකට සිංහලය සංවර්ධිත භාෂාවක් බව පාලි අර්ථකථා සියබසින් පරිවර්තනය කිරීමේ හැකියාවෙන්ම පෙනී යයි. මහින්දාගමනය හා එහි ප්‍රතිඵල මත ලංකාවාසීන් කෙරෙහි මහත් ප්‍රබෝධයක් ඇති විය.සිංහල භික්‍ෂූන් බුද්ධිමතුන් බවට පත්වෙමින් කෙටි කලකින්ම සිංහල භාෂාවෙන් පාලි පොත් හා පාලි අටුවා සියබසට පෙරලීම ගැන නොයෙක් තැන කරුණු දක්වයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසලයට නැඹුරු වීම

යො පාණමතිපාතෙති – මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති – පරදාරං ච ගච්ඡති
(ධම්ම පදය – මල වග්ගය)
 

පින්වත්නි,

යහපත් ජීවිතයකට අත්‍යන්තයෙන් ම අවශ්‍ය වන්නේ කුසල් සිතක් පහළ කර ගැනීමයි. මෙය සමහරවිට අසීරුවන්නට පුළුවන. එහෙත් සිත ඒකාග්‍රතාවකට නැඹුරු කරන්නේ නම් එය එතරම් අසීරු කරුණක් නම් නොවේ. ජීවිතය වඩාත් ප්‍රපාතයට ඇදගෙන යාමට ඉවහල් වන්නේ සොරකම් කිරීම සතුන් මැරීම පරදාර සේවනයේ යෙදීම හා බොරු කීමයි. මේ නරක සිවු මාර්ගයෙන් පුද්ගලයා වැළැකිය යුතු ය. සත්ව ඝාතනය අතිශය පිළිකුලට භාජනය වන්නකි. දැනුවත්ව පණ ඇති සතකු මරන්නේ කෙසේ ද හරකුන්, කුකුළන් වැනි ප්‍රාණඝාත දිනකට කොපමණ සිදුවනවා ද එම සතුන් මරන්නේ මිනිසා එම මස් අනුභව කරන බැවිනි.

ඉතිරිය»

බෝසත් දම්පල් හරසර වන්දනා

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඒ සත් සේවාවන් යළිදු සිහිපත් කොට නැවත ඒ මහා යුග මෙහෙවර පණ ගැන්වීමත්, බෞද්ධකම හා යහපත් ගුණගරුක සමාජයක් වෙත මග පෙන්වීමත් අරමුණු කරගෙන දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් පැවැත්වෙන බව, “දැහැමි පුබුදුව“ කියයි.

ඉතිරිය»

වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීම පිණිස දකුණු ප්‍රදේශයට වැඩමවාගෙන යන ගමනේ දී දින කිහිපයක් සඟවා තැබූ ආරක්‍ෂක ස්ථානයක් ලෙස ප්‍රකට තල්පිටිය දළදාවත්තේ, දළදාවත්ත මහා විහාරය ඉදිකර ඇත්තේ දහ අට වන සියවසේ අග භාගයේ ය. මෙම විහාරස්ථානයේ මෑතකදී නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙහි දැක්වේ.

ඡායාරූපය – අමිල චන්ද්‍රසිරි

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]